ඓතිහාසික නඩු තීන්දුවක් 🛑

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    692686970_1669830380910604_1154700287988937354_n.jpg

    පසුගිය සිකුරාදා දින ගරු අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට ඉතාමත් වැදගත් වූවක්.

    සිද්ධිමය කාරණා කෙටියෙන් කියන්නම්. ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන තරුණිය වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance) පෙනී සිටිනවා.

    ඇය නීතීවේදී ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නැති බව පැවසෙනවා. සශින්ද්‍යා විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය විසින් ඉල්ලා සිටිනවා. ඒ 2023. 07. 10 වන දින.

    විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසනවා තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීමෙන් විභාග ක්‍රමවේදයට හා කාර්‍ය පටිපාටියට හානිකර බව.

    අදාළ ශිෂ්‍යාවගේ පියා වන ජනක රොෂාන් රණසිංහ යන අය විසින් විවෘත විශ්ව විද්‍යාලය විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කරනවා. එම අභියාචනය විභාග කල තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව 2023. 12. 28 දිනැති තීන්දුව මඟින් අභියාචකයන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසට විවෘත විශ්ව විද්‍යාලයට නියෝග කරනවා.

    තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණයෙන් අතෘප්තියට පත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් , එම තීන්දුව අවහරණය කරවා ගැනීම සඳහා ගරු අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරනවා. එහි නියෝගය තමයි සිකුරාදා ප්‍රකාශයට පත්කලේ.

    ආර්. ගුරුසිංහ ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමාගේ එකඟත්වය සහිතව මෙම නියෝගය ලබාදුන්නෙ Sumudu Premachandra ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුතුමන් විසින්. නඩු අංකය RTI /01/2024.

    විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල පෙත්සමේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපතිවරයා ඇතුලුව පෙත්සම්කරුවන් 24 දෙනෙක් ඉන්නවා. වගඋත්තරකරුවන් වුනේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව , සභාපති ඇතුළු එහි කොමසාරිස්වරුන් විභාගය ලියු සශින්ද්‍යා හා ඇගේ පියා..

    ගරු අභියාචනාධිකරණය විසින් මෙම නඩුවේදී තොරතුරු සඳහා මහ ජනයාට ඇති අයිතිය හා ප්‍රවේශය පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව. තොරතුරු දැනගැනීමේ පනතේ ව්‍යවස්ථාපති ප්‍රතිපාදන , එම පනත යටතේ විනිශ්චිත නඩු තීන්දු , රාජ්‍ය ආයතන (Public Authority) මහ ජනතාව වෙත තොරතුරු ලබාදීමේ වගකීම හා එහි සීමාවන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනවා.

    නඩු තීන්දුවේ 06 වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා..

    " විභාග අපේක්ෂකයෙකු තමන්ගේ පිළිතුරු පත්‍රය ඉල්ලා සිටියහොත්, එම ප්‍රශ්න පත්‍රයට ඔවුන් පිළිතුරු ලියූ ආකාරය සහ ලකුණු ලබාදුන් ආකාරය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොදකිමි. උසස් අධ්‍යාපන ආයතනයේ තත්වය හා ප්‍රමිතිය අඛණ්ඩව ආරක්ෂා කිරීම සඳහා සම්මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නම්, එය හෙළි කළ යුතුය ".

    " I do not see any reason to refuse if an examinee requests their own answer script, which they wrote, and how it was marked. If a standard marking scheme wereapplied, to protect the integrity of the higher institution, it should be revealed."

    අවසානයේ ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපත් කල ප්‍රතිශෝධන අයදුම්පත ගරු අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දුන් තීන්දුව ස්ථිර කරනවා. ඒ අනුව ඉල්ලා සිටි තොරතුරු විශ්ව විද්‍යාලය විසින් ලබාදිය යුතුයි.

    මේ තීරණයෙන් විවෘත විශ්ව විද්‍යාලය පමණක් නෙවෙයි අනෙකුත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන බැදෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල මුදලට , බලයට , තනතුරුවලට , ලිංගික අල්ලසට විද්‍යාර්ථීන් ගොදුරු බවට පත්වෙලා ඉන්නෙ. ඉහත කියපු ඒවා තිබ්බොත් සමත් වෙනවා. නැත්නම් අසමත් කරනවා. වඩාත් භයානකම තත්වය ඉහත හේතු අයෙකු සමත් කිරීම නෙවෙයි , ඒ හේතු මත වෙනෙකෙකුගෙන් පළිගැනීම.

