පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීති පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.
ඒ ඉල්ලීමට අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.