ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,569
    98,537
    113


    ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි? ඒ කියන්නෙ නීතිය වල් වැදිලා ද? මිනිස්සු මෙච්චර විරුද්ධ වෙනකොට ඇප දීපු එක හරිද? ආණ්ඩුවේ වගකීම මොකක්ද? අතිශය සංවේදී සිදුවීමකදි උනත් මිනිස්සු මේ ගැන හොයන්න පටන් අරගෙන තිබෙනවා. ඒක හොඳ දෙයක්.

    ලංකාවෙ ඇප පනත ගැන සහ ඇපදීම ගැන ඉතාම පැහැදිලි ලිපි කීපයක් පහුගිය ටිකේ පළවුනා. ඒ පල්ලේගම හේමරතන චීවරධාරියාට ඇප දීම හින්දා. මේ ලිපියට පදනමක් විදිහට, අපිත් එතැනින් ම පටන් ගමු.

    ලංකාවෙදි මනුස්සයෙක්ට ඇප දෙන්නෙ 1997 අංක 30 කියන පනතෙ තියෙන නීති අනුව. මේක තමයි ලංකාවෙ ඇප පනත.

    ඇප පනතට අනුව “ඇප දිය හැකි“ වැරදි සහ “ඇප දිය නොහැකි“ වැරදි තිබෙනවා.

    අනුරාධපුර සිදුවීම වගේ, අතිශය බරපතළ ලිංගික අපරාධ චෝදනාවක් කියන්නෙ ඇප දිය නොහැකි වරදක්.

    මොකක්ද මේ ඇප දිය නොහැකි වරදක් කියන්නෙ?

    මේක තේරුම් ගන්න “අධිකරණ අභිමතය“ කියන නීති සිද්ධාන්තය වැදගත්. ඒ කියන්නෙ, (Judicial Discretion) එක. මේ අනුව, ඇපදිය නොහැකි වරදක් කියන්නෙ “කොහෙත්ම ඇප දෙන්නෙ නෑ“ කියන එක නෙවෙයි. අධිකරණයේ විනිශ්චයකරුට, ඇපදීම තීරණය කරන්න පූර්ණ අයිතිය ලැබෙනවා කියන එක.

    එහෙම වෙලාවට අධිකරණය ඔබ සහ මම වගේ ඉමෝෂනල් වෙන්නෑ. හදවතින් හඬා වැටෙන්නෑ. අධිකරණයට තිබෙනවා රීති අති විශාල සංඛ්‍යාවක්. ඒ රීති, ලෝකයේ ඕනිම අධිකරණයකට තීරණ ගන්න බොහොම පහසු කරවනවා.

    “වරද ඔප්පු කරන්න කලින්, ඕනෑම පුද්ගලයෙක් සැකකරුවෙක් විතරයි“. (මේකට කියන්නෙ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය)

    මේ ප්‍රධාන රීතියක්. වරද පෙනි පෙනී උනත්, මෙන්න මේ නීතිය විසින් අධිකරණයට පාර කියනවා. ඒ අනුව, සැකකාරයෙක්ට තිබෙන අයිතිවාසිකම් දිහාට අධිකරණය හැරිලා තිබෙනවා.

    “ඇප දීම තමයි රීතිය. ඇප නොදීම ව්‍යතිරේකය“.

    මේ ඊළඟ එක. ලංකාවත් මේ රීතිය පිළිපදිනවා. ඒකෙ තේරුම තමයි “ඇප දෙන්න තමයි මේ නීති පද්ධතිය තියෙන්නෙ“ කියන එක. ඇප නොදී ඉන්නවා කියන්නෙ, අතිරේක කාරණා ගොඩක් සළකා බලලා ගන්න අසීරු තීරණයක් කියන එක තමයි ඒකෙ තේරුම. ඇප නොදීම ව්‍යතිරේකයක්. Exception එකක්.

    චෝදනාව, අතිශය සංවේදී එකක් වීම කියන හේතුව, ඇප නොදෙන්න හේතුවක් නෙවෙයි.

    එහෙනම් මොනවද ඇප නොදෙන්න හේතු?

