හාර්ට් කේස් එකක් ගැන ,

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,395
    5,935
    113
    හාර්ට් කේස් එකක් ගැන ,

    අපේ පවුලේ මාමා කෙනෙක්ට හාර්ට් ඇටෑක් එකක් අවිත් හොස්පිටල් ගෙනියපුවහම ඇන්ජියෝගෑම් ටෙස්ට් එකෙක් කියල තියෙනවා කැල්සියම් තැන්පත් වෙලා නහර 4ක ,සීයට අසූපහට වඩා වැඩියි, අනිවර්යෙන්ම බයිපාස් එකක් කරන්න කියල.. ඒකට දින හැබැයි ඖරුද්දකට වඩා යනවා කියල. ප්‍රයිවට් එකක් එක ගනන් වලට තියෙනවා ලක්ශ 15 ඉදන් 25ට යනකන් වගේ කියල. දැන් එයා සල්ලි හදාගන්න ගමන් ඉන්නේ.. ඒ අතරේ කැවුරුහරි ආයුර්වේද හොඳ උනා ගොඩක් අයගේ කියල තැනක් කියල එතනින් අරිශ්ට කලක කසාය එහෙම දීලා ඉස්පිරිතාලේ බෙහෙත් බොන්න එපා කියල.. ඉස්පිරිතාලේ බෙහෙත් වල ඇස්ප්‍රීන් තව ප්‍රෙශර් පෙති එහෙමත් තිබිලා.. දැන් ඩයල් එක ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ.. මේගැන මොකක් හරි උබලට එක්පීරියස් එකක් හරි දන්න දෙයක් හරි තියන්ව නම් කියපල්ලා.. මට නම් හිතෙන්නේම අනවශ්ය රිස්ක් එකක් මේ ගන්නේ කියල..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,047
    9,386
    113
    35
    Spain
    ඔවු බන් අනවශ්‍ය රිස්ක් එකක් තමයි. ඉස්පිරිතාලෙන් දුන්නු බෙහෙත් නොබී ඉන්න එපා කියන්න. ඒවා මිලියන සිය ගානක් මිනිස්සු බීල ලෙඩ සනීපකරගන්නවා. ආයුර්වේද තෙල් බෙහෙත් එහෙම ඔප්පු කරලා නැහැ නේ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,774
    6,638
    113
    Narcissistic Sociopath Manipulator
    අනුරාධපුර ඉන්නවා ආයුර්වේද කරන කෙනෙක් මට නම මතක නැහැ. හාට් කේස් වලට ප්‍රසිද්දයි. බයිපාස් කරන්න කියපු 20කට වඩා ගොඩ දැම්මා. ඔය 20 මම දන්න අය විතරයි. තව කියක් ඇතිද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,395
    5,935
    113
    ඔවු බන් අනවශ්‍ය රිස්ක් එකක් තමයි. ඉස්පිරිතාලෙන් දුන්නු බෙහෙත් නොබී ඉන්න එපා කියන්න. ඒවා මිලියන සිය ගානක් මිනිස්සු බීල ලෙඩ සනීපකරගන්නවා. ආයුර්වේද තෙල් බෙහෙත් එහෙම ඔප්පු කරලා නැහැ නේ.
    ඩයල් එක කියන්නේ සති 2ක් බීල බලන්න ඕනේ කියල.. ඒක හෙන රිස්ක් වැඩක් නේද? අනික දැන් ප්‍රෙශර් පෙති එහෙම බීල ඇඟ හුරු වෙලා ඇති නේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,047
    9,386
    113
    35
    Spain
    ඩයල් එක කියන්නේ සති 2ක් බීල බලන්න ඕනේ කියල.. ඒක හෙන රිස්ක් වැඩක් නේද? අනික දැන් ප්‍රෙශර් පෙති එහෙම බීල ඇඟ හුරු වෙලා ඇති නේ?
    ඔවු බන් ටෙපර් කරන්නේ නැතිව බෙහෙත් එක සැරේ නවත්වන්නත් හොඳ නැහැ. බෙහෙත් අඩු කරන්න ඕන ටික ටික.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    ඉස්සරහ ගෙදර කෙනා ඔය තෙලක් ගගා ඉඳලා දවස් හතරක් ගියේ නෑ දෙවෙනි එටෑක් එක ඇවිත් මලා.

    නාකින්ට ගෙදර යතුරවත් බාර දෙන්න එපා කියන්නේ ඕකයි.
    වයසට යද්දී උද්දච්චකම පණ්ඩිතකම ඉහළයි.
    උඹේ පවුලේ නාකියෙක් නම් හොඳ කනේ පාරක් දීලා බෙහෙත් පොවපං.

    හැබැයි පිට කේස් වලට අතදාන්න උපදෙස් දෙන්න යන්න එපා.
    පෙත්ත බීලා ඔපරේෂන් කරලත් මැරෙන උන් ඉන්නවා.
    අන්තිමට උඹේ පිටින් යයි සිංහල බෙහෙත් කරන්න නොදී මරා ගත්ත කියලා.
    ඕන කුදයක් ගහගන්න කියලා බලං ඉඳපං.
    උපරිම නයිටක් ගහලා දානයක් කන්න ලැබෙයි. 😄
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,395