ගුවන් ඉතිහාසය වෙනස් කළ, රයිට් සහෝදරයන්ට සියවස් 10කට පෙර අහස ජයගත් මුස්ලිම් බහුශ්‍රැත විද්වතා: අබ්බාස් ඉබ්න් ෆිර්නාස් (Abbas ibn Firnas)! 
ගුවන් යානයක් නිපදවා මිනිසා මුලින්ම අහස ජයගත්තේ රයිට් සහෝදරයන් විසින් 1903 වසරේදී කියා අප කවුරුත් පාසලේදී ඉගෙනගෙන තිබෙනවා.
නමුත් ඊට වසර 1,000කට පමණ පෙර, එනම් ක්‍රිස්තු වර්ෂ 875 දී පමණ, තමන් විසින්ම නිර්මාණය කරගත් පියාපත් යුගලක් ආධාරයෙන් මිනිසෙකු පාලනය කළ හැකි ගුවන් ගමනක නිරත වූ බව ඔබ දන්නවාද?
ඔහු නමින් අබ්බාස් ඉබ්න් ෆිර්නාස්!
9 වන සියවසේ ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ ස්පාඤ්ඤයේ කෝර්ඩෝබා (Córdoba) නුවර ජීවත් වූ මේ අපූර්ව මිනිසා, හුදෙක් පියාසර කරන්නෙකු පමණක් නොව, තාරකා විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර උඩුයටිකුරු කළ සැබෑ බහුශ්‍රැත විද්‍යාඥයෙක්.
ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ විද්‍යාත්මක පරීක්ෂණය සිදුවූයේ ඔහුට වයස අවුරුදු 65ක් පමණ වන අවධියේදියි.
කුරුල්ලන්ගේ පියාසර කිරීමේ මූලධර්ම සහ වායුගතික විද්‍යාව පිළිබඳව දීර්ඝ කාලයක් අධ්‍යයනය කළ ෆිර්නාස්, ලී කූරු, සිල්ක් රෙදි සහ සැබෑ කුරුළු පිහාටු එකතු කරමින් විශාල පියාපත් යුගලක් නිර්මාණය කළා.
ඉන්පසු කෝර්ඩෝබා හී පිහිටි ජබල් අල්-අරූස් (Jabal al-Arus) කන්ද මුදුනට විශාල පිරිසක් රැස්කරවා, ඔවුන් ඉදිරියේ මේ පියාපත් සිරුරේ සවිකරගෙන ඔහු අහසට පැන්නා.
සියල්ලන්ම මවිතයට පත් කරමින් මිනිත්තු කිහිපයක් සාර්ථකව අහසේ පියාසර කිරීමට ඔහු සමත් වුවද, නැවත බිමට ගොඩබැසීමේදී ඔහු අනතුරට පත්වුණා.
මෙම අනතුරෙන් ඔහුගේ කොන්දට බරපතළ තුවාල සිදු වූ අතර, පක්ෂීන් ගොඩබසින විට වේගය පාලනය කරගන්නා වලිගය තම නිර්මාණයට එක් නොකිරීම මේ වැරදීමට හේතුව බව ඔහු පසුව විද්‍යාත්මකව පෙන්වා දුන්නා.
මෙය ලොව පළමු පියාසර කිරීමේ උත්සාහය ලෙස ඉතිහාසයට එක්වුණා.
අබ්බාස් ඉබ්න් ෆිර්නාස් යනු පියාසර කිරීමට පමණක් සීමා වූ අයෙක් නෙවෙයි.
එදිනෙදා භාවිතයට අවශ්‍ය වීදුරු තාක්ෂණයේ දැවැන්ත විප්ලවයක් සිදුකළේ ඔහුයි.
එවකට විනිවිද පෙනෙන උසස් තත්ත්වයේ වීදුරු නිෂ්පාදනය රහසක්ව පැවති අතර, වැලි සහ පාෂාණ රසායනිකව දියකර උසස් තත්ත්වයේ ස්ඵටික වීදුරු නිපදවීමේ නව ක්‍රමවේදයක් ඔහු සොයාගත්තා.
මෙම සොයාගැනීම නිසා මිනිසුන්ට කියවීමේදී අකුරු ලොකු කර පෙන්වන "වර්ධක කාචවල මුල් අවධිය (Reading Stones)" නිපදවීමට ඔහුට හැකි වුණා.
වර්තමානයේ අප පාවිච්චි කරන ඇස් කණ්ණාඩිවල ආරම්භය සනිටුහන් වූයේ ෆිර්නාස්ගේ මෙම වීදුරු තාක්ෂණයේ සොයාගැනීමත් සමඟයි.
මීට අමතරව, ඔහු තාරකා විද්‍යාව වෙනුවෙන් තමන්ගේම නිවසේ අපූර්ව ප්ලැනටේරියම් රසායනාගාරයක් ගොඩනැගුවා.
එහි යාන්ත්‍රික ක්‍රමවේද හරහා අහසේ තරු, ග්‍රහලෝක මෙන්ම වලාකුළු චලනය වන ආකාරයත්, කෘතිමව අකුණු සහ ගිගුරුම් හඬ පවා ඇතිවන ආකාරයත් පෙන්වීමට ඔහු කටයුතු කළා.
එමෙන්ම, කාලය මැනීම සඳහා "අල්-මකාතා (Al-Maqata)" නම් සංකීර්ණ ජල ඔරලෝසුවකුත්, සංගීතයේ තාලය නිවැරදිව තබා ගැනීමට උදව් වන මෙට්‍රොනෝම් (Metronome) උපකරණයේ මුල්ම ආකෘතියකුත් නිපදවීමට තරම් ඔහුගේ ඉංජිනේරු බුද්ධිය ප්‍රබල වුණා.
මෙවැනි අතිශය දුර්ලභ ගණයේ විද්‍යාඥයෙකු වෙනුවෙන් ලෝකය අද විවිධ උපහාරයන් පුදකර තිබෙනවා.
ස්පාඤ්ඤයේ කෝර්ඩෝබා නුවර ග්වාඩල්කිවිර් නදියේ ඉදිකර ඇති "අබ්බාස් ඉබ්න් ෆිර්නාස්" පාලම ඔහුගේ පියාපත්වල ආකෘතිය සිහිගන්වනවා.
එමෙන්ම, නාසා ආයතනය විසින් චන්ද්‍රයාගේ එක් ආවාටයක් ඔහු වෙනුවෙන් "Ibn Firnas" ලෙස නම් කර ඇති අතර, ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඔහුගේ විශාල පිළිරුවක්ද ඉදි කර තිබෙනවා.
රයිට් සහෝදරයන්ට සියවස් දහයකට පෙර, විද්‍යාවේ සීමාවන් පුළුල් කරමින් අහස දෙස බැලූ මේ අපූර්ව මිනිසා සැබවින්ම සමස්ත මානව සංහතියේම ගෞරවය හිමිවිය යුතු සැබෑ විද්‍යා පුරෝගාමියෙක්!
@Al Baik @sinhawanshaya නිකං එක එකා මරාගන්න plan ගහන වෙලාවේ බලපං මේ වගේ දේයක්වත් කරගන්න.