දුක් කරදර එද්දී ඒවාට මුහුණ දෙන ආකාරය ගැන බුදුදහමෙන් ලැබෙන සදූපදේශ මොනවා ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පවට බලවත් වෙන්න ඉඩ දෙන්න එපා ගෙවෙන පිනට අලුතින් පින් රැස් කරන්න.
    ........................................................
    දුක් කරදර කියන්නේ අප හැමෝට ම උරුම දෙයක්. අප ඉපදුණ මේ ලෝකය දුක මතයි පිහිටා තිබෙන්නේ. එවන් දුක් සහිත ලෝකයක උපන් අපට එකපිට එක දුක් කරදර එද්දී ඇයි මට ම මෙ තරම් දුකක් කියා ඇතැම්විට සිතෙනවා. ඒ සිතිවිල්ල කෙතරම් දුරට සාධාරණ ද? දුක ඉදිරියේ අපි ජීවිතය ඉදිරියට පවත්වා ගන්නේ කොහොමද? මේ ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි

    🔳 පින්වත් ස්වාමින් වහන්ස, දුක කියා බුදුදහමේ හඳුන්වන්නේ කුමක් ද?

    සත්වයාගේ ආරම්භය ලෙස හඳුන්වනු ලබන උපත දුකක් ම යි. උපතින් ආරම්භ වෙලා විපත දක්වා දිවයන ඒ මැද කාලයේ දී දුක් රාශියකට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා.

    මේ ලෝක සත්වයාට මුහුණ දෙන්නට සිදුවන දුක් වර්ග තුනක් තිබෙනවා. ඒවාට කියනවා දුක්ඛ දුක්ඛ, විපරිනාම දුක්ඛ, සංඛත දුක්ඛ කියලා.

    🍁දුක්ඛ දුක්ඛ– ශෝකයට ආවේණික වූ දුක් ස්වභාවයක්. මරණයට පත්වෙන අපට මුහුණ දෙන්නට තිබෙන පළමු දුක තමා නැවත ඉපදීම. ඒ ඉපදුණු කෙනාට මුහුණ දෙන්නට තිබෙන දුක තමා ඉපදීම සමඟ එන ජාති, ජරා, ව්‍යාධි, මරණය. ඒ ආවේණික දුකක්.

    🍁විපරිනාම දුක්ඛ – වෙනස්වීම නිසා හට ගන්නා දුකට යි. වෙනස්වීම පදනම් කර ගෙන වෙනසකට අකැමැති වීම දුකයි. මේ ලෝකයේ අපි කැමැති දේ වගේම අපි අකැමැති දේ තිබෙනවා. අපි කැමැති දේ අකැමැති ආකාරයට වෙනස් වන විට ඇතිවන්නේ දුක්ඛ ස්වභාවයක්.

    අපි කවුරුත් වයසට යන්නට අකැමැතියි. අකැමැතිව සිටිද්දී වයසට යාම දුකක්. ඒ වගේම අප ඉපදුණ දා සිට විපරිනාමයට, වෙනස්වීමට පත්වෙනවා. ඒ වෙනස්වීම කියන්නෙත් වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම යි. කැමැති දේ කැමැති ලෙස නො ලැබී වෙනස්වීම විපරිනාමය යි. ඒ වෙනස්වීම දුකක්. ඒ වෙනස්වීම තුළ ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස කියන දුක් ගොඩම ඇතිවෙනවා.

    🍁සංඛත දුක්ඛ - සත්වයෙක් ලෙස සකස්වීම ම දුකක්. සැකෙවින් ගත් විට පංච උපාධානස්කන්ධය ම දුකයි. සත්වයෙක් ලෙස සකස් වෙලා ජීවත්වෙද්දී ඇසට පේන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස විඳිනවා. මේ ඉන්ද්‍රියයන්ට ගෝචර අරමුණූ පරිහරණය කිරීම නිසා පංචස්කන්ධයත් පහළ වෙනවා. මේවායේ ක්‍රියාකාරීත්වය නිසා අරමුණූ පරිහරණය කරනවිට ඒ සුබ සහගත අරමුණුවලින් තණ්හාවෙන් බැඳෙනවා. ඒ තණ්හාවෙන් බැඳෙන අරමුණු වෙනස් වන විට ඇතිවන්නේ දුකක්. එතැන පංචස්කන්ධයේ සකස්වීමක් ඇති වෙනවා. ඒ පංචස්කන්ධය වෙනස් වන විට දුක හටගන්නවා.