    අධිකරණයක් ඇප දෙනකොට බලන්නෙ, “ඇත්තටම මේ කෙනා අපරාධය කෙරුවාද?“ කියන එක නෙවෙයි. මේ තමයි පොදු සමාජයේ අපි බලන ප්‍රශ්නය. ඒත් ඇප සම්බන්ධව නීතිය බලන්නෙ පහත ප්‍රශ්න.

    -ඇප දීපු ගමන්, චූදිතයා පැනලා ගිහින් හැංඟෙයිද? නැවත අධිකරණයට ගේන්න බැරි වෙයිද?
    -චූදිතයා ඇප දීපු ගමන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කරලා නඩුව වෙනතකට හරවයිද?
    -ඇප දීපු ගමන් චූදිතයා සාක්ෂි විනාශ කරන්න පටන් ගනියිද?
    -ඇප දීම, ඉතාම ක්ෂණිකව සමාජයට හානියක් වෙන්න හේතු වෙයිද?
    -වැඩිදුර විමර්ශනයට තවදුරටත් රඳවාතබාගන්න ඕනෑ බව, විමර්ෂකයින් කියනවාද?

    මේ තමයි අධිකරණය ඇප නොදී ඉන්න සළකා බලන හේතු. ඒ අතර “මේ සිදුවීමේ සංවේදීතාව කෙතරම්ද“ කියන එක මූලික හේතුවක් නෙවෙයි.

    මේක ලංකාවේ විතරක් එකක් ද? නෑ. ඉහත කිව්ව රීති පද්ධතිය ලංකාවට එන්නෙත් ඉංග්‍රීසි පොදු නීති පද්ධතියෙන්. ලංකාවෙ ඇප නීතිය එන්නෙ, බ්‍රිතාන්‍ය ඇප නීතියෙන්.

    බරපතළ ලිංගික අපරාධයක චූදිතයාට ඇප දෙන්න, ලංකාවේ විමර්ශකයාගේ කාර්යභාරය කරන පොලිසියේ අදහස වැදගත්. පොලිසිය අධිකරණයට කිව්වා විමර්ශන අවසන් කියලා. නීතියට අනුව, තවදුරටත් රඳවාගෙන සිටීම ප්‍රශ්නයක් බවට පත්වෙන්නෙ ඒ හින්දා. පොලිසිය ඊයෙ මාධ්‍ය ප්‍රකාශයේදිත් අපහසුතාවයට පත්වෙමින් කිව්වෙ, විමර්ශන අවසන් කියන එකම තමයි.

    විමර්ශන අවසන් ය කියන ප්‍රකාශය, ඇප දීමට සෘජුව බළපානවා.

    පල්ලේගම හේමරතනට පැනලා ගිහින් හැංඟෙන්න බැරි වෙන්න විදේශ ගමන් තහනමක් තිබුණා. දැරිය හිටියෙ ළමාරක්ෂක අධිකාරිය යටතේ විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක විශේෂ ආරක්ෂාව මත. හේමරතනට ශරීර ඇප 2ක් සහ මුදල් ඇපයක් එක්ක ඇප දෙන්න, මේවා හේතු වෙනවා.

    හැබැයි, වරද සුළු ද, බරපතළ ද, සංවේදී ද, නැද්ද? කියන ඒවා නොහිතා, ඔන්න ඔය ප්‍රශ්න අනුව මීට වඩා අඩු වරදකට ඇප නොදී ඉන්න පුළුවන්.

    වරද, නැවත නැවතත් කරන්න පුළුවන් ආකාරයේ වරදක් නම් ඒත් ඇප දෙන්නෑ. මෙතැනදී දැරිය ආරක්ෂිත බව ළමාරක්ෂක අධිකාරිය කියනවා. නමුත් අධිකාරිය, චූදිතයාට ඇප දීමට විරුද්ධ උනා. ඉතාම පැහැදිලිව ඒ ගැන ප්‍රකාශ කෙරුවා. පොලිසියට චෝදනා පවා කෙරුවා.

    “නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය“ ?

