දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    දැන් පරිප්පු කනවා ලෙසටම
    පරිප්පු කාපුවම මොකද වෙන්නේ දත්වලට?

    -

    මන් නම් දතක් පනුවෝ කාලා රජයේ රෝහලේ doc ට කියලා පුරවා ගත්තා ටිකක් කාලෙකට කලින්.
     
    • Haha
    Reactions: senewimala1988

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    මම දත් පුරවන්නෙ colombo Dental එකෙන් ... එක සැරේකට එකයි ... ඒකත් මාස දෙක තුනකට සැරයක් ගැලවෙනව.. එතකොට ආයි දානව .....

    Diabetes නිසාද කොහෙද දත් දිරල කෑලි කැඩෙනව


    තොගෙ කටේ ඇසිඩ් ගතිය වැඩි.
    ලුණු වතුරෙන් කට හෝදපං.

    ඇසිඩ් හදන බැක්ටීරියා වලට කෑම දෙන්න එපා.
    බත් සීනි කාබො නවත්තපං.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    පුලුවන් නම් කියපන් දත ඩැම්ජ් උන හේතුව්. ෆිල් කරනවට වඩා කල්තියා ප්‍රවේසම් වෙන්නවත්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දත් මැදීම නිසාම නෙමෙයි මම හිතන්නෙ කන කෑම බලපානව ඇති ....

    Gastric තියෙනකොට දත් ඉක්මනට දිරනව නේද ?
    අනිවා Gastric තියෙනවා නම් දත් දිරනවා පට ගාලා. ඩොකා මට කිව්වා ගෑස් හොඳ කරගෙන වරෙන් නැත්තම් දත් ඔක්කොම පුරවන්න වෙයි කියලා.
    කෑම හිරවෙන නිසා මගෙත් දතක් පිරෙව්වා. හැබැයි අන්නාසි වගේ දෙයක් කනකොට හිරිවටෙනවා එතන.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මගේ උඩ ඇන්දේ අන්තිම දත (wisdom tooth) එක 2019 දී වගේ පිරෙව්වා. කිසි අවුලක් නෑ හොදට තිබ්බා..මේ December ලගදී ගෙවල් පැත්තේ අලුතින් dental එකක් දැම්මා ගිහින් දත් ටික clean කරා එවෙලේ මන් කිව්වා අර කලින් දාපු එකේ දැන් කෑම හිරවෙනවද කොහෙද කියලා ඊට පස්සේ ඩොකා ඒක අයින් කරලා අලුතින් දැම්මා temporary filling එකක් දාලා මාසෙන් එන්න කිව්වා..අවුලක් උනේ නෑ මාසෙන් ගියා ආයේ දැම්මා permanent filling එක , ඊලග දවසේ ගැලඋනා ඒක ඒනිසා ආයේ ගියා ඉතින්, සල්ලි ගත්තේ නම් නෑ ආයේ දැම්මා permanent එකක්.. සතියක් යන්න ගියේ නෑ ඒ දතේ කැක්කුමක් ආවා..පස්සේ වෙන doctor කෙනෙක්ට පෙන්නුවම කිව්වා හරියට filling එක කරලා නෑ ඒනිසා ආසාදනයක් වෙලා දත ගලවන්න වෙයි කියලා..මන් බන් ගොඩින් බේරගන්න පුලුවන් වෙයිද බලන්න ඩොකාලා දෙන්නෙක්‍ටම කිව්වා උන් ඔක්කොම කිව්වේ ගලවන්න වෙයි කියලා.. ඊට පස්සෙ අද ඒක ගැලෙව්වා.. අම්බෝ හෙන ගේමක් දීලා ගැලෙව්වේ..

    මචන්ලා දත් ප්‍රශ්න තියෙනවා නම් අනිවා හොද එකෙක්ට කියලා කරගනින්.. නැත්නම් හෙන කට්ටක් කන්න වෙන්නේ..
    mage ohoma galawanna giyapu ekakata mama antibiotic tikak illa gaththa tika davasakin ennam kiyala. ewa gannavath ekka wisdom tooth eka hodata brush kalaa henam gemak deela hemadaama. me wenakan thaama avulak aave na aaye. aaye kawada kela weida danne na ithin.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    mage ohoma galawanna giyapu ekakata mama antibiotic tikak illa gaththa tika davasakin ennam kiyala. ewa gannavath ekka wisdom tooth eka hodata brush kalaa henam gemak deela hemadaama. me wenakan thaama avulak aave na aaye. aaye kawada kela weida danne na ithin.
    මචන් doctor කෙනෙක්ට පෙන්නපන්..xray එකක් එහෙම අරගෙන..ඔය දත්වල අවුල බන් ඕවා දිරලා ගියාම ගලවන්න අමාරුයි.. Surgeory වගේ යන්න ඕන.. ඩොකා xray එක බලලා කියයි.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මචන් doctor කෙනෙක්ට පෙන්නපන්..xray එකක් එහෙම අරගෙන..ඔය දත්වල අවුල බන් ඕවා දිරලා ගියාම ගලවන්න අමාරුයි.. Surgeory වගේ යන්න ඕන.. ඩොකා xray එක බලලා කියයි.
    X Ray eka aran thamai magen ahuwe machn, galawanava da, antibiotic ekak aran balanavada kiyala.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113