    🔳 ස්වාමින් වහන්ස, සමහරුන්ට දුක් පීඩා දරා ගැනීම අසීරු යි. එවැනි තත්ත්වයන් ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද?

    බොහෝ දෙනා තමා වෙත දුක් කරදර පීඩා එද්දී ඒ සියල්ල ම පෞද්ගලික කර ගන්නවා. අනේ මට ම යි මෙ තරම් දුක් ගොඩක්. මට සහනයක් නැද්ද? කෙතරම් හොඳින් ජීවත්වුණත් ඇයි මෙතරම් කරදර කියලා සිතනවා.

    ඕනෑම දුකක් පුද්ගලික කර ගත් විට එයින් ලැබෙන පීඩාව වැඩියි. ඒ අනුව දුක කියන දේ පුද්ගලික කර ගන්නේ නැතුව පොදු අත්දැකීමක් කර ගන්න ඕනෑ. මට වඩා සිල්වත්, ගුණවත්, පින්වත් අයටත් දුක් කරදර ආවා. ඉදිරියටත් එනවා. බුදුරජාණන් වහන්සේටත්, මහ රහත් උතුමන්ටත් දුක් පීඩා ආවා.

    කරදර කියන්නේ ලෙඩ රෝග පමණක් නොවේ. භාග්‍යවතුන් වහන්සේට පවා දානය මඟ හැරුණු අවස්ථා තිබෙනවා. බලාපොරොත්තු නැති වෙලාවක දරුණු රෝග මේ ශරීරයට ඇති වෙනවා. නො කළ දෙයකට නින්දා අපහාස, සිත රිදෙන වචන අනන්ත අහන්නට ලැබෙනවා.

    එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් මේ ලෝකයේ සිටින පළමු සහ එකම පුද්ගලයා මම නොවේ කියා හිතන්න ඕනෑ.

    ඒ වගේම ඔබ හිතන්න මේ මට්ටමින් හරි අපි ජීවත් වෙන්නේ සසරේ හොඳ දේත් කර තිබෙන නිසා කියලා. යහපත් දේ මම කරලා නැති නම් කළ කර්මවල විපාක මොන ආකාරයට මා වෙත ඒවිද දන්නේ නැහැ කියලා නිතර සිතන්න.

    🔳 ස්වාමින් වහන්ස, යහපත් ලෙස ජීවත්වුණත් කරදරවල ඉවරයක් නෑ කියල ඇතැම් අය කනගාටුවට පත්වෙනවා නේද?

    ඇත්තෙන් ම බොහෝ දෙනා මේ ජීවිතයේ දී කාටවත් කරදරයක්, පීඩාවක් නොකර යහපත්ව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් නිකරුණේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ තුළින් දුක් පීඩා විඳිනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ අපි මේ දීර්ඝ සසරේ එද්දී කළ අකුසල කර්මයක විපාකය නිසා ම යි. මේ මට්ටමින් හරි ඒ කර්මවලින් බේරෙන්න පුළුවන්කම තිබෙන්නේ මේ භවයේ දී හොඳින් කුසල් සිදු කළ නිසා කියන දේ තේරුම් ගැනීම වැදගත්. එසේ කල්පනා කරද්දී අපගේ තිබෙන දුක්ඛදායක ස්වභාවයත්, මානසික පීඩාවත් අවම කර ගන්න, වළක්වා ගන්න, දුරු කර ගන්න අපට ඉඩකඩ විවර වෙනවා.

    🔳 එකපිට එක දුක් කරදර එද්දී ඒවාට මුහුණ දෙන ආකාරය ගැන බුදුදහමෙන් ලැබෙන සදූපදේශ මොනවා ද?

    සසරේ අප කළ කුමක් හෝ අකුසල කර්මයක් තිබෙනවා නම් ඒ අකුසල කර්මය ගෙවා දමන්නට කළ යුතු හොඳම දේ තමා පින් කිරීම. කර්මය කියන්නේ හරියට මුදල් වගේ දෙයක්. මුදල් වියදම් කරන්න කරන්න මුදල් අවසන් වෙනවා. ගෙවෙනවා. ඒ වගේ නරක කර්ම, පාප කර්ම දුක් විපාක දීම් වශයෙන් ගෙවී යනවා.