    මේක අතිශය වැදගත්ම නීති සංකල්පයක්. අධිකරණයක් නඩුවක් අහන්නෙ මේ සංකල්පය මත. මුලින්ම අධිකරණය උපකල්පනය කරනවා, චූදිතයා කිසිම වරදක් නොකළ අහිංසකයෙක් බව. ඊට පස්සෙ සාක්ෂි, සාධකවලට එකතු වෙන්න දෙනවා. ඒවාට ඔප්පු වෙන්න දෙනවා.

    එහෙම එකින් එක ඔප්පු වෙද්දි තමයි, චූදිතයා වරදකරු දක්වා ටික ටික හැරෙන්නෙ.

    තවම මේ නඩුව එතැනට ඇවිත් නැති හින්දා, පල්ලේගම හේමරතනට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තාම අදාලයි. වරද කරනවා ඇහින් දැකපු සාක්ෂිකාරයින් හිටියත්, ඒ සාක්ෂි විමසලා ඔප්පු කරනකන්, අර පූර්ව නිගමනය අදාල යි.

    සාක්ෂිය කිව්ව ගමන් ඔප්පු වෙනවාද?

    නෑ. “හරස් ප්‍රශ්න“ අහනවා. ඒක ස්වභාවික යුක්ති මූලධර්මයක්. මේක එක්සත් ජාතීන් පිළිගත් ක්‍රමවේදය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය විසින් ගරු කරන ක්‍රමවේදය. ප්‍රකාශ එකිනෙක ගැළපෙන්නැතිනම්, සාක්ෂි පවා ඉවත යනවා. ඒ කියන්නෙ සාක්ෂි දීමේදී පවා, හෘද සංවේදී නොවී, නීතියට අනුව ඒක කරන්න වෙනවා. හෘද සංවේදී වෙලා තීරණ ගැනීම ම, නඩුවට හානියක්.

    මහජන විරෝධය සහ මාධ්‍ය ආවරණය අධිකරණයට වැදගත් නැද්ද?

    කෙටි පිළිතුර තමයි, මාධ්‍ය නාළිකා හෝ මාධ්‍යවේදීන්ගෙ කාර්යය නම් තීරණ ගැනීමට බළපෑමක් නෑ. හැබැයි පොදු මහජන විරෝධය සළකා බලනවා. ඒකට, රජයේ පිළිගත් බුද්ධි තොරතුරු අධිකරණයට ලැබෙන්න ඕන, ඇප දීම හින්දා මෙන්න මේ තරම් මහජන කැළඹීමක් ඇතිවෙන්න නියමිතයි කියලා.

    (උදා- මේ සිදුවීමේදී නම්, අනුරාධපුර ජනතාව අටමස්ථානය වටලන්න සූදානමින් ඉන්නා බවක් සැළ උනා නම්, මහේස්ත්‍රාත්ට ඒ බව බුද්ධි ඒකක හරහා ලැබුණා නම්, ඇප ලැබෙන එකක් නැතැයි අපිට හිතන්න පුළුවන්.)

    මේ ඇප නීතිය වෙනස් වෙන්න ඕනද?

    පෞද්ගලික මතය නම්, නෑ. මිනිස්සුන්ට ඇප ලැබෙන්න ඕන. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තියෙන්න ඕන.

    ඒ ඇයි?

    මේ වෙලාවෙදි උනේ භික්ෂුවක්, බාලවයස්කාරියක දූෂණය කිරීම. ඇප දීලා, නඩු අහලා වැරදිකරු කරන්න පුළුවන්. හිතන්න ඇප දීම සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය නොතිබුණා නම්, වරදක් නොකරපු මිනිස්සු කී දාහක් හිරේ ඉන්න වෙයිද? නීතියේ ඊළඟ ප්‍රධාන සංකල්පයක් තමයි, වරදක් කරපු එවුන් දාහක් නිදහස් උනත්, වරදක් නොකළ එකඳු පුරවැසියෙක් හෝ දඬුවම් නොලැබිය යුතු බව. ඒ වෙනුවෙන් තමයි ඇප සහ ඉතිරි සියල්ල තියෙන්නෙ.

