🎬 ඇනා සොයා ආ ෂෝන්ගේ පුනරුත්පත්තිය - "Birth (2004)" 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හදිසි හෘදයාබාධායක් නිසා මිය ගිය 'ෂෝන්' කියන තමන්ගෙ සැමියගෙ හදිසි වියෝව නිසා ලොකු ශෝකයකින් තමයි ඇනා වසර ගණනාවක් ම කල් ගත කළේ. කොහොම වුනත් ෂෝන්ගෙ වියෝවෙන් පස්සෙ ඇනාගේ ජීවිතයට හුගක් සමීප වෙන්න උත්සාහ කරපු ජෝෂප්ගේ දැඩි ඇවටිල්ල නිසා ෂෝන්ගෙ වියෝවෙන් වසර 10 කට පස්සෙ මේ දෙන්නා විවාහ ගිවිස ගන්න තීරණය කරනවා.

    ඔය අතරෙ එක් දවසක ඇනා සහ ජෝශප් ඇතුළු පවුලෙ කට්ටිය ඇනාගෙ මවගේ උපන්දිනය සමරන අතරවාරයෙදි ඇයව හමුවෙන්න වයස අවුරුදු 10 ක් විතර වෙන නන්නාදුනන පොඩි පිරිමි ළමයෙක් ඇනාගෙ නිවසට හදිසියේම පැමිණෙනවා. එහෙම හමුවෙලා මේ පිරිමි ළමයා ඇනාට එකඑල්ලෙ කියන්නෙ අදහාගන්නවත් බැරි කතාවකුයි. ඒ ෂෝන් කියන ඇයගෙ මියගිය සැමියා තමන් බවයි. මෙන්න මේ සිද්ධියත් එක්ක ඉදිරියට ගලාගෙන කතාවක් ඇතුලත් වුණු හොලිවුඩ්වල ලොකු ආන්දෝලනයක් ඇති කරන්න හේතු වෙච්ච චිත්‍රපටියක් විදිහට 2004 වසරේ තිරගත කරපු 'Birth' කියන චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.

    NVvVuSb.jpg

    මෑත කාලීන සිනමාවේ නිර්මාණය වුණු සුවිශේෂම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වුණු "Under the Skin (2013)" කියන චිත්‍රපටයත්, ඔස්කාර් සම්මානයන්ට පවා පාත්‍ර වුණු "The Zone of Interest (2023)" කියන චිත්‍රපටයත් තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණ සිනමාකරුවෙක් වෙන "Jonathan Glazer" ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයෙ තිර රචනය සිදු කරනු ලැබුවේ ඔහුත්, Jean-Claude Carrière, සහ Milo Addica කියන තිර රචකයන් දෙදෙනාත් විසිනුයි. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙන 'ඇනා' කියන චරිතයට සම්මානනීය ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනියක් වෙන "Nicole Kidman" සහ පොඩි පිරිමි ළමයගෙ චරිතයට "Cameron Bright" නවක ළමා රංගන ශිල්පියත් තමයි මේ චිත්‍රපටයෙදි පණ පෙව්වෙ.

    "Nicole Kidman" යි, "Cameron Bright" යි මේ චිත්‍රපටියෙදි අති විශිෂ්ට රංගනයක නිරත වෙන අතරෙම චිත්‍රපටියෙ සෙසු චරිතවලට පණ පොවපු Lauren Bacall, Danny Huston, Arliss Howard, Peter Stormare, Ted Levine සහ Anne Heche කියන ප්‍රවිණ නළු නිළි කැළත් චිත්‍රපටිය පුරාවටම හුගක් ඉහළ මට්ටමේ රංගනයන්වල නිරත වෙනවා.

    NAJ6JBy.jpg

    BIRTH_9.jpeg

    9MHwCs9.jpg

    චිත්‍රපටියෙ කතාව පුරාවටම ප්‍රේක්ෂකයගෙ කුතුහලය රදවගන්න සමත් වෙන විදිහට නිර්මාණය කරපු මේ චිත්‍රපටියෙ පුරාවටම දකින්න ලැබෙන "dark, gloomy atmosphere" එක නිසා චිත්‍රපටයට අමුතු විදිහෙ අද්භූතජනක බවක් ලබා දෙන්නත් සමත් වෙලා තියෙනවා. ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ සිනමා සංගීතඥයෙක් වෙන "Alexandre Desplat" ගෙ විශිෂ්ට පසුබිම් සංගීතයත්, කැමරා අධ්‍යක්ෂ "Harris Savides" ගෙ විශිෂ්ට කැමරාකරණයත් මේ කුතුහලය දනවන පරිසරය නිර්මාණය කරන්න මූලික වශයෙන් දායක වෙලා තියෙනවා කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්.

