ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,770
    46,189
    113
    Happy Donald Trump GIF by Team Trump


    යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

    සිය තෘත් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානය ඉක්මන් කළ යුතු බවත් එසේ නොමැති වන්නේ නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්ය.

    ඉරානය සහ එක්සත් ජනපදය සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.

    මින් පෙරද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර තිබුණේ ඉරානය ගිවිසුමට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සමස්ත ශිෂ්ටාචාරයම මිය යනු ඇති බවය.

    දෙරට අතර පැවැති සාකච්ඡාවලින් පසුව ඉරානය විසින් අමෙරිකාවට යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එම යෝජනා තුළ යුද හානි සඳහා වන්දි ගෙවීම, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරාන ස්වෛරීභාවය අවධාරණය කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වූ නමුත් එක්සත් ජනපදය එම යෝජනාවලිය සඳහා එකඟතාවයක් පළ නොකළේය.

    එමෙන්ම එක්සත් ජනපදයද ඉරානයට කොන්දේසි කිහිපයක් නියම කළ අතර එහි
    ඉරානය එක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පමණක් ක්‍රියාත්මකව තබා ගත යුතු බවටත් එහි අධික ලෙස පොහොසත් යුරේනියම් තොගය එක්සත් ජනපදයට මාරු කළ යුතු බවටත් ඉල්ලීමක් ඇතුළත් විය.

    කෙසේ නමුත් දෙරටවල් විසින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව මෙතෙක් අවසන් එකඟතාවයකට එළැඹීමට එක්සත් ජනපදයට සහ ඉරානයට නොහැකි වී තිබේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,903
    11,948
    113
    Habayo tika iwara karala dapalla. Oka ada ada inna epa lokema economy unstable me yudde nisa..
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    Habayo tika iwara karala dapalla. Oka ada ada inna epa lokema economy unstable me yudde nisa..

    කරන්න පුළුවන් දෙයක් කියපං බං..තම්‍බි ඉවරකරන්න ඊශ්‍රායලයටවත් බැරි වුනා..😅
     
    • Haha
    • Like
    Reactions: baba-chuti and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,903
    11,948
    113
    කරන්න පුළුවන් දෙයක් කියපං බං..තම්‍බි ඉවරකරන්න ඊශ්‍රායලයටවත් බැරි වුනා..😅
    Trump thama israel nawaththan inne..
    naththan israel thambi tika dawasen flat karanawa. Israel walata nuke thiyanawa, iraneta no nuke..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    මේ මගුල් නිසා අපිට ඔලුව උස්සන්න ලැබෙන්නෙ නෑ,, අපිට ලොකු අස්ථාවර බාවයක් ඇතිවෙන්න පුළුවන්. මහ ජරාම කාලයක් ලෝකෙට උදාවුනේ. 😭
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,992
    9,780
    113
    මුගේත් බයිලේ විතරයි, වැඩ මන්දගාමියි
    me ponnyata ochara deyak ba ban. pora hituwe iran kiyanne Venezuela vage ratak kiyala. kariyata thama oka iwara karnna baruwa dagalanawa.
     
    • Sad
    Reactions: NRTG