    එහෙම බෑ. අපි මේ ඇප නීතියට කැමති නෑ. වෙනස් කරන්න පුළුවන් ද?

    පුළුවන්. අපි අවුරුදු 5කට වරක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරලා යවන්නෙ ඒකට. පනත් හදන්නෙ සහ ඒවා සම්මත කරන්නෙ එයාලා. ඇප පනත හැදුවෙත් එයාලා. මේක වෙනස් කරන්න බලය තියෙන්නෙත් එයාලට. එයාලා ලව්වා, ඇප පනත ඕනිනම් වෙනස් කරන්න පුළුවන්. හැබැයි, එතකොට, ලංකාවෙ ඇප නීතියයි, ලෝකයේ ඇප නීතියයි දෙකක් වෙනවා. ඒ හින්දා, අධිකරණය ඇප දීම නම් නවතීවි කියලා හිතන්න බෑ.

    එතකොට හේමරතන සිදුවීමේ කිසිම අවුලක් නැද්ද?

    තියෙනවා. බරපතළ ප්‍රශ්න තියෙනවා. පොලිසියේ ක්‍රියාකලාපය ඉතාම දුර්වලයි. විමර්ශන අවසන් කිව්වාට, කිසිම එකක් සම්පූර්ණව අවසන් කරලා නැති බව ළමාරක්ෂක අධිකාරිය කියනවා. චෝදනා පවා අසම්පූර්ණයි. මේ වගේ නඩුවක, පොලිසිය සහ නීතිපති මත තමයි පදනම වැටෙන්නෙ. ඒ මත තමයි නඩුව අහන්න පටන් ගන්නෙ. ආරම්භයේදිම පොලිසිය සහ නීතිපති පාර්ශවයන් බොහොම දුර්වල බව පේනවා මේ නඩුවෙදි. ඒකෙ සම්පූර්ණ වගකීම යන්නෙ පවතින ආණ්ඩුවට. ඒ තමයි ඇත්ත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,537
    113
    අපරාධයක් කියන්නෙ මොකක්ද? ආණ්ඩුව සම්බන්ධ වෙන්නෙ කොහොමද?

    යම් රටක අපරාධයක් කියන්නෙ, ඒ රාජ්‍යයට එරෙහිව කරන වරදකට. ස්ත්‍රී දූෂණ, මිනී මැරීම් ආදිය සැළකෙන්නෙ අදාල වින්දිතයාට එරෙහි වරදක් විදිහට නෙවෙයි. සමස්ථ රාජ්‍යයටම එරෙහිව කරපු වරදක් විදිහට. ඒකයි, අපරාධ වරදකදි, වින්දිතයාට තනියෙන් පෙනී ඉන්න දෙන්නැත්තෙ. ඒ වෙනුවෙන් රජය පෙනී ඉන්නෙ. රාජ්‍ය ආයතන ටික නඩුවට එන්නෙ ඒකයි.

    රාජ්‍ය ආයතන නඩුව එන්නෙ රජය නියෝජනය කරමින්ද?

    ඔව්. ඒ හින්දා එහෙම එන රාජ්‍ය ආයතනවල වැරදි කියන්නෙ රජයේ වැරදි. මේ සිදුවීමේදී ළමාරක්ෂක අධිකාරිය කියන රාජ්‍ය ආයතනය අතිශය දැවැන්ත පලිහක්. මොකද වින්දිතයා අයිති එයාලගෙ විෂය පථයට. රජය එතැනදී ඕනෑවටත් වඩා සමත්. හැබැයි පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් රජයට සිද්ධ වෙනවා ඉතාම ඉක්මනින් හරිම පියවර ගන්න.

    මොනවද මේ ආයතනවල දුර්වලතා හින්දා වෙන්න පුළුවන්?

