හොලුවාගොඩ Serena River Park

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    Serena River Park ~ 2024-04-03 බදාදා
    පොඩ්ඩක් රිලැක්ස් වෙන්නෙත් එක්ක අද කොහෙ හරි යන්න හිතුනා. හරියට ට්‍රිප් ප්ලෑන් එකක් තිබ්බෙත් නෑ. ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා අදට. ඉතින් පහුගිය මාසේ විවෘත කරපු ගාල්ලෙ , හොලුවාගොඩ Serena River Park
    එක පැත්තෙවත් යනවා කියලා හිතලා. අද උදේ ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 6.10 ට කොටුව ස්ටේශම ලගින් බැහැලා ස්ටේශමට ගිහින්, ටිකට් කවුන්ටරෙන් ගාල්ලට 2 පංති ටිකට් එකක් ගත්තා. රු.500 යි. ස්ටේශම ඇතුලට ගිහින් කැන්ටිමෙන් උදේට කැවා. 6.35 ට විතර බෙලිඅත්ත යන ට්‍රේන් එක 5 වෙනි වේදිකාවට ආවා. නැගලා මුහුද පේන පැත්තක අයිනක වාඩි උනා. (අද සතියේ දිනයක් නිසා කෝච්චියේ වැඩිය සෙනග නෑ.. හිස් සීට් තිබ්බා. මම ඒකනේ ගොඩක් වෙලාවට සතියේ දිනවල ඇවිදින්න යන්නෙ
    😄
    ) 6.55 ට කෝච්චිය කොටුවෙන් පිටත් වුනා. 8.20 ට අලුත්ගම ටික වේලාවක්, මාතර පැත්තේ ඉදලා එන කෝච්චිය එනකන් නවතන් හිද 8.30 ට ගියා. 9.25 ට ගාල්ලට ආවා. බැහැලා පාරට ඇවිත් බස් ටැන්ඩ් එකට ගිහින් Serena River Park එකට යන බස් ගැන එතන කෙනෙක් ගෙන් අහ ගත්තා. බස් ටැන්ඩ් කෙලවර ගාල්ල ක්‍රිකට් පිටිය ඉස්සරහ බස්ටැන්ඩ් එකේ නවතා තිබුන 370- බද්දේගම බස් එකට නැගලා හිටියා. බස් එක 9.52 ට ගියා. රු.70 ටිකට් ගත්තා හොලුවාගොඩ සෙරින් පාක් ලගට. බස් එක හරි ස්ලොව් ගියෙ. සමහර හොල්ට් වල ගොඩක් වෙලා නවතන් හිටියා. වෙනදා වගේම ගූගල් මැප් බලලා බහින තැන කිට්ටු වෙද්දි නැගිටලා, 10.35 ට පාක් එක ලගින් බැස්සා. ඇතුලට ගියා. මුලු පාක් එක පුරාම ඇවිද්දා. ගොඩක් වෙලා වාඩි වෙලාත් හිටියා. කෙටි කෑම, බීම අරන් බිව්වා.. පාක් එක ලස්සනයි. තවත් හදා ගෙන යනවා. බොට්ටු සේවයකුත් තියනවා. වෙළද කුටිත් තියනවා. ළමයින්ට සෙල්ලම් කරන්න ගොඩක් දේවල් තියනවා.... කපල් වලටත් හොදයි... පැය 2 ක් එහි ගත කරලා පාරට ඇවිත් බස් හෝල්ට් එකේ හිටියා. 12.30 ට ගාල්ල යන්න බස් එකට නැග්ගා. රු.70 ටිකට් ගත්තා. 12.55 ට ගාල්ල බස් ටෑන්ඩ් එකෙන් බැස්සා. බැහැලා ගාල්ල කොටුව පැත්තට පයින් ගියා, ගාල්ල කොටුවේ Art Gallery එකක ඉන්න මගේ යාලුවෙකුත් හමු වෙන්න, එත් එයා අද හිටිය නැති නිසා, ගාල්ල ආවම කවදත් යන ගාල්ල කොටුව පැත්තට ගියා. කොටුවේ ඔරලෝසු කනුවේ ඉදලා අනෙක් කෙලවර ප්‍රදීපාගාරය ලගටම ටික ටික පයින් ගියා. ඊට පස්සෙ ගාල්ල බස්ටෑන්ඩ් ලගට ඇවිත් කඩේකින් දවල්ට කැම කැවා. කාලා හයිවේ බස් නවතලා තියන තැනට ගියා.. 2.30 ට කඩවත යන බස් එක යද්දිම නවතන් නැග්ගා. රු.980 ටිකට් ගත්තා. බස්‍ එක 4.10 ට කඩවතට ආවා. බැහැලා කිරිබත්ගොඩට ඇවිත් පොඩි ශොපින් එකකුත් කරලා බස් එකක නැගලා 5 වෙනකොට ගෙදර ආවා. මේ සටහන වෙනදා වගේම සංචාරය ඉවර වෙලා බස් එකේ එද්දිම ලිව්වෙ...

    * කොළඹ කොටුව - ගාල්ල කෝච්චිය : පැය 02 යි විනාඩි 30 (2 nd Class රු.500/-; 3 rd Class රු.240/- )
    * ගාල්ල - Serena River Park : විනාඩි 30 - 45 (රු.70/-)
    # පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>

    Watch the Video

     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ado ape gewal pattata tikak lagai. oka nam thama dekala nehe kalekin giye nethi nisa :sorry: :sorry: , ohoma ekak haduwa kiyala dannawa.
    issara podi wessatah yata wenawa oya holuwagoda palama. puran kuburu yayak thibbe e dawaswala nam. thama aluth nisa wenna athi video ekata nam loku lassanak penna nehe. Gas ehema loku wela eddi lasana wei samaharawita. kohoam unath watinawa me wage ekak e paththe hadunu eka. e patte minussunta watinawa. :love::yes:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Place eka hondai. Mama othanin nitharama yanawa ithn.

    ado ape gewal pattata tikak lagai. oka nam thama dekala nehe kalekin giye nethi nisa :sorry: :sorry: , ohoma ekak haduwa kiyala dannawa.
    issara podi wessatah yata wenawa oya holuwagoda palama. puran kuburu yayak thibbe e dawaswala nam. thama aluth nisa wenna athi video ekata nam loku lassanak penna nehe. Gas ehema loku wela eddi lasana wei samaharawita. kohoam unath watinawa me wage ekak e paththe hadunu eka. e patte minussunta watinawa. :love::yes:
    Me parath yata una. wenada tharam yata wenne na dan.
    ------ Post added on Dec 14, 2025 at 4:03 PM