ෂම්මි Sir නෑවතත් Cricket Board එකට ! එරාන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සැරසෙයි !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,773
    21,033
    113
    image_b8b2887143.jpg


    බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) දිනයේදී ප්‍රකාශ කර තිබිණි.
    ඒ අනුව පුරප්පාඩු වීමට නියමිත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්වීම භාරගත්තේ පසුගිය අප්‍රේල් 29 වනදා ය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ඉරාන්ගේ පත්වීම පිළිබඳ දැඩි කණස්සල්ල පළකර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ, ඔහු සෘජුවම දේශපාලනික චරිතයක් වන නිසා ය.

    ඒ අනුව තව මාස තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට සිදුවන අතර එහිදී ඉරාන්ට ඉවතට වීසි වීමට සිදුවනු නියත බවත් සඳහන්.

    Dr harsha coming soon ! 🤗

    පුන්චි අම්මට ආස මන් :love2:

    043e258b-80f5-4e3e-91ec-9dcaf967cba5-jpeg.265952
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අනුව තව මාස තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට සිදුවන අතර එහිදී ඉරාන්ට ඉවතට වීසි වීමට සිදුවනු නියත බවත් සඳහන්.
    මේක කොහොමත් වෙන්න තිබුන දෙයක්. පරිවර්තන කමිටුව කියල නමක් දැම්මෙත් ඒකයි