    අභිචෝදනාව අසම්පූර්ණ වෙන්න පුළුවන්. අභිචෝදනාව කියන්නෙ අපරාධයක චෝදනාව. එහෙම නඩු ලේසියෙන් පරදිනවා. ඒ හින්දා ඉදිරි දින කීපයේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමයි තීරණය කරන්න ඕන, දැරියට යුක්තිය ඉටු කරන්න පියවර ගන්නවාද නැද්ද කියන එක. වෙන කාටවත් ම බෑ. මහජන විරෝධයට නම් කොහෙත්ම බෑ.

    මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?

    විමර්ශන විධිමත් කිරීම. සාක්ෂිවල අඩුපාඩු සැකසීම. තාක්ෂණික සාක්ෂි රැස් කිරීම. මේවා කෙරුවාට මදි. කෙරෙන බව මහජනයා තුළ විශ්වාසය ඇති කරවීම. විනිවිදභාවයකින් වැඩ කිරීම. නිල ඇඳුමින් අටමස්ථානයට පිරිකර අරන් ගිහින් නම් ඒක කරන්න බෑ. එතකොට විනිවිද බව නැති වෙනවා.

    ඇයි විනිවිද බව ඕනි?

    මේක තවත් නීති සංකල්පයක්. ඒකට කියන්නෙ Legitimate expectation කියලා. යම් රාජ්‍ය ආයතනයක්, තමන්ගේ උපරිම අයිතිවාසිකම් රකිමින්, යුක්තිය ඉටු කරාවි යැයි මහජනයා තුළ තියෙන විශ්වාසය තමයි Legitimate expectation කියන්නෙ. රටක සෑම පරිපාලන ආයතනයක්ම මේ විශ්වාසය ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. ඒ හින්දා, විනිවිද බව ඕනි වෙන්නෙත් මහජන විරෝධයක් එන හින්දා නෙවෙයි. මේ නීති සංකල්පය හින්දා.

    එතකොට මේ වගේ වෙලාවට රජයේ ඇමතිලා මොකද කරන්න ඕන?

    මන්ත්‍රීලා වගේ නෙවෙයි. ඇමතිලාව සළකන්නෙ පොදු මහජන අධිකාරීන් විදිහට. ලංකාවෙ නීතිය අනුව මේ අය වහාම මැදිහත් වෙන්න ඕන. රටක ඇමති කෙනෙක් කියන්නෙ පාටකට පක්ෂයකට අදාල නැති මහජන ආයතන. එයාලට පුළුවන් තමන් යටතෙ තියෙන ආයතන වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා මේකට මැදිහත් වෙන්න. පුළුවන් නෙවෙයි. ඒක අනිවාර්යයි. මේක අධිකරණ කටයුත්තක් ය කියලා පොදු මහජනයා සහ මන්‍ත්‍රීවරු කර ඇරියාට, ඇමතිලාට ඒක කරන්න බෑ. සෘජුව එයාලට බලය තිබෙනවා මැදිහත් වෙන්න. අධිකරණයට නෙවෙයි. මේ ක්‍රියාවලියට. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමාරක්ෂක අධිකාරිය කියන ආයතනවල සෑම වරදක්ම “අදාල ඇමතිගේ“ වරදක්. ඔව්. ඒක තමයි ඇත්ත.

    දැන් පොදු මහජන අපි මොකද කරන්න ඕන?

    මුලින්ම කරන්න ඕන දේ උඩින්ම කිව්වා. නීතිය ගැන දැනුවත් වීම. ඇප දුන්නා කියන්නෙ ලංකාවෙ නීති අහෝ! කියලා හිතුනා නම් ඒක නිවැරදි කරගන්න එක. මොකද ඇප නොදුන්නා නම් අපි කවුරුවත් විරුද්ධ වෙන්නෑ. හැබැයි එතකොට පොඩි ‘අහෝ!‘ එකක් තිබෙනවා.

    ඒ වගේම, පොලිසියට සහ නීතිපතිට පුළුවන් මේ ඇපය අහෝසි කරවන තැනට වැඩ හදන්න. නීතියට අනුව, කරුණු කාරණා සම්පූර්ණ වූ ගමන් ඇප අහෝසි වෙනවා. එතකොටත් ඇප අහෝසි කරද්දි අධිකරණය “සංවේදී“ වෙන්නෙ නෑ. ඒක කරනවා.

