සො ෆීල් ලයික් ශ්රීලංකන් මයින්ඩ් සෙටප් ඇන්ඩ් තිංකිං වොස් ලිමිටඩ් ඇන්ඩ් රෙස්ට්රික්ටඩ් බයි බුඩිසම්. ෆෝ එක්සාම්පල් ෆාමිං. මේක ගැන තව කියෙව්වොත් මටත් ජෙරමට වෙච්ච දේ වෙයි. ඒක නිසා නවත්තන්නං.
atta, apey karume , lada deyin sathutu wemu, jiwithe dukai gaga walalena concept eka awe oken tamai, eka apey ung gatte waradi widiyata.. thawa okata wamanshika deshapalaneth awama.. maru nikan kanna balan inne higannu tika
ඉන්දියා කියනෙනේ 80/90 ගණන් වල අපිට වඩා හැම අතින්ම නොදියුණු රටක්
දැන් උන් එකපරට දියුණු වෙලා තියෙන්නෙ උන් වෙන මොකක් හරි ආගමකට covert උනාද??
දැන් ඉන්දියන් උන් arguable more hindu extremists than the last decade
ඒක උන්ගේ දියුණුවට බාධාවක් වෙලා නැහැනේ.
ඉන්දියාවෙ hindusim open වෙන්නයි ලංකාවෙ buddhism ලිමිටඩ් ඇන්ඩ් රිස්ට්‍රික්ටඩ් වෙන්නයි උබ වෙන මොකක් හරි ග්‍රහලෝකයක් ගැන වෙන්නැති කතාවෙන්නේ.
මොක්ද මේ ප්‍රථිවිය ඇතුලෙ නම් එහෙම දෙයක් නැහැ.
දැන් උඹ කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරපු ගමන් ලංකාව ඉබේ දියුණු වෙයිද?
නැත්නම් මයින්ඩ් සෙට් එක වෙනස් වීම සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගේ අතට සල්ලි ආවමද??
අමතක කරන්න එපා ඉස්සර බුද්ධාගම කියන්නෙ වෙළඳකුල වල ආගම කියල
බුද්ධාගම ව්‍යාප්ත වෙලා තියෙන්නෙත් වෙළෙන්දන් හරහා
උදාහරණයක් විදිහට සේද මාවතේ ගොඩක් රටවල් බෞද්ධ රටවල් වුනා
බුද්දාගම කියන්නේ ගොවියන්ගෙවත් දුප්පත් මිනිස්සුන්ගෙවත් ආගමක් නෙමෙයි
බුදුහාමුදුරුවො ගාව මහන වුනේ ගොඩක් අය බ්‍රහ්මණයො, රාජ කුමාරයෝ
දායකයෝ වුනේ සිටුවරු කියන්නෙ ඒකාලේ billionaires ල
එතකොට ඔය බුද්ධාගමේ negative කියල ඔයා කියන කෑලි ටික තිබ්බෙ නැද්ද?
------ Post added on May 21, 2023 at 2:24 PM
මම කියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක් ,
පහුගිය පෝලිම් තිබුන කාලයේ මම තෙල් පෝලිමේ සහ ගෑස් පෝලිමේ දවස් ගණන් එක දිගට හිටපු කාලේ , අපි පෝලිම් ඉන්න අය සෙට් වෙලා කයිය ගහනකොට මම කිවුවා නිදහසින් පස්සේ බිහිවෙච්ච සියලුම දේශපාලකයෝන්ගේ වැරදි නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා , එතකොට අනිත් උන් කියනවා අපි කරපු කරුම නිසාලු මේ වින්දවනේ
ඉතින් මම උන්ට පැහැදිලි කරලා කිවුවා දේශපාලකයෝන්ගේ නිවැරදි දැක්මක් නැති වැඩ නිසා සහ හොරා කෑම නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා එතකොට උන් කියනවා ඒවගේ දේශපාලකයෝ බිහිවෙන්නේ මිනිස්සුන්ගේ කරුමේ නිසාලු සහ ඒවගේ දේශපාලකයෝ ඉන්න රටවල අපි ඉපදුනේ අපේ පව නිසාලු
මම කිවුවම ඒවගේ දේශපාලකයෝන්ට මිනිස්සු දිගින් දිගටම චන්දේ දෙන එක තමයි ප්‍රශ්නේ කිවුවම උන් කියනවා ඒ දේශපාලකයෝන්ගේ පින නිසාලු එහෙම වෙන්නේ දේශපාලකයෝ අපිට වඩා පෙර ආත්මවල පට්ට විදියට පින් කරලලු ඒ පින් පලදෙනවලු මේ කරන දේවල් වලට ලබන අත්මවල ඒ දේශපාලකයෝන්ට පවු පල දෙවිලු
මෙතනින් එහාට මම කතාකරන්න ගියේ නෑ බන් , මොකටද නිකන් තරහා කාරයෝ ඇතිකරගන්නේ