    කර්ම ශක්තිය කියන්නේ අපි හැම දෙනා ම අතීතයේ දී කළ සහ වර්තමානයේ දී කරනු ලබන කර්ම යි. හොඳ කර්ම කළා නම් සැප විපාක දෙමින් ගෙවෙන්නත් පුළුවන්. සැප විපාක විඳිමින් ගෙවන ජීවිතයේත් පින් ගෙවෙනවා. ගෙවෙන පිනට අලුත් පිනක් එකතු කර ගත්තේ නැතිනම් පින ගෙවිලා අඩුවෙලා පව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. පව ඉස්මතු වූ විගස දුක් විඳින්නට සිදුවෙනවා. එනිසා පවට බලවත් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.

    බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට හැකි සෑම විටම පින ශක්තිමත් කර ගන්න ඕනෑ. යම් පුද්ගලයෙක් පින් කරනවා නම්, ඒ තැනැත්තා එවන් පින්කම් පුන පුනා නැවත නැවත කරන්න ඕනෑ. එසේ පින් කිරීමට කැමැත්තක් ඇති කර ගෙන කටයුතු කරන්න ඕනෑ. එහෙම කරන්න ඕනෑ ඇයි? පින කියන්නේ සැප රැස් කිරීමක්. පින අඩු වෙනවා කියන්නේ සැප අඩුවීමක්. එහෙම නම් අපි පුළුවන් තරම් පුණ්‍ය ශක්තිය අපේ ජීවිතවල වර්ධනය කර ගන්න ඕන. ඒ සඳහා පින වැඩිවෙන දාන, සීල, භාවනා වශයෙන් සිත සතුටින් පින් කරන්න ඕනෑ. එසේ සිදු කරද්දී අප විසින් කරපු පාප කර්මයත් ගෙවෙන්නට පටන් ගන්නවා. පව් ගෙවීයාම තුළ අපට දුක් විඳින්නට සිදුවන අවස්ථා අවම වෙන්න ගන්නවා.

    එනිසා කෙ තරම් හොඳ කළත් නැවත නැවත අපට දුකම යි අත්වෙන්නේ කියන හැඟීමෙන් පසුබට වෙන්න හොඳ නැහැ. “මෙ තරම් හොඳ කරලත් දුක් විඳින්නට වෙන්නේ මම සංසාරේ මීට වඩා ප්‍රබල අකුසල කර්ම කරලා ඇති. මේ භවයෙහි සිදුකරන පිනෙහි බලය නිසා තමයි දුක මේ මට්ටමින් හෝ පාලනය කර ගන්න හැකියාව ලැබී තිබෙන්නේ කියලා හිතේ ශෝකය අඩු කර ගන්න ඕනෑ.

    අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ දුක දිනා ජයගත් උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේත් මේ දීර්ඝ සසරේ දී කෙ තරම් දුකකට පීඩාවකට පත් වුණා ද? මහරහතන් වහන්සේත් එසේම යි. උන්වහන්සේ දුක අභිබවා දුක ජය ගත් උතුමෝ. එනිසා කො තරම් හොඳ කළත් නිතරම කරදර එනවා කියලා මානසිකව වැටෙන්න එපා.

    අප අතීතයේ කළ සංසාරික අකුසල කර්මයක් මේ ජීවිතයේ ගෙවනවා කියලා හිතන්න. යම් යම් දුක් පීඩාවන්ට මේ ජීවිතයේ ගොදුරු වෙන්න වුණත් ඒවා මැඬ පවත්වා ගෙන නිතර ම පින ඉස්මතු කර ගත් විට ඔබ සොයන සැනසිල්ල ඔබට ඒකාන්තයෙන් සාක්ෂාත් කර ගන්නට පුළුවන්. එතෙක් ධර්මයට සමීපවෙලා ධර්මානුකූල චිත්තයෙන් කටයුතු කරන්න.

    🔳 දුක සදාතනික ද?

    දුක සහ සැප හේතුවක් නිසා හට ගෙන, හේතු නැති වීමෙන් නැතිවී යනවා. දුක කියන්නේ සදාතනික දෙයක් නොවේ. දුකත් නැතිවෙලා යනවා. සැපත් නැතිවෙලා යනවා කියා තේරුම් ගන්න. නැතිවෙලා යන දුකේ ගැටෙන්නේත් නැතිව, ඇතිවෙලා තිබෙන සැපයේ ඇලෙන්නේත් නැතිව ඒ සියල්ල අවබෝධ කර ගෙන ජීවත් වන කෙනාට හැමදාම සතුටින්, සැනසිල්ලෙන් ජීවත්වෙන්න අවස්ථාව උදා වෙනවා.

