බබාට දැන් අවුරුද්දයි මාස 5යි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න බැලුවෙ දිගටම. කොත්මලේ, අබේවෙල , රිච්ලයිෆ් , හයිලන්ඩ් නම් ලන්කාවෙනෙ හදන්නෙ. එතකොට එලිපන්ට් හවුස් ෆ්‍රෙශ් මිල්ක් / ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් රටින්ද බන් එන්නෙ? මෙහෙ කිරි හරක් ගෙ කිරි නෙමේද පාවිච්චි කරන්නෙ?
යකඩෝ මව් කිරි තමයි දෙන්නෙ අම්මා ඉන්න හැම වෙලේම ඒත් වයිෆ් ඔෆිස් යනවා ඒ වෙලේට ෆෝමියුලා තමයි දුන්නෙ. වෙනසක් කරන්න හිතුවෙ දැන් අවුරුද්ද පැනලා නිසා
එළ කිරි, පිටි කිරි දෙන්න එපා. මට දෙමව්පියෝ දුන්නේ නැහැ. පුළුවන් හැමවෙලාවෙම මව්කිරි දෙන්න. අද කාලේ ගොඩක් අය අවුරුද්දකින් හෝ දෙකකින් විතර මව්කිරි දෙන එක නවත්වනවා, දැන් පොඩි නෑ ඒ නිසා පිටි කිරි, එළ කිරි දෙන්න ඕන කියනවා හෝ කොහොමහරි මව්කිරි දීම නවත්වනවා. ඇයි එහෙම කරන්නේ? ස්භාවිකව ගෑණු සතා හැදිලා ඉන්නේ දරුවෙක් ලැබුණම එරෙන කිරි ඉබේ නතර වෙනකම් දිගටම දෙන්න. කන බොන දේවල් වලට අමතරව සුවිශේෂ පෝෂණයක් ඒක. නොදී හිටියයි කියලා කාටහරි විකුණන්නද? අපරාදේ කාලයත් එක්ක ටිකෙන් ටික කිරි එරෙන එක අඩු වෙනවා. ළමයා නියම විදිහට වැඩෙන්න ලැබෙන්න තිබුණ පෝෂණය මඟහැරිලා යනවා.
මම ඉස්කෝලේ යන කාලෙත් අම්මගෙන් කිරි බිව්වා. ඉස්කෝලේ කොල්ලන්ට සද්දේ දාගෙන සෙට් එකක් හදාගෙන රැඟුවට ගෙදරට හෙන පොඩි එකෙක්. ඒ ගැන ඉතිං අම්මා තාත්තා විතරයි දන්නේ. දැන් හිතලා බලනකොට ඇත්තටම ළමයට ලැබෙන පෝෂණය විතරක් නෙවෙයි ඒ අම්මා එක්ක තියන සබඳතාවත් එක්ක දෙමාපියෝ විශේෂ යමක් නොකර අම්මාට ගොඩක් සමීප, දෙමාපියන්ට කීකරු, ලේසියෙන් අවනත වෙන ළමයෙක් හැදෙන්නත් හේතුවක්. මම තරුණ කාලෙත් ටිකක් එක විදිහක්, යාළුවො වැඩී මොන මඟුල කරත් අම්මා තාත්තා මැදිහත් වුණ හැටියේ කිල් සවිච් එක එබුව වගේ.
තිරිසන් සත්තුන්ගේ කිරි අපට ඕන නැහැ. ඊට අමතරව පිටි කිරි නම් කෙමිකල් දහ ජරාව. දැන් එළකිරි ජාන තාක්ෂණයෙන් හදපු සත්තුන්ගෙන්. ලෝකේ දියුණුයි ජාන තාක්ෂණයෙන් අපට ඕන දේවල් හදන්නේ කියලා උඩ පැන්නට ඔය සංස්කරණ / නිර්මාණ වල භයානක ප්‍රශ්න තියනවා සහ අද නොදන්නවා වුනාට ඇතැම් අන්තරාදායක දෝෂ ගැන දැනගන්නේ අවුරුදු 20-30, 50-60 ගත වුනාට පස්සේ. එතකොට පරම්පරාවකට, දෙකකට කෙළවෙලා ඉවරයි. අනෙක ජාන තාක්ෂණයෙන් හදලා බෙදාහරින සත්තු මොන අරමුණකින් හැදුවද, ඒ ක්‍රියාකාරකම් පිටුපස කවුරුහරි හෝ කිසියම් පාර්ශ්වයක් ඉන්නවද කියලා අපි දන්නවද? ඒ දන්නෙත් නැහැ. කවදාවත් දැනගන්නෙත් නැහැ.
Kanna kamathi na bn aurudu eka hamarak witara wena podi ewunta kawanna winidina duka hoyala balapanko. Un kama kate thiyanne na
අපිත් එහෙම තමයි බන් ෆීඩින් චෙයර් එකේ තියලා අතට දෙනවා මූ විසික් කරනවා ඔක්කොම. මුකුත් නොකා දවස් 2ක් උනත් ඉදී බන්
උඹටයි බිරිඳටයි 80-90 පැන්නම ඔයිට එහා. උඹලගේ ගති තමයි පොඩි එකාගෙන් පුංචි කාලෙදි පේන්නේ. ඒ නිසා හුරතල් කරලා ඉවසීමෙන් කවන්න. උඹලා නාකි වුනාම උඹලව හසුරුවන්න ඒ ළමයට ඔයිට වඩා මහන්සි වෙන්න වෙනවා.


එකම දේ හෝ එකම විදිහට කන්නත් කැමති නැහැනේ. පුළුවන් වෙලාවට කන බොන දේවල් වල විවිධත්වයක් කරන්න. කෘතිම වහ කෑම බීම නම් අනුමත කරන්නේ නැහැ.
කන බණේ මාතෘකාවම ළමයගේ ඔලුවට දාලා කවන්න අමාරුයි. මළ පනිනවා. සංසාරේ එපා වෙනවා, කෑම පිරිය නැතුව යනවා. එයාගේ අවධානය හිත සතුටු වෙන වෙනත් දේවල් වලට යොමු කරන ගමන් කවන්න ටිකක් පහසුයි. මොනවා වුනත් කෑම රහට තියෙන්ඩ ඕන.
අනෙක අම්මා තාත්තා ඉන්නේ ඇවිටිලි කරලා හුරතල් කරලා පිංසෙන්ඩු වෙලා කවන්න තමයි. ඒ මුකුත් නැතුව හැන්ද අතට දුන්නම තරහ යන්නේ නැද්ද? මාත් ඉස්සර කැව්වේ නැත්නම් මළාට කන්නේ නැහැ. 6-7 පන්ති වල ඉද්දිත් ගෙදර දී කවන්න ඕන. ඉස්කෝලෙ දි විතරයි හැන්දෙන් කන්නේ. පුංචි කාලෙදි නම් මුකුත් කිව්වේ නැහැ. ඒත් අවු. 10 දී විතර ඉඳන් තවම කවන්න ඕන කියලා සමහර වෙලාවට බනිනවා. මට මතක විදිහට දහය හෝ එකොළහ පන්තියේ දී විතර තමයි මම හැමදාම තනියෙන් කන්න ගත්තේ.
