Zotye Nomad

Bowman

Well-known member
  • Feb 18, 2022
    430
    1,135
    93
    Zotye 2008/5008, එහෙම නැතිනම් export මාර්කට් වල Zotye Nomad ලෙස හදුන්වන මෙම රථය ලංකාවේ දැන් ටිකක් ජනප්රිය වාහනයක්. Zotye කියන්නේ චීන රථවාහන නිෂ්පාදකයෙක් වන අතර මෙම රථය 2005–2016 වසර අතර නිෂ්පාදනය කර තිබෙනවා.

    මුලින්ම කියන්න ඕනේ මේක car එකක්. Mini SUV එකක් නෙවේ. නමුත් එසේ කියනවට බොහෝ අයිතිකරුවන් අකමැතියි.

    Nomad එක හදල තිබෙන්නේ Toyota Cami/Daihatsu Terios එක base කරගෙනයි.

    Nomad එකේ ground clearance ගොඩක් වැඩියි. සාමාන්යයෙන් Cab රථයක තිබෙන උසම තිබෙනවා. ජපන් කාර් වගේ යට වදින්නේ නැහැ.

    Nomad එක ලංකාවට ගෙන්වූයේ United Motors සමාගමයි. Nomad එකේ තියෙන්නේ Mitsubishi එන්ජින්. එන්ජින් බඩු කොම්පැනියේ හා එළියේ සාමාන්‍ය විදිහට තිබෙනවා.

    මෙහි මුලිකවම Nomad 1 හා Nomad 2 ලෙස generation දෙකක් තිබෙනවා.


    Nomad 1

    Premier_Rio_2012_%28cropped%29.JPG

    (ඉන්දියාවේ මෙම වාහනය Premier RiO ලෙස හැදින්වෙනවා)

    Nomad 1 යනු මුල් අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.3L 4G13 එන්ජිමක් එන්නේ.

    අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් Nomad 1 ඒකේ දෙකක් තියෙනවා එකක් Made in China direct මෙහෙට ගෙන්වපුවා. අනික (Nomad 1 Extrem) - Assembled in Sri Lanka. දෙක අතර වෙනස්කම් තියෙන්නේ ඉදිරිපස හා පසුපස බෆර් වල, Alloy Wheels වල, Etc.

    1 එකේ ඉදිරිපස කොටු හෙඩ්ලයිට් එන්නේ. පරණ ජපන් car එකක වගේ radiator grille එකක් තියෙන්නේ. ඉස්සරහ බෆර් Unpainted අළු පාට එන්නේ. බෆර් එකට කොටු signal lamps දීලා තියෙනවා.
    මේක fully loaded නෙමේ. Door winder type windows එන්නේ. beige colour interior එන්නේ නැහැ.
    ටයර් සයිස් එක එන්නේ 195 ගානක්. මේකට Nomad 2 එකේ සයිස් එක, එනම් 205 දාන අය හිටියත් එතකොට තෙල් කරන ප්‍රමාණය අඩුයි. Factory fitted alloy wheels එන්නේ.
    තව Nomad එක, පිටුපස එක reverse lamp එකක් සහිත design එකකින් යුක්තවයි එන්නේ.

    Nomad 1 එකට ආවේණික ගැටළු තමයි meter board එකේ issues එන්න පුළුවන්. හැබැයි සමහර ඒවගේ නැහැ. සමහර එවල එන්න පුළුවන්.
    තව පිටිපස්සේ swing arm bush ඉක්මනට යනවා.
    තව clutch පොම්පේ ඉක්මනට යනවා.

    Nomad 1 එකට Cami/Terios එකේ ගොඩක් body parts හරියනවා.
    නමුත් සමහර ඒවා හරියන්නේ නැහැ, උදාහරණ - පිටුපස වීදුරුව. ජපන් එකක් දාන්න පුළුවන් නමුත් හරියටම align වෙන්නේ නැති නිසා edges මුළු වලින් කටවල් එලියට එනවා සහ වීදුරුවේ මැදින් දාරය පිම්බෙනවා. එවිට ඒ වගේ ස්ථාන කොහේ හෝ වැදුනොත් වීදුරුව කැඩී යාමට ඉඩ තිබෙනවා හා වහිනකොට වතුර ඇතුලට බහින්න පුළුවන්. Accident වෙච්ච ඒවා මේ වගේ දේවල් වලින් හොයන්න ලේසියි.