    දැන් එතකොට අපේ ද වරද?

    නෑ නෑ. කොහෙත්ම නෑ. ඇප දීපු ගමන් අපේ අවධානය වෙනස් කරගන්නෙපා කියලා මේ කිව්වෙ.

    මොනවටද අවධානය ඕනි?

    පොලිසිය සහ නීතිපති කරන ඉදිරි වැඩ ගැන. සාක්ෂි ගැන. වින්දිත දැරිය ගැන. සමාජය අවධානයෙන් ඉන්න වෙනවා. පල්ලේගම හේමරතන ඊළඟ නඩු දිනයේදී නැවත පන්සලට හෝ බන්ධනාගාරයට යයි. එයා වරද කරලා නම්, අන්තිම නඩු දිනයේදී නිදහස් නොවුනාම අපිට ඇති. අතරමැදින් පන්සලේ සිටීම නෙවෙයි ප්‍රශ්නය. අවසන් නඩු දිනයෙන් පසුව යන තැනයි ප්‍රශ්නය. ඒ වෙනුවෙන් දැන්ම මහජන විරෝධය සහ ආකල්පය හදන්න වෙනවා. අධිකරණය එතකන් ගන්න හැම තීරණයක් පස්සේම නීතියත් නොදැන ඉබාගාතේ හැරි හැරී දුවලා හති වැටෙන එක නිස්කාරණයක්.

    මොනවද ඒ පියවර?

    ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම් විතරයි ඒ පියවර ගන්න පුළුවන්. හුදු බලා සිටින්නෙක් නම් බලා සිටීම තමයි පියවර. ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම්, මෙවැනි වෙලාවට ඔබ මැණිකක්. තනිවම හෝ අපිට පුළුවන්,

    -නීතිය ගැන විශ්වාසය තහවුරු කරවන්න. එතකොට මෙවැනි සිදුවීම් නීතිය හමුවට එනවා. නැතිනම් මේ වෙද්දි දැරියන් කෙලෙසි කෙලෙසී ඉන්නවා. ඔබ නීතියට ගරහන හැම වචනයක් ගානේ ඔවුන්ගෙ විශ්වාසය බිඳිලා අසරණ වෙනවා. ඇප ගන්න හරි දූෂකයින් අධිකරණය ගේන එක නවතිනවා. ඒ දූෂකයින් තව තවත් දැරියන්ට මේකම කරනවා. ඔබ නීතිය නොදැන හැසිරීම විසින්, ඔබගේම දරුවා ළඟට දූෂකයාට එන්න විශ්වාසය හදනවා.

    -මම සමහර නීති දන්නෑනෙ? මොකද කරන්නෙ ඒකට? නීතිය තියෙන්නෙ අධිකරණයට, විනිසුරන්ට හෝ නීතීඥයින්ට නෙවෙයි. පොදු මහජනයාට. නෛතික ආයතන ඉන්නෙ පොදු මහජනයා වෙනුවෙන් සේවයට. ඒ හින්දා කොහෙන් කොහෙන් හෝ “අපිට අදාල අපේ නීතිය“ ගැන දැනුවත් වෙන්න.

    -ළමුන්ට ලිංගික අධ්‍යාපනය දීම සහ, ගෙදර වැඩිහිටියන් හැර අනෙක් සියළු දෙනා සමඟ සම්බන්ධ වියයුතු ආකාර ගැන උගන්වන්න වෙනවා. මේක රජයෙන් කළත් නොකළත් ඔබ ගුරුවරයෙක් නම්, උපදේශකයෙක් නම් පහසුවෙන්ම කරන්න පුළුවන්. කරුණාකර ඔබේ ගුරු වෘත්තිය මේ වෙලාවේ දූෂකයින්ට සහායක් ලෙස ව්‍යංගයෙන් හෝ භාවිත කරන්න එපා.

