රජකතා - අංක 1 හිඟන්නාගෙ රජ සැප

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,256
    3,322
    113
    724011989_1585731946449951_8700428313302978056_n.jpg

    ඔන්න එකෝමත් එක කාලෙක රජ
    කෙනෙක් පුරුද්දක් කරගෙන තිබ්බා රෑට රෑට වෙස්වලාගෙන රටේ වීදී සංචාරය කරන්න.
    ඉතින් මේ පුර සංචාරෙදි හැමදාම රජතුමාට ඇහෙනවා එක මුඩුක්කුවක ඉන්න හිඟන්නෙක් අනිත් හිඟන්නො වට කරන් කියනවා
    "කල්පනා කරලා බලන්න...අපි මේ හිඟාකනවා, දුක් විඳිනවා. ඒත් අපේ රජා, පොර සැපට මාලිගේ ඉන්නවා. රජ සැප ඈ. අන්තඃපුරද අරවද මේවද...
    අම්මපා..."
    රජතුමාත් මේක අහලා අහලා බැරිම තැන දෙන්නම් ගේමක් කියලා එකදවසක් උදේම රාජපුරුෂයො යවලා අර මුඩුක්කුවට, මේ හිඟන්නව රජ මාළිගේට ගෙන්නුවා.
    ගෙන්නලා දෙතිස් වදේ දුන්නද...
    අනේ නෑ....හිඟන්නව මඟුල් පොකුණෙ අන්තඃපුරේ පට්ට කෑලි ටිකක් එක්ක බස්සලා, නාවලා එහෙම ගොඩට අරන්, රාජාභරණ අන්දලා
    සංගීතෙ එක්ක රාජභෝජන තුන්වේලට කන්න දීලා
    දෙන්න පුළුවන් පට්ටම සැප දුන්නා.
    ඔක්කොටම පස්සෙ රජා, හිඟන්නව අරන් ගිහින් තමන්ගෙ රාජකීය සිරියහනෙ සැතපෙන්න දීලා, දෙපැත්තෙන් අවිගත්ත රාජපුරුෂයො දෙන්නෙකුත් දාලා, හිඟන්නට උදේ වෙනකන් ඇඳෙන් බහින්න තහනම් කරලා රජතුමත් ගිහින් නිදාගත්තා...
    හම්මට, මෙව්වනෙ යකෝ ඇඳවල් කියලා හිඟන්නත් රාජකීය සිරි යහනට පැන්නා. පැනලා හතර ගාතෙ දාලා උඩ බලනකොට තමයි දැක්කෙ...
    ඇඳට කෙලින්ම ඉහලින් පත අසිපතක් හීන් නූලකින් එල්ලෙනවා.
    අම්මට හුඩු...මේක දැක්ක වෙලේ ඉඳන් හිඟන්නට සහලෝලා උණ වගේ...ගැහෙනවා...දාඩිය දානවා...ඇස් පියවේගන එනකොට බයවෙලා ඇහැරෙනවා...එක කෙලියයි...ඇයි ඉතින් අර කඩුව කඩාගෙන වැටිලා වන්ෂොට් නෝබෙල් වෙයිද කියලා බයේ බෑනෙ...
    කොහොමින් කොහොමින් හරි මාලිගේ කුකුළා අඬලනකොට රාජපුරුෂයො දෙන්නා ඇඳ ගාවින් ගියා විතරයි හිඟන්නා උසේන් බෝල්ට් ගෙ රෙකෝඩ් කඩාගෙන රාජසාභාවට දුවන් ගිහින් රජතුමා ගෙ කකුල් ගාව ඇදගෙන වැටුනා..
    මහරජ -
    කොහොමද කොම්රෙඩ්...සැපට දොයිය ගත්තද, රජ සැප දැල් ෂැප....ද
    හිඟන්නා -
    පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, එක මොහොත් ක් ඇස් පියවුනේ නෑ...අර කඩුවක් එල්ලලනෙ...
    රජතුමා -
    ආන්න ඒක තමයි බොල කියන්නෙ...
    මේ සිංහාසනේ ඉන්න හැම මොහොතෙම මොකා