    දතක් නිසා තව පොඩ්ඩෙන් මැරෙනවා.

    නම් ගම් රහිත ව මේක ලියන්නෙ කාටවත් අගතියක් නොවෙන්න. සහ විශේෂයෙන් අදාළ පාර්ශ්වයන්ට වෙන ම දැනුවත් කරල තියෙන නිසා ආයෙ පබ්ලික් ස්පේස් එකේ නම් ගම් සඳහන් කරන්න අදහසක් නෑ. ඒ වුණත් මේකෙ සිද්ධිය කියන්න ඕන.

    දත් පුරවගනිද්දි පරෙස්සම් වෙන්න.

    දැන් ටික කාලෙකට කලින් මගේ දතක ප්‍රශ්නයක් ඇවිත් root filling එකක් කරලා පිරවුමක් දැම්මා. මුල් කාලෙ ප්‍රශ්නයක් නූණ නිසා ඕක අමතක කරලා නිකං හිටියා.

    ඊයෙ හවස වතුර බොද්දි, වතුර වීදුරුවෙ ගල් කෑල්ලක් වගේ යමක් තිබිලා පෙවෙන්න ගියා. අනූ නවයයි දශම නවයෙන් ඒක උගුරට යන්න කලින් බොග් ගාල එළියට දා ගත්තා. සුදුපාට කොන්ක්‍රීට් කෑල්ලක් වගේ 'යමක්'.

    විනාඩි දෙක තුනක් එහාට මෙහාට කරකවල බලද්දි තමයි තේරුණේ, ඒ අර පුරවපු දතේ උඩ කොටස.

    දිග කතාවක් කෙටියෙන් කියනව නම්, එවෙලේ ම පුංචි බොරැල්ලෙ පෞද්ගලික දන්ත සායනයට ගිහිල්ලා පරීක්ෂා කළාම, ඒ කැඩුණු කෑල්ලට අමතර ව යන්න ඔන්න මෙන්න තියෙන තව කුඩා කෑල්ලකුත්, අර පිරවුමෙන් හැදුණු සිදුර ඇතුළෙ තවත් කුඩා කෑලි කීපෙකුත්. විනාඩි 30-45ක පරිශ්‍රමයකින් පස්සෙ ඒ සේරම සුද්ද පවිත්‍ර කරල දාන්න වෛද්‍යවරයා සමත් වුණා.

    ප්‍රශ්නෙ ඒක නෙමෙයි, දැන් මම ආයෙම ඒ කොටස පුරවගන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ පිරවුමෙන් ආපු සංකූලතා නිසා සමහර විට ඒ දතේ පහළ කොටසත් එක්ක ම උගුල්ලලා දාන්න සිද්ද වෙන්න පුළුවනි.

    මම දන්ත වෛද්‍යවරයෙක් නොවන නිසා මේකෙ ටෙක්නිකල් කාරණා ගැන අදහස් දක්වන්න යන්නෙ නෑ. නමුත් ඉතිං දතක් පිරෙව්වට පස්සෙ ඒ දතේ කෑලි බෑලි, බොන වතුර කෝප්පෙන් හම්බ වෙනව නම්, ඒක කොහෙත් ම හොඳ තත්ත්වයක් නෙමෙයි කියල මගේ පුංචි මොළේටත් තේරෙනව. වැරැදිලා හරි අර ගැලවුණ කෑල්ල උගුරෙ හිර වුණා නම් අද මේ සටහන ලියන්න වෙන්නෙ හදිසි අනතුරු වාට්ටුවෙ ඉඳගෙන.

    ජීවිතේ වෙන ප්‍රශ්න එහෙම නැති නිසා මෙහෙම හරි ප්‍රශ්නයක් එන්ඩ එපෑ ඉතිං.