    iM1cvSe.jpg

    චිත්‍රපටියෙ මුල්භාගයෙදි අපි කතාව ගැන අනුමාන කරපු දේට වඩා වෙනස් පැත්තකට චිත්‍රපටියෙ අවසානයෙදි කතාව අරන් ගියත්, ඒ අවසානයෙදි කතාවෙන් හෙළිවෙන දේත් හැබෑවටම සත්‍යයක් ද කියන තැනට හිතන්න ප්‍රේක්ෂක අපිව ආයෙමත් යොමු කරන්න චිත්‍රපටියෙ අධ්‍යක්ෂ "Jonathan Glazer" මෙහිදී සමත් වෙලා තියෙනවා. ඔය හේතුව මේ චිත්‍රපටියෙ කතාව ගැන, විශේෂයෙන්ම චිත්‍රපටයෙ අවසානය ගැන විචාරකයන් සහ ප්‍රේක්ෂ්කයන් විසින් ඉදිරිපත් කරපු විවිධාකාරයෙ අර්ථකතන සහ විග්‍රහයන් බොහෝමයක් අන්තර්ජාලයේ පළවෙන අවස්ථාවන් සුලභව හමුවෙනවා දැකගන්න පුළුවන්. වර්තමානයෙදි "cult following movie" එකක් විදිහටත් මේ 'Birth (2004)' චිත්‍රපටය සලකන්න හුගක් දෙනෙක් පෙළඹිලා තියෙන්නෙත් මේ නිසාමයි.

    "Rotten Tomatoes score" එක ගැන එහෙම ලොකු තැකීමත් කරන්න එපා මේ චිත්‍රපටිය බලන්න කලින්. රිලීස් කරපු මුල් අවධියෙදි ප්‍රේක්ෂකයොයි, විචාරකයොයි කියන දෙගොල්ලොන්ගෙන් බහුතරයක් ම ගොඩක් වැරදියට අවබෝධ කරගත්තු සෑහෙන්න 'underrated' චිත්‍රපටයක් විදිහටයි මං නම් 'Birth' දකින්නෙ. ඔය නිසයි මෑත කාලෙ මේ චිත්‍රපටය බහුතරයක් ප්‍රේක්ෂකයන්ගෙ ඉහළ ප්‍රතිචාරවලට පාත්‍ර වෙන්න සමත්කම් කියලා තියෙන්නෙ. ඒ නිසා චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න. Highly Recommended. :yes: :)

    ✍️🎞️ සටහන සහ ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS
    Meka kiyawaddi menna me film eka mathak una.....

    The Reincarnation of Peter Proud (1975)​

    ඔය ෆිල්ම් එකත් මං බලලා තියෙනවා. හැබැයි ඔය ෆිල්ම් එකේ තියෙන කතාවට වඩා සංකීර්ණ, පුනරුත්පත්තිය කියන මාතෘකාවට එහා ගිය කතාවක් 'Birth' වල තියෙනවා කියලයි මං නම් හිතන්නෙ. තමන් හුගක් ආදරේ කරපු කෙනෙක් එකපාරටම තමන්ගෙ ජීවිතෙන් සදහටම සමු අරන් ගියාට පස්සෙ ලොකු වෑයමක් අරන් ඒ සමුඅරන් ගියපු කෙනාව තමන්ගෙ මතකයන්වලින් අයින් කරන්න උත්සාහ කරමින් ඉන්න අතරතුර මොකක් හරි ලොකු අහබු සිදුවීමක් නිසා ඒ සමුගත්තා කියලා හිතපු කෙනා තමන්ගෙ ජීවිතේට ආයෙත් ආවොත් එවේලෙ තියෙන 'circumstance' එක මොන විදිහට එකක් වුණත් කෙනෙක් ඒකට කොයි විදිහට රියැක්ට් කරයි ද කියලා අපිට හිතන්න පොළඹවන කතාවක් තියෙන චිත්‍රපටියක් කියලා කිව්වොත් තමයි හරිම මට හිතෙන විදිහට නම්. :yes:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,660
    30,885
    113
    අපායෙ දොරකඩ

    Not exactly the same scenario, but have you seen The Secret (2007), the David Duchovny movie? It’s not the best film out there, but definitely worth a look if you’re a fan of transmigration.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Not exactly the same scenario, but have you seen The Secret (2007), the David Duchovny movie? It’s not the best film out there, but definitely worth a look if you’re a fan of transmigration.
    ඔය ෆිල්ම් එක බලලා නෑ, බ්‍රෝ. තෑන්ක් යූ රෙකමන්ඩේෂන් එකට. :) (y) අද බලන්න ඕන ෆිල්ම් එක. :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Tfs mcn. Tawa hoda movies tikak recommend karanna.
    Reincarnator, thomian බ්‍රෝස්ලා දාපු මේ ත්‍රෙඩ් දෙක බලන්නකො. අලුත්, පරණ ෆිල්ම්ස් ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මාත් මේ ත්‍රෙඩ් දෙකේ ෆිල්ම්ස් ගැන ගොඩක් පෝස්ට්ස් දාලා තියෙනවා. :yes:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Reincarnator, thomian බ්‍රෝස්ලා දාපු මේ ත්‍රෙඩ් දෙක බලන්නකො. අලුත්, පරණ ෆිල්ම්ස් ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මාත් මේ ත්‍රෙඩ් දෙකේ ෆිල්ම්ස් ගැන ගොඩක් පෝස්ට්ස් දාලා තියෙනවා. :yes:

    Thanks mcn. Next Jan UHD Blu-ray release wenolu. etakota balano :D Ref