රාජගිරියේ අනතුර සිදුකළ අවස්ථාවේ රියැදුරු අසුනේ සිටියේ පාඨලී බව හෙළිවේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,698
    7,593
    113
    Patali.jpeg



    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්කළ ජීප් රියේ රියැදුරු ලෙස කටයුතු කළේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බව අද(05) අධිකරණයේදී අනාවරණය විය.

    ඒ, පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු සිය සාක්ෂිය ලබාදුන් අවස්ථාවේදීය.

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගැනිණි.

    ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේය.

    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය අද (06) දින දක්වා කල් තැබීය.
     
    • Haha
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,453
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    පත්තරේ යන චිත්‍රකතා බලනවා වගේ නඩු තීන්දු අහන්න බෑ එක සැරේ කියපං කියන එකක්
    අද එකක් හෙට තව එකක් හැබැයි කතාව ඉවර නං වෙන්නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    මන් ඕක බින් AI එකෙන් ඇහුව. සාක්ෂියක් දුන් පමණින් එක සත්‍යයක් කියල උසාවියෙන් පිළිගන්නේ එක එහෙම කියල විරෝධයකින් තොරව පිළිගන්න පුව්ළුවන් අවස්ථා වලදී විතරක් කියල. උදාහරණයක් විදියට විශේෂඥ සාක්ෂි. ඉතින් මේක එහෙම එකක් නෙවේ. ඕක ඇත්ත කියල පිළිගන්න අවශ්‍ය සාධක පෙන්වන්න ඕන. ඔප්පු කරන්න ඕන.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    රාජගිරිය රිය අනතුර සම්බන්ධ සිදුවීම
    ඇත්තටම මොකද උනේ...?
    සාක්ෂිකරු 2016 මාර්තු 08 දින කියූ දේ...

    2016 පෙබරවාරි 28 වන දින රාජගිරිය සරණ මාවත අසල දී සිදු වූ රිය අනතුරක් පිළීබඳව පසුගියදා (මැයි 05,06) කොළඹ මහාධිකරණයේ දී සිදු වූ නඩු විභාගයක් පිළීබඳව ජනතා විමුක්ති පෙරමුණට අයත් මාධ්‍ය විසින් කරුණු විකෘති කරමින් දේශපාලන ප්‍රහාරයක් ආරම්භ කර ඇත.

    සිදුවීම: දැනට වැලිකඩ පොලිසිය සතු පොලිස් වාර්තා අනුව රාජගිරිය පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාලය අසල දී KT-7545 දරණ රජයට අයත් ජීප් රථය හා අංක BK-2011 දරණ යතුරුපැදිය අනතුරට පත්වීමෙන් සන්ධීප් ජයවර්ධන හා මනුල් අබේසේකර යන දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
    මීට පෙර දිනයක දී මෙකී නඩුවේ සාක්ෂි ලබාදුන් මනුල් අබේසේකර ප්‍රකාශ කළේ සන්ධීප් ජයවර්ධන හා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ BMICHහි මෝටර් රථ ප්‍රදර්ශනයකට ගිය බවත් ඉන් පසු රාජගිරිය මැක්ඩොනල්ඩ් ආයතනය අසල දී යතුරුපැදි මාරුකරගත් බවත් ය. ප්‍රශ්න කිරීම් වලදී ඔහු පිළිගත්තේ BK-2011 දරණ යතුරුපැදිය මාර්ගයේ ධාවනය කළ නොහැකි ක්‍රීඩා සඳහා යොදාගන්නා 1000CC යතුරුපැදියක් බවත් ඔවුන් රාජගිරිය දෙසට පැයට කි.මී. 83ක වේගයෙන් පැමිණි බවත් ය. ඔවුන්ට ඉදිරියෙන් යතුරුපැදි දෙකක් ගමන්කර ඇති අතර පසුපසින් තවත් යතුරුපැදියක් පැමිණ ඇත. ඔවුන් ගමන්කර ඇත්තේ වෝටර්ස් එජ්හි ෆුඩ් කෝට් එකට බව පසුව අනාවරණය විය. මනුල් අබේසේකර තවදුරටත් ප්‍රකාශ කළේ වටපිට බලමින් පැමිණි බවත් එක්වරම සන්ධීප් බ්‍රේක් තදකළ බවත් ඔහුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව කළු පැහැති ජීප් රියක පසුපස වැදුණු බවත් ය. ඉන්පසු තමා සිහිසුන් වූ බව ඔහු ප්‍රකාශ කළ අතර පසුව කොළඹ මහ රෝහලට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේ ය. සිද්ධිය පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කළේ ජීප් රිය පැදවූ අය ගැන තමාට අවබෝධයක් නැති බවයි.
    මේ පිළිබඳව පොලීසිය කළ විමර්ශනයේ දී පෙනී ගියේ ජීප් රිය රාජගිරිය දෙසින් පැමිණ සරණ පාරට ඇතුල්කර තිබිය දී එහි පිටිපස මෙකී අධිවේගයෙන් පැමිණි මෝටර්සයිකලය වැදී ඇති බවයි. ඒ වනවිට ජීප් රියේ වේගය පැයට කි.මී. 17ක් බවත් තිරිංග තද කිරීමෙන් පසු ගට්ටනය සිදුවන විට මෝටර්සයිකලයේ වේගය පැකිමි. 70ක් බවත් මීට පෙර පරීක්ෂණ වලදී රස පරීක්ෂකවරයා වාර්තා කර ඇති බවත් ය.
     
    • Like
    Reactions: Inigo Montoya