    තමන්ගේ පිළිතුරු ප්‍රශ්න ප්‍රත්‍රය ඉල්ලා සිටීම තවදුරටත් වළක්වන්න බෑ. මෙය සැක කටයුතු තෙවැන්නකුගේ ප්‍රතිඵල ලබාදීම දක්වා තවත් පුළුල් විය යුතුයි. මන්ද තමාගේ ලකුණු අඩුකරල අසාධාරණයට ලක් කරන්න පුලුවන් වගෙම තව කෙනෙකුගේ ලකුණු වැඩිකර තවකෙක් අසාධාරණයට ලක් කරන්න පුලුවන්.

    පුලුවන් තරම් මෙම අභියාචනාධිකරණ නියෝගය බෙදා හරින්න..

    🖋️
    Chathuranga Amarathunga

    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    රජයේ කැම්පස් වල ඔය කැරි වැඩේ වෙනවා. අල්ලන උන් විතරයි ඉහලින් පාස් වෙන්නෙ
    දැන් සෙද්ද උස්සලා ගොඩ ගිය නම්කිලා ඕහ්හ් වෙරි වෙරි සෑඩ් අනේම්ම්හ්හ් :baffled:
     
    nissan41b

    Member
    May 25, 2017
    27
    13
    3

    thank you ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    දැන් සෙද්ද උස්සලා ගොඩ ගිය නම්කිලා ඕහ්හ් වෙරි වෙරි සෑඩ් අනේම්ම්හ්හ් :baffled:
    කැරිම ඇල්ලිල්ලක් අල්ලල වැඩිම ලකුනු අරගෙන demo ගිහින් staff යනව.වැඩ බෑ. ඊට පස්සෙ වැඩ පුලුවන් උන්ට කපල අල්ලන උන්ට ලකුනු දෙනව. කටින් තමයි ගේම ගහන්නෙ.

    දුගී බවේ විශම චක්‍රය වගේ හැමදාම ඕක වෙනව. වැඩ පුලුවන් උන් එපා වෙලා රට දාල යනව.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කැරිම ඇල්ලිල්ලක් අල්ලල වැඩිම ලකුනු අරගෙන demo ගිහින් staff යනව.වැඩ බෑ. ඊට පස්සෙ වැඩ පුලුවන් උන්ට කපල අල්ලන උන්ට ලකුනු දෙනව. කටින් තමයි ගේම ගහන්නෙ.

    දුගී බවේ විශම චක්‍රය වගේ හැමදාම ඕක වෙනව. වැඩ පුලුවන් උන් එපා වෙලා රට දාල යනව.

    ඒ උනත් මේ තීන්දුව නිසා සැප නැතිව ලත වෙන කලු කැත කොට නාකි පකවල් වලට වෙන දේ ගැන උබට මීට වඩා හිතන්න තිබ්බා:(:(
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    නඩු තීන්දුව ගැන නෙවෙයි. ඒත් මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු රචනාවක් වගේ දෙයක් කියලා. එතනදි ඒ රචනාවට marking scheme එකක් තිබ්බට බලන කෙනා කරන ඇගයීම අනුව තමයි ලකුණු දෙන්නේ. ඒකම වෙන කෙනෙක් බැලුවොත් වෙන ඇගයීමක් දෙන්න පුළුවන්. Pure science subject වලට වඩා social sciences වලට ඔය තත්ත්වය බලපානවා. එතකොට මොකද කරන්නේ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707

    rachanawaka unath content ekata guidelines tyenwa.
    anika ekkenek balala, thawa kenek aaye recheck karanawa.
     
    • Like
    Reactions: zid2021

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,369
    5,710
    113
    හෝම් ස්වීට් හෝම්
    නඩු තීන්දුව ගැන නෙවෙයි. ඒත් මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු රචනාවක් වගේ දෙයක් කියලා. එතනදි ඒ රචනාවට marking scheme එකක් තිබ්බට බලන කෙනා කරන ඇගයීම අනුව තමයි ලකුණු දෙන්නේ. ඒකම වෙන කෙනෙක් බැලුවොත් වෙන ඇගයීමක් දෙන්න පුළුවන්. Pure science subject වලට වඩා social sciences වලට ඔය තත්ත්වය බලපානවා. එතකොට මොකද කරන්නේ?
    marking rubrics තියෙන්නේ ඒවට තමා බොසා
     
    • Like
    Reactions: zid2021