ජපානයේ කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් වෙන් කර ඇති, ගොඩනැඟිලි සෑදීම සපුරා තහනම් කලාපයක (Agricultural/Control Zone) කිසිදු නිල අවසරයකින් තොරව ගොඩනැඟිලි 4කින් යුත් විශාල පල්ලි සංකීර්ණයක් රහසිගතව ඉදිකර තිබෙනවා. මේවා රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචි කර පවා නැහැ.
මෙහි ඇති ලොකුම අභිරහස නම් මේ සංකීර්ණය හැදුවේ කවුද කියා කිසිවෙකුත් නොදන්නා බව පැවසීමයි.
ඉඩම විකුණූ සමාගම පවසන්නේ "පුද්ගලික දත්ත ආරක්ෂණ නීති" නිසා මිලදී ගත් අයගේ තොරතුරු දිය නොහැකි බවයි.
එහි වැඩ කල කම්කරුවන් පවසන්නේ තමන්ට කුලිය දුන්නේ කවුදැයි තමන් නොදන්නා බවයි.
කවගෝයි නගර සභාව විසින් මේ ස්ථානය නීති විරෝධී බව ප්‍රකාශ කර වසා දමන ලෙස නියෝග කළත්, එහි කටයුතු තවමත් රහසිගතව සිදු කෙරෙනවා. මෙහි අයිතිකරුවන් "වසර 5ක් ඇතුළත මේවා ඉවත් කරගන්නම්" කියා නගර සභාවට සැලසුමක් බාරදී නීතිමය සිදුරුවලින් රිංගා තාවකාලිකව කාලය ලබාගෙන ඇති අතර, ඊට පසු මාසයේදීම එහි සමාරම්භක උත්සවයද පවත්වා තිබෙනවා.
ජපානය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක් වුවත්, පුද්ගලික දේපලක් රජයට හිතුණු පළියට බැකෝ දමා විනාශ කළ නොහැක. අනෙක් අතට, ගොඩනැඟිලි කඩා දැමීමේ අධික පිරිවැය (Demolition Costs) දැරිය යුත්තේ එය ඉදි කළ අය විසින් මිස රජයේ බදු මුදල්වලින් නොවේ. අයිතිකරු සැඟවී සිටීම නිසා නගර සභාව මේ වන විට නීතිමය වශයෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
ජපානයේ නීති පද්ධතියට සහ සංස්කෘතියට ගරු නොකරමින්, තමන් කවුදැයි අනන්‍යතාවය පවා සඟවන මෙවැනි කණ්ඩායම් රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පවසමින් මේ වන විට සමස්ත ජපානය පුරාම දැඩි විරෝධයක් මතු වෙමින් පවතී.
#JapanNews #Kawagoe #NationalSecurity #CurrentAffairs #GlobalUpdate