    -රාජ්‍ය ආයතන සහ අමාත්‍යවරුන්ව ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. හැබැයි ඇප දුන්නෙ ඇයි? ඒක නම් ලැජ්ජයි කියන එක නෙවෙයි ඒ ක්‍රමය. අවසාන තීන්දුව දිහා බලන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. අවසාන තීන්දුව “සැබෑ යුක්තිය ඉටුවන තීන්දුවක්“ කරන්න රජයට බල කරන එක.

    -ජනප්‍රිය තීන්දු ගන්න එපා. හෘද සංවේදී වෙන්න එපා. වැරැද්ද ආගමේ නම්, ඒක නිවැරදි කිරීම තමයි ඔබ ඔබේ ආගමට කරන ලොකුම සේවය. ඔබ බෞද්ධයෙක් නම්, මේ වෙලාවෙ සැබෑ වරදකරු හොයාගන්න ඔබ මැදිහත්වීම අවශ්‍යයි.

    -නෑ මම ක්‍රිස්තියානි. ඒ හින්දා නිකන් ඉන්නද? මම ඊළඟට ලියන්න සැළසුම් කළ ලිපිය තමයි, පසුගිය ජනවාරි 31 වැනිදා ක්‍රිස්තියානි පූජකයෙකු විසින් කුඩා දරුවෙකු ලිංගික දූෂණයට ලක් කිරීම ගැන දීපු අධිකරණ තීරණය. ඒ හින්දා ඔබ මේකෙන් මුක්ත නෑ. ආගමික ලෙස අපරාධ දිහා බලන්න බෑ.

    අන්තිම එක,

    ළමයි මේවා කැමැත්තෙන් කරා වෙන්න බැරි ද?

    නීතියේදි ළමයින්ට “කැමැත්ත“ කියා දෙයක් නෑ. ළමයෙක් සමඟ වැඩිහිටියෙක් වරදකට සම්බන්ධ උනා නම්, වැඩිහිටියා වරදකරු. ළමයෙක්ට “කැමැත්ත“ නෑ. ළමයෙක්ට ඒ වෙනුවට තියෙන්න “උපරිම යහපත“. ඒ වෙනුවෙන් තමයි සියලු දේ වෙන්නෙ. ⚖️

    “ඔබ ළඟ ඉන්න ළමයා පරෙස්සම් කරන්න. එයාව පරෙස්සම් කරන්න රාජ්‍යයට මැදිහත් වෙන්න දෙන්න එපා. ඒක දුෂ්කරයි. අපහසුයි. අසීරුයි. ඔබ ළඟ ඉන්න ළමයා වෙනුවෙන් අනෙක් සෑම ළමයෙක්ම රැකගන්න. ඔබේ දරුවාගේ ඇස් දෙක දිහා බලන්න. එයාගෙ යාලුවන් වෙනුවෙන් එයා නිහඬව කතා කරාවි“


    සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

    #LawAndJustice #lawnotes #LegalEducation
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,937
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Self Serve Music Video GIF by Peach Pit
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,765
    20,286
    113
    හස්තිශෛලපුර
    Mahanayakala madihat wela wenama inquiry ekak yanna ona mama nam kiyanne.. nahanayaka inne deshapakuwanta voice cut denna witarak newe..

    Hemarathanaya weraddak kalat nokalat, mewage accusations issaraha nowenna proactive measures ganna puluwan maha nayakalata..

    Buddagama anik agam wage gal yuge agamak newe neh.. adjust wenna puluwan neh aluth loketa align wenna.. habai itin ganayo majority eka tama gal yuge inne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,537
    113
    Mahanayakala madihat wela wenama inquiry ekak yanna ona mama nam kiyanne.. nahanayaka inne deshapakuwanta voice cut denna witarak newe..

    Hemarathanaya weraddak kalat nokalat, mewage accusations issaraha nowenna proactive measures ganna puluwan maha nayakalata..

