"The Chronicles of Narnia" කියන සුප්‍රකට ෆැන්ටසි නවකතා මාලාව රචනා කරපු බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ ග්‍රන්ථ රචක "C. S. Lewis" සහ, ඔහුගෙ පෑනෙ මිතුරියක් (Pen pal) වුණු"Joy Davidman" කියන ඇමරිකානු කිවිඳියත් අතර ඇතිවුණු අපූරු ආදර සබඳතාව ගැන කතා පුවත තමයි 1993 වසරෙදි තිරගත කරපු 'Shadowlands' කියන චිත්‍රපටියෙන් අරන් එන්නෙ.
ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වගේම රංගන ශිල්පියෙකුත් වුණු "Richard Attenborough" විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට හොලිවුඩයෙ ඉන්න ප්‍රවීණම නළු නිළි දෙපළක් වෙන "Anthony Hopkins" සහ "Debra Winger" විසින් රංගන දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටියෙ තිර පිටපත රචනා කළේ "William Nicholson" විසිනුයි. 'Shadowlands' චිත්‍රපටිය 1994 වසරේ පවත්වපු 66 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා නාම යෝජනා 2 ක් ලබා ගන්නත් සමත් වුණා. ඒ වසරේ හොදම නිළිය (Debra Winger) සහ හොදම අනුවාදිත තිර රචනය ( Best Adapted Screenplay) පිරිනැමෙන ඔස්කාර් සම්මාන වෙනුවෙනුයි.
බලපු නැති අය ඉන්නවා නම් බලන්න. හොද චිත්‍රපටියක්.
සැ:යු: "Artistic decisions" හේතු කරගෙන "C. S. Lewis" ගෙයි, "Joy Davidman" ගෙයි හැබෑ ජීවිතේට සම්බන්ධ කරුණුවල පොඩි පොඩි වෙනස්කම් ටිකක් චිත්‍රපටියෙදි කරලා තියෙනවා. ඒ නිසා චිත්‍රපටිය බලලා ඉවර වෙලා වෙලාවක් තිබුණොත් "C. S. Lewis" ගෙ 'biography' එකත් කියවලා බලන්න.
"C. S. Lewis" සහ, "Joy Davidman" සැබෑ ජීවිතයේදී
ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වගේම රංගන ශිල්පියෙකුත් වුණු "Richard Attenborough" විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට හොලිවුඩයෙ ඉන්න ප්‍රවීණම නළු නිළි දෙපළක් වෙන "Anthony Hopkins" සහ "Debra Winger" විසින් රංගන දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටියෙ තිර පිටපත රචනා කළේ "William Nicholson" විසිනුයි. 'Shadowlands' චිත්‍රපටිය 1994 වසරේ පවත්වපු 66 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා නාම යෝජනා 2 ක් ලබා ගන්නත් සමත් වුණා. ඒ වසරේ හොදම නිළිය (Debra Winger) සහ හොදම අනුවාදිත තිර රචනය ( Best Adapted Screenplay) පිරිනැමෙන ඔස්කාර් සම්මාන වෙනුවෙනුයි.
බලපු නැති අය ඉන්නවා නම් බලන්න. හොද චිත්‍රපටියක්.

"C. S. Lewis" සහ, "Joy Davidman" සැබෑ ජීවිතයේදී
හොලිවුඩ් ගෝල්ඩන් ඒජ් එකේ හිටපු කැමතිම නළුවෙක් තමයි ඉතින් ආයෙ.