    මගෙ බොටුව කපලා බලේ ගනීද දන්නෑ. අසල්වැසි රාජ්‍ය නෙමේ, මේ පවුලෙ උන්වත් ෂුවර් නෑ. ඒ විතරක් නෙමෙයි කවදා හරි මම මේක අතෑරපු දාකත් මුං මාව දඟගෙයි දාන්න පුළුවන්.
    ඊළඟට ඉඩෝර , ගංවතුර වලින් භව බෝග විනාස වුනාම, සාගත් ආවම රට වැසියට කන්න බොන්න දෙන්න ඕනෙ. උන් බඩගින්නෙ මැරෙනකන් භාණ්ඩාගාරෙ ලොකුවට පුරවන් මගෙ මඟුල් රෙද්ද , සොරි සලුව අස්සෙ ගහන් ඉන්න බෑ. උන් කැරලි ගහනවා. මේ සැප අස්සෙ ඔය භීෂණේ හැම වෙලේම තියෙනවා.
    ඉතින් ඒක ඔය ඇඳ උඩ එල්ලෙන කඩුව වගේ. කොයි වෙලේ කඩන් වැටිලා බෙල්ල කැපෙයිද දන්නෑ. හරියට නිදාගත්ත දවසක් නෑ.
    බලන් ඉන්න එකා හිතන්නෙ නියමයි, පට්ට, පට්ට ආතල්, එළ, එළකිරි, එළ ෆවුසි කියලා. මේකෙ තියෙන පිත්තම තේරෙන්න කොරලම බලන්න ඕනෙ. ආසාව තිබ්බට හැම එකාටම කොරන්න බෑ....
    ඒක නෙමෙයි, ඉතින් මොකෝ කියන්නෙ, උඹ ඉන්නවැයි දිගටම...?
    හිඟන්නා - අනේ බුදු රජතුමනි, අර විපක්ෂෙ, සොරි සොරි, මුඩුක්කුවෙ ඉන්න කාලෙ කවුරු හරි දෙන දෙයක් කාලා , ඇඳලා , ඔබතුමාව විවේචනය කොරල සැපට රෑ එළිවෙනකන් නිදාගත්තා. මේ මොන කරුමයක්ද...(උතුරින්
    හැකරුන්ද, දකුණෙන් ට්‍රම්ප්ද, නැඟෙනහිරින් බාල ගල් අඟුරුද, බටහිරින් කාඩි null ද - නෑ එහෙම කිව්වෙ නෑ...ඒක වෙන කතාවක්)
    ඔබතුමාගෙ සැප
    ඔබතුමාම තියාගන්න. මට මගෙ මුඩුක්කුව හොඳයි
    කියලා හිඟන්නා වාසල දොරෙන් චි චී යවපු රොකට් එක වගේ විදලා ගියා...ආයෙ එදයින් පස්සෙ හිඟන්නා බත් කෑවෙත් මාලිමාවක් අරන් මාලිගාවට විරුද්ධ දිසාව හොයන් , ආන්න ඒ පැත්ත බලන්...
    -සමාප්තයි- (උපුටා ගැනීමකි )
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,107
    2,561
    113
    ඒ වුණාට
    අපිට අනුර විශ්වාසයි... මාලිමාව විශ්වාසයි... අවුරුදු 76ක් රට කාල කාල දැන් වත් හරියට වැඩක් කර ගන්න දීපල්ලා... කකුලෙන් අදින්න එපා...

    අපිට අනුර විශ්වාසයි... මාලිමාව විශ්වාසයි... අවුරුදු 76ක් රට කාල කාල දැන් වත් හරියට වැඩක් කර ගන්න දීපල්ලා... කකුලෙන් අදින්න එපා...
    @max_pain ඇයි උබ හිනා වෙන්නේ
    ------ Post added on Jun 13, 2026 at 5:53 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,048
    26,498
    113
    Kandy
    නාමල් සර්ව රජ කරමු

    නාමල් සර්ව රජ කරමු
    ------ Post added on Jun 13, 2026 at 6:37 PM