    .........................................................
    ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
    තලල්ලේ චන්දකිත්ති හිමි.
     
    • Like
    Reactions: dikmon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,031
    165,974
    113
    එකමත් එක රටක
    සන්තුට්ටි පරමාණුක ධනං කිව්වේ නිකන් සත්ටුටට, කාමුක සතුටට නෙමෙයි
    ඉතින් බන් අතේ ගහන එකාට ඕන සතුටයි , වෙන කාට හරි ඕන සතුටයි දෙකක් නේ .
    කාමුක සතුට ඕන එකාට ඒක තමයි සතුට . වෙන වෙන දේවල් නෙවෙයි .
     
  • Apr 22, 2026
    364
    208
    43
    ඉතින් බන් අතේ ගහන එකාට ඕන සතුටයි , වෙන කාට හරි ඕන සතුටයි දෙකක් නේ .
    කාමුක සතුට ඕන එකාට ඒක තමයි සතුට . වෙන වෙන දේවල් නෙවෙයි .
    ඉතින් බුදු දහමේ කියන්නේ උබ වගේ විකුර්ති කාමුක සතුට ගැන නෙමෙයි. සන්තුෂ්ටිය ගැන.
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,031
    165,974
    113
    එකමත් එක රටක
    ඉතින් බුදු දහමේ කියන්නේ උබ වගේ විකුර්ති කාමුක සතුට ගැන නෙමෙයි. සන්තුෂ්ටිය ගැන.
    විකුර්ති කාමුක ආසාව තියන උන් තමයි සිවුර දාගන පොඩි සාමනේරගේ පුකවල් පලන්නේ
    මිනිස්සු හැදිලා ඉන්නේ ලිංගික ව එකතු වෙන්න විරුද්ද ලිංගිකයෝ එක්ක .
    ඒක කරන්න එපා කියල සිල් පද දාල අන්තිමටම උන්ගේ අසහනේ වැඩි උනාම අලල්ගන්න ලේසි පොඩි උන්ව දුෂණය කරන එක නෙවෙයි ද යකෝ විකුර්ති කාම ආශාව කියන්නේ ???? 🤌 🥴

    මේ තියෙන්නේ ඔය බලෙන් මිනිස්සුන්ගේ ලිංගික චර්යා වලට ආගමක් නිසා වැට බැදපු එවල ප්‍රතිපල . !!


    Magalkande-Sudaththa.gif
     
  • Apr 22, 2026
    364
    208
    43
    විකුර්ති කාමුක ආසාව තියන උන් තමයි සිවුර දාගන පොඩි සාමනේරගේ පුකවල් පලන්නේ
    මිනිස්සු හැදිලා ඉන්නේ ලිංගික ව එකතු වෙන්න විරුද්ද ලිංගිකයෝ එක්ක .
    ඒක කරන්න එපා කියල සිල් පද දාල අන්තිමටම උන්ගේ අසහනේ වැඩි උනාම අලල්ගන්න ලේසි පොඩි උන්ව දුෂණය කරන එක නෙවෙයි ද යකෝ විකුර්ති කාම ආශාව කියන්නේ ???? 🤌 🥴

    මේ තියෙන්නේ ඔය බලෙන් මිනිස්සුන්ගේ ලිංගික චර්යා වලට ආගමක් නිසා වැට බැදපු එවල ප්‍රතිපල . !!


    Magalkande-Sudaththa.gif
    reported
     
  • Apr 22, 2026
    364
    208
    43
    රිදුන ද සියුමැලියා ??
    උබ කියපු විකුර්ති කාමුක සතුටට උදාහරණයක් දුන්නේ .
    ඇයි උබට මෙච්චර හමුදුරුවොන් එක්ක ග්‍රජ් එකක්, හමුදුර්වෝ කරපු වැරැද්ද මොකක්ද උබට? උබ කරපු සමලිංගික සම්බන්දෙට බාධා කර කියලද?
     
    • Haha
    Reactions: dilann

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    ඇයි උබට මෙච්චර හමුදුරුවොන් එක්ක ග්‍රජ් එකක්, හමුදුර්වෝ කරපු වැරැද්ද මොකක්ද උබට? උබ කරපු සමලිංගික සම්බන්දෙට බාධා කර කියලද?
    ඇයි අරක AI ද?