    Buddagama anik agam wage gal yuge agamak newe neh.. adjust wenna puluwan neh aluth loketa align wenna.. habai itin ganayo majority eka tama gal yuge inne
    ඔව්. මේ ප්‍රශ්නෙන් හාමුදුරුවන්ට ගොඩ එන්න තියෙන එකම ක්‍රමය පුළුවන් හැම විදියකටම ඕපන් මේ පර්ක්ෂන වලට උදව් කරන එක විතරයි. නිවැරදි නන් ඇත්ත එළි වෙයි බොරුවක් නන් ඒත් එළි වෙයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    2500 ගාණක ඉතිහාසේ ඉදලා විමර්ශන කරන්න ඕනේ කියලා කොමිසමක් දාලා නැද්ද ලපය :lol: :lol: රෙද්දේ බඩ ගිය ජෙප්පෝ පල්ලේ ගමයෙක් අල්ලන් හැමිනෙනව...​

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    ඔක්කොම තියෙනවා, හැබැයි අර ඩොක්ට කෙනෙක්ව රේප් කලා කියලා මේ තරක් සාක්ශි නැතුව ඒ මනුස්සයට දස වද දීලා මීටත් වඩා වැඩි කාලයක් ඇප නොදී ඇතුකට දාපු හේතුව කියල නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,905
    113
    සේදවත්ත
    අටමස්ථානාධිපති දැන් බෝට්ටුවෙන් ඉන්දියාවට ගිහින් එහෙන් කැම්බෝඩියා වගේ පැන්නේ නැත්තම් කේස්. අපි උදව් කරන්න ඕනේ මේ එකපාර්ශවක අධීකරණයෙන් අටමස්ථානාධිපති ගලවාගන්න. මේ රටේ හැගීම් දෑනිම් වලට ඉඩක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,537
    113
    ඔක්කොම තියෙනවා, හැබැයි අර ඩොක්ට කෙනෙක්ව රේප් කලා කියලා මේ තරක් සාක්ශි නැතුව ඒ මනුස්සයට දස වද දීලා මීටත් වඩා වැඩි කාලයක් ඇප නොදී ඇතුකට දාපු හේතුව කියල නෑ.
    ඌට බෝම්බයක් සෙට් කරානේ. ඌට ඇප නැති උනේ එකෙන්ද කොහෙද
     
    • Wow
    Reactions: Heshan Daminda

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,557
    1,707
    113
    Birmingham
    තට්ට වේසිගෙ පුතාලා මහන කරද්දීම ඇට දෙක අයින් කරන්න නීති ගෙන්න ඕනේ. අර බල්ලන්ගේ කරන ඔපරේෂන් එක වගේ :love2: එතකොට තට්ට පොන්නයෝන්ට බත් දුන්නට පව් නැහැ.
     
    • Like
    Reactions: Podi puthas

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,158
    2,632
    113
    "ඕනෑම පුඩ්ගලයෙකු තුල ඩෝබියෙක් සිටී, එය කතා කරනා ටොපික් එක මත වෙනස් වේ"
    - සමන් කුමාර
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,537
    113
    ඌට ලෝයර්ලා නගින්න බෑ කිව්වා.

    😂
    එහෙම කිව්වට රජයෙන් එකෙක් දානවා. පොලිසිය බොම්ඹයක් සෙට් කරලා ඌට ඇප දෙන්න බැරි කෙස් එකක් පැටළුවනෙ.

    මේකෙත් දරුවා අනාරක්ෂිතයි කිව්ව නන් ඇප නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ළමාරක්ෂණ එකෙන් එකේ ගැටලුවක් නෑ කීවා කියලානේ කියන්නේ.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,133
    113
    එහෙම කිව්වට රජයෙන් එකෙක් දානවා. පොලිසිය බොම්ඹයක් සෙට් කරලා ඌට ඇප දෙන්න බැරි කෙස් එකක් පැටළුවනෙ.

    මේකෙත් දරුවා අනාරක්ෂිතයි කිව්ව නන් ඇප නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ළමාරක්ෂණ එකෙන් එකේ ගැටලුවක් නෑ කීවා කියලානේ කියන්නේ.
    නෑ මේ වගේ කේස් වලට ආන්ඩුවෙන් නීති සහය දෙන්නෙ නෑ.

    ඒකත් හොදයි එහෙම දුන්නා නම් ඌ කොහොමත් හිරේ. 🥴