    තෙල් City 13-15 අතර කරනවා.

    Nomad 1 හොද condition එකක් දැන් මිළ 30 විතර වෙනවා.


    Nomad 2

    Zotye_5008_China_2012-04-14.JPG


    Nomad 2 යනු පසු අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.5L 4G15 එන්ජිමක් එන්නේ.

    1 එකට වඩා 2 එකේ Appearance වෙනස්. ඉස්සරහ මුණ වෙනස්. ලස්සනයි. රවුම් හෙඩ්ලයිට් එන්නේ. Z ලෝගෝ එක ගහපු දෙකට බෙදිච්ච radiator grill එකක් තියෙන්නේ. බෆර් වෙනස් Lip එකක් එහෙම තියෙන Painted බෆර් එන්නේ. රවුම් ෆොග් lamps තියෙන්නේ. Body Kit එනවා.
    2 එක fully loaded එන්නේ. Power windows එහෙම තියෙනවා අමුතු ස්විච් එකක් එක්ක. Winker side mirrors එනවා. beige colour interior එන්නේ.
    ටයර් size එන්නේ 205/70/15. 1 එකට වඩා 2 එකේ alloy wheels පොඩ්ඩක් වෙනස්.

    Chassis එහෙම එක උනාට, මුණ වෙනස් හින්දා, 1 එකට වඩා 2 එක ඉස්සරහින් පාත වැඩියි. මේ නිසා 1 එකට හරියන underbody steering guard වගේ ඒවා 2 එකට හරියන්නේ නෑ.

    Nomad 2 එකට Cami එකේ body parts හරියන්නේ නැත.

    තෙල් සාමාන්‍යයෙන් City 12ක් කරනවා.

    Nomad 2 හොද condition එකක් දැන් මිළ 34 විතර වෙනවා.


    Nomad 1/2 ඔරිජිනල් ආවේ manual. නමුත් ලංකාවේ auto තියෙනවා. ඇහුවම ගොඩක් අය කියන්නේ direct auto ගෙන්නුවා කියල උනත් ඒවා මෙහේ convert කරපු ඒවා කියල තමයි කියන්නේ. හැබයි convert කරා කියල කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැල්ලු වාහනේ හොදයිලු හොදට දුවන්න පුළුවන්ලු. තව 4WD conversion කරපු 4ක් 5ක් විතර මෙහෙ තියෙනව කියල අහල තියෙනව. .

    Nomad owner කෙනෙක් ගේ experience එක මට නැහැ. හැබැයි Nomad එක මම එළවලා තිබෙනවා හා repairs කර තිබෙනවා. ඒවා සහ අයිතිකරුවන් එක්ක කතා බහ කරපු දේ වලට අනුව වාහනය නම් හොදයි. 5 දෙනෙක් එක්ක AC දාලා සතුටුදායක විදිහට කදු අදිනවා. AC එක හොදයි, නමුත් පසුපස ආසනවලට ජපන් තරම් නැහැ. වාහනේ අලුත් නිසා repairs හා maintenance අඩුයි. සාමාන්ය මද්යම පාන්තික පවුලකට ප්රවාහන අවශ්යතා සපුරගන්න ගන්න පාවිච්චියට හොදයි. ගන්නකොට ගොඩක් අඩුවෙන් දුවපු වාහනයක් set උනා නම් repairs අඩුයි. Body parts ජපන් වගේ හැම තැනම හැම පළාතේම නෑ, පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ හොයාගන්න. Interior build quality ජපන් වහනේකට වඩා අඩුයි, හැබැයි ඉන්දියන් වාහනේකට වඩා හොදයි. Door boards එහෙම සවුත්තු වෙනවා ඉක්මනින්. Upholstery panel එක රෙද්දක් එන්නේ ඉක්මනට ගැලවෙනවා. Seat එහෙම ඉක්මනට wrinkle වෙනවා, Beige colour නම් ටක්ගාලා පේනවා. සාමානයෙන් ජපන් වහනයක් ලක්ෂ 2-3 දුවන කොට interior වගේ මේවල ලක්ෂ 1න්. Wear and tear වැඩියි. ඔය වගේ ඒවා තමයි. මම පුද්ගලිකව චීන වාහන වලට කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අසන්නට හා දකින්නට ලැබී ඇති කරුණු අනුව ගෙදරකට පාවිච්චියට ගන්න වාහනේ හොදයි.

