බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ආසාදිතයින් වැඩිවෙලා වගේ- PHI සංගමය කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    විශේෂයෙන් බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයන් දැකගත හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    "ඉතාම පැහැදිලිව ලංකාවේ මේ වෙද්දි අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම කරන්නේ නෑ. ඇතැම් පළාත් සභාවල ඊයේ දිනයේත් අපි දැක්කා අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා නොගන්නා ලෙස පණිවුඩ හුවමාරු වෙනවා. අහඹු PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත්තොත් අපි විශ්වාස කරනවා මීට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. මේ වනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් වාර්තා වෙනවා අපිට පේන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික රසායනාගාරවල පරීක්ෂණ සිදුකර වාර්තාවන රෝගීන් දැනුම්දීමේ ක්‍රියාවලියේ ගැටලු නිසා එම රෝගීන් නිවෙස් තුළත් රැඳී ඉන්නවා."

    මේ අතර අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවය.

    එසේ නොවුනහොත් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    අපේ උන් ගිය ටිකේ නටපු හැටි දැක්කහම වැඩි වෙන්නෙ නැති වෙයි කියල හිතන්න බෑ..

    ඔය තියෙන්නෙ රිසාල්ට්..

    පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා : කොළඹ, කුරුණෑගල ආසාදිතයින් වැඩිවෙයි​


    https://elakiri.com/threads/පන්නිපිටිය-ප්‍රදේශයේ-පාසැලක-ළමුන්-06-කට-කොරෝනා-කොළඹ-කුරුණෑගල-ආසාදිතයින්-වැඩිවෙයි.1984253/
    'වගේ' කියලනෙ කියන්නෙ

    වැඩි වෙලා නෑනෙ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113



    හරියට එකක් කියපන්කො ගම්මන්පිල ... ලි ක්වාන් ද, කස්ත්‍රෝ ද මොහොමඩ් ද ? එහෙමත් නැතිනම් රස් පුටින්ද ? කොන්ෆියුස් උන්ගා බුන්ගා බ්‍රෝ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113



    හරියට එකක් කියපන්කො ගම්මන්පිල ... ලි ක්වාන් ද, කස්ත්‍රෝ ද මොහොමඩ් ද ? එහෙමත් නැතිනම් රස් පුටින්ද ? කොන්ෆියුස් උන්ගා බුන්ගා බ්‍රෝ...

    facebook කල හදියක් මුන්ටත් දකිනකොට වහකන්න හිතිල ඇත්තෙ දැන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    facebook කල හදියක් මුන්ටත් දකිනකොට වහකන්න හිතිල ඇත්තෙ දැන්.
    ඕකට ලැජ්ජ නෑ. හික් මීයෙක් වගේ මූන හදාලෙන විරිත්තගෙන ආයෙ එනවා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රටේ මුදල් සංසරණය වැඩි කරන්න කියලා හිතාගෙන තමයි අවුරුදු කාලේ කොරොනා අමතක කරලා හිටියේ. PHI ලා උනත් මිනිස්සු පිස්සො වගෙ පොරකන එක ගැන බැලුවේ නෑ, ඉහලින්ම ආපු උපදෙස් වෙන්න ඇති ඒ මිනිස්සුන්ට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    ඔළුවේ ඉස්සරහ පැත්ත නළලට ඇතුලෙන් රිදෙවා, මාස්ක් එක දාගනෙ ඉන්න බෑ හුස්ම හිරවෙනවා වගේ. කොව්ඩිද දන්නෑ බං. හැබැයි උණ නම් නැ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔළුවේ ඉස්සරහ පැත්ත නළලට ඇතුලෙන් රිදෙවා, මාස්ක් එක දාගනෙ ඉන්න බෑ හුස්ම හිරවෙනවා වගේ. කොව්ඩිද දන්නෑ බං. හැබැයි උණ නම් නැ.

    අරක්කු වැඩියෙන් ගැහුවහම ඔහොම වෙනවා..කොරෝන නෙමෙයි..
     
    • Like
    Reactions: nalin0001

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113