ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංගවල මිල ගණන් 20%ත් 25%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    රුපියල අවප්‍රමාණය වීමේ සෘජු බලපෑම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංගවල මිල ගණන් 20%ත් 25%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

    විදේශීය වෙළෙඳපොළෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී පවතින විනිමය අනුපාතිකයන්ගේ අවාසිදායක තත්ත්වය සහ පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

    මේ අනුව ඉදිරි දිනවලදී වෙළෙඳපොළට පැමිණෙන නව ජංගම දුරකථන මාදිලි චාජර්, හෙඩ්ෆෝන්, බැටරි ඇතුළු අනෙකුත් අමතර කොටස් සහ උපාංග යන සියල්ලේම මිල ගණන් ඉහත දැක්වෙන පරිදි ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට ඉදිරියේදී ස්මාර්ට් දුරකථන සහ උපාංග මිලදී ගැනීමේදී වෙනදාට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වනු ඇත.

    IMG_8262.jpeg


    Old stock > rich boiez >ummmhaa 😋
    ------ Post added on May 22, 2026 at 1:10 PM
     

    Choot

    Active member
  • Nov 2, 2010
    267
    182
    43
    okun kalin wedi karalath passe adu kala. ganan wedi unama unta padui, boruwanta moda Sinhalunwa baya karala sale eka wedi kara ganna hadnne
     
    • Like
    Reactions: Amilap1