කොට්ටව වනාන්තරය හා ස්වාභාවික නාන තටාකය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    775
    1,296
    93
    Heiyanthuduwa - Kelaniya
    කොට්ටව වනාන්තරය හා ස්වාභාවික නාන තටාකය | 2025-03-20 බ්‍රහස්පතින්දා
    අද කොහෙ හරි යන්න හිතාගෙන කලින්ම ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා. යන්න තැන් කීපයක් ගැනම හිත හිත ඉදලා අන්තිමට කොට්ටව වනාන්තරය පැත්තෙ යන්න හිතුවා. ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ගිහින් කිරිබත්ගොඩ බැහැලා පාර පැනලා, බස් එකක ගිහින් 5.45 කඩවත බැස්සා. කඩේකින් කෙටි කැම ගත්තා. එවෙලේ ගිගින් තිබ්බ ගාල්ල හයිවේ බස් එක පස්සෙන් දුවලා ගිහින් එන්ට්‍රන්ස් ලගින් නැග්ගා 5.55 ට බස් එක ගියා. රු.890 ටිකට් ගත්තා. බස් එකේදිම ගත්ත කෙටි කෑම කෑවා. උදේ 7.15 ට බස් එක හයිවේ එකෙන් එක්සිට් වෙලා 7.30 ට ගාල්ල බස්ටැන්ඩ් ආවා. බැහැලා උදේ 8 ට අංක 377 උඩුගම සිටීබී බස් එකට නැග්ගා. රු.105 ටිකට් ගත්තා. උදේ 8.35 ට කොට්ටව වනාන්තරයේ එන්ට්‍රන්ස් ලගින්ම බස් එකෙන් බැස්සා. ඇතුලට ගියා. රු.70 ටිකට්. කොන්ක්‍රීට් පාර දිගේ කැලෙ මැදින් කි.මි 1 ක දුරක් තමයි අපිට යන්න දීලා තියෙන්නෙ... ගියා. මග ගිමන් හරින තැනක්. බංකු එහෙම තිබ්බා. මග අතුරු පාරක හා පාර පටන්ගන්න තැනම අතුරු පාරකින් ගිහින් තව ගස් වර්ග එහෙම බලා ගන්නත් තියනවා. කූඩැල්ලො ඉන්නවා ගොඩක්. මට නම් කූඩැල්ලොන්ගෙන් කරදරයක් වෙන්නෙම නෑ. මොකද මන්දා. සම්පූර්නයෙන්ම ඇවිදලා බලලා ආපහු පාරට එන්න පයින් ආවා. ඉතින් මේ ලග ඇති ස්වාභාවික නාන තටාකය ලගට යන්න පාරට ඇවිත් පාර පැනලා ටික දුරක් පයින් ගියා. නාන තටාකය බොඩ් ලග අතුරු පාරෙ පයින් ගිහින්, තටාක පිවිසුමට ආවා. එහෙත් ගේට්ටුවේ ඉබ්බො දාලා වහලා තිබ්බෙ. මම ගේට්ටුව අයිනේ හිඩසකින් ඊට ඇතුල් වෙලා. ලස්සන ස්වාභාවික නාන තටාකය / සිවිමින් පූල් එක, වතුර පීල්ල බැලුවා. නාන්න ගියේ නෑ.. නාන්න නියම තැනක්... මම එතනින් යද්දි එහෙ ඉන්න අන්කල් ආවා. එයා එක්ක විස්තර කථා කලා. ටිකට් රු.100 යි පැයකට. 12 අඩු ලමයිට රු.50. කට්ටියකට ෆුල් ඩේ ම කලින් බුක් කරන්න රු.30,000 යි ලු. ඉන් පිටවෙලා පාරට ඇවිත් තව ඉස්සරහට කොට්ටව හන්දියට ආවා හොල්ට් එකේ වාඩි වෙලා හිටියා. එතන හැරිලා යන පාරෙ කොට්ටව ආරන්න සේනාසනයක් ද තියනවා. ටිකකින් අකුරැස්සෙන් ආවා සීටීබී බස් එකට නැගලා රු.110 ටිකට් ගත්තා. බසය කරාපිටිය හරහාද ගොස් ගාල්ල බස්ටැන්ඩ් ආවා. මම බැහැලා මම ගාල්ල පැත්තෙ ගියොත් යන ගාල්ල කොටුව බලන්න පයින් ඉස්සරහට ගියා. එහි ඇවිදලා, ආපහු ගාල්ල බස්ටැන්ඩ් පැත්තට ඇවිත් ලග කෑම කඩේකින් දවල්ට කෑවා. පාර පැනලා හයිවේ බස් නවත්වන තැනට ගියා. කඩවත බස් එකට නැග්ගා. රු.890 ටිකට් ගත්තා. කඩවතට ආවා. තව බස් එකක ගිහින් කිරිබත්ගොඩ ආවා. හවස් වෙද්දි ගෙදර ආවා. පහල තියන ලින්ක් එකෙන් මේ ගමනේ විනාඩි 5 ක විතර කෙටි වීඩීයෝවත් බලන්න..
    * පින්නදූව exit එකෙන් බැහැලා පයින් මීටර් 50 ක් විතර ආව නම්, ගාල්ල-උඩුගම 377 බස් එකේ නගින්න පුලුවන්. දුර ඉදලා එන කෙනෙක් උවමනානම් වොශ් රූම් යන්න, කෑම කන්න, මගදී බස් එකකට නගිද්දි වාඩි වෙන්න සීටි නැති වෙන්නත් පුලුවන් හෝ කොච්චියේ ගාල්ලට එන කෙනෙක්ටත් ගැලපෙනසේ, ගාල්ලට ඇවිත් යන විදිහට මේ පෝස්ටුව හැදුවේ...
    .
    * මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න >>>


    .
    * කඩවත <>ගාල්ල (හයිවේ බස්) : පැය 1 විනාඩි 30 | ටිකට් රු.890/-
    * ගාල්ල - කොට්ටව (බස්) : විනාඩි 35 | ටිකට් රු.105/- | 16 km
    * වියදම : රු.2800 ක් විතර

    පසුගිය සියලුම සංචාරයන් බලන්න
    Index >>>

    1763998036633.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ade maru. month end kanneliya patte yanna kiyala hithan inne. balanna one mehetat yanna try ekak diila. TFS machan
     
    • Like
    Reactions: PASAN147