අද කාලෙකට පස්සේ කලින් බෝඩිමට ආවා. අංකල් මම දැකලා කිව්වා අපරාදේ පුතා සල්ලි දීල මේ කාමරයක් ගත්තේ පැය තුන හතරයිනේ කාමරේ ඉන්නේ ඒකත් බැංකුවෙම හිටියා නම් මේ ගානත් ඉතුරුයිනේ කියලා.
අපේ බෝඩිමේ අංකල් ෆුල් ආතල්. මම අද කලින් ආපු නිසා වොශ් එකක් දාලා ඇවිල්ලා චූටි ජින් ශොට් එකක් දාගෙන සින්දුවක් අහන්න ගත්තා. අංකල් මට පොඩි ස්පීකර්ස් දෙකක් දීලා තිබ්බේ ඔහොම කාමරේට වෙලා කොල්ලෙකුට ඉන්න බෑ සින්දුවක් අහගෙන ඉන්න කියලා. ඉතින් මම ඒකත් සෙට් කරගෙනම සින්දුවක් අහගෙන හිටියා. සින්දු දෙක තුනකට පස්සේ එක පාරට නරක චිත්තර පටියක වගේ "හහ්.. හහ්... හාහ්හ්.. හාහ්හ්හ්" කියලා සද්දයක් ආවා. මමත් ජින් වීදුරුවත් මේසේ උඩට දාලා පැන්නා මේ මොකක්ද බලන්න..
ඒත් එක්කම දොරට ගහනවා.. මම අරක ඕෆ් කරලා දොර ඇරියා. බලද්දී අංකල්.. අර ෆිල්ම් එකට වඩා අංකල් හති දානවා. රොෂාන්.. ඔය බලන ඒවා අර පීකර් ගහගෙන බලන්නෙපා.
දැන් මට රෙදි නෑ. මම කිව්වා නෑ අංකල් ඒක එහෙම එකක් නෙමෙයි ඒ සින්දුවක් කියලා. පොර කින්ඩි හිනාවක් දාලා කියනවා ඔය ජාතියේ සින්දු අපිත් බලලා තියනවා කියලා. මොන විලි ලැජ්ජාවක්ද යකෝ මේක. ඒවා නොබලපු එකෙක් නෙමෙයි මම. ඒත් මේ සින්දුවක් අහලා ඒ ලේබල් එක ගහගන්න බෑනේ. මම සින්දුව දාලා පෙන්නුවා.
අඩේහ්.. සනුක.. වැඳලා කියන්නම්.. අර "ඉතින් මම ඉන්නවා" කියන සින්දුවේ හයියෙන් හුස්ම ගන්න කෑල්ල අයින් කරපං. සද්දෙන් අහන අපේ රෙදි නෑ..