    Nomad එක compare කරන්න ඕනේ Toyota Cami/Daihatsu Terios J100 (Daihatsu Terios Kid නෙවේ-මේක 660 turbo පොඩි වාහනයක් Kei car එකක්), Toyota RAV4 වගේ වාහනත් එක්කයි. මේ වාහන සසදලා බැලුවොත්,

    RAV4 පාවිච්චියට නම් හොද වාහනේ. හැබැයි තෙල් කරනවා අඩුයි, 2L 3S එන්ජිම එන්නේ, තෙල් 6ක් විතර කරන්නේ. අනික දැන් දුවලත් වැඩියි. RAV4 ගන්නකොට differential බලන්න ඕනේ, ඩක් ඩුක් ගාල සද්ද එනවනම් differential තමා, මේවල differential ඉක්මනට කැඩෙනවා. RAV4 මිළත් වැඩියි. Nomad 2 english නොම්බර ගන්න ගානට RAV4 ගන්න තියෙන්නේ 300 නම්බර්. තනි පාවිච්චියට නම් RAV4 Manual එකක් හොදයි, 3S එන්ජීම ගලවලා 1.5L 5AFE එන්ජිමක් drivetrain හයි කර ගත්තනම් හරි කරදරයක් නැතුව දුවන්න පුළුවන්

    Cami සහ Terios දෙකම එකයි. වාහනේ හොදයි. පෙට්‍රල් 1.3L K3 එන්ජිම එන්නේ. Toyots Passo එකේ එන්නෙත් මේ එන්ජිම. Terios එක හොදයි. ගද්දි 4WD ගන්න එපා. ඇගට ගුණයි, කරදරයක් නෑ. තෙල් City 12-14 කරයි. Nomad එක හා Terios දෙක ගත්තොත් Terios එක හොදයි. ඒක නිසා තව ලක්ෂ තුනක් හතරක් දාල Terios එකකට යන්න පුළුවන් නම් යන්න.

    එහෙම අමාරු නම් Nomad එක තමයි ඉතුරු වෙන්නේ. මේ තුනෙන් Nomad එක තමා ගණන් අඩුම. ගන්නකොට ගෙදර පාවිච්චි කරපු අඩුවෙන් දුවපු first owner වාහනයක් හොයන්න. කරදරයක් නැතුව දුවාගන්න පුළුවන්.

    Nomad 1 හා 2 දෙක අතරින්, ගන්නවා නම් 2 එකකට යන්න. මොකද එකක් අනිකට වඩා අලුත්, දුවල තියෙන ප්‍රමාණය අඩුයි, සහ අනිකට වඩා demand. හැබැයි හොදට තියෙන වාහනයක් කෙනෙක් ලේසියට දෙන්නේ නම් නැහැ.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,775
    13,502
    113
    Dubai, UAE
    මමත් අදුරන කෙනෙක් ඉන්නවා ඕකක් 2014 විතර ඉඳන් බ්‍රෑන්ඩ් නිව් අරන් තාම හොඳට පාවිච්චි කරන කෙනෙක්. එයත් කියන්නේ අවුලක් නෑ කියලා තමයි. Wear and Tear නම් වැඩී තමයි. ඒවා දැක්ක ගමන් පේනවා. :yes:
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,601
    60,739
    113
    මාලඹේ
    ඕකේ Gear Box එකේ ඉඳන් රෝද වලට Power එක මාරු වෙන්නේ පොඩි චෙන් එකකින් එක කොහොමත් ඔරොත්තු දෙන්නේ නැහැ කාලෙන් කාලෙට ඕක දාන්න ඕනේ
    ෆේල් වාහනයක්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,952
    6,818
    113
    පට්ට පිකප්
    හැබැයි පස්සේ වාඩි වෙච්චි කකුල් උඩ තියෙන්නේ
    චයිනිස් ප්ලාස්ටික් නම් ජරාවක්
    ඩැෂ් බෝඩ් වල එහෙම පරණ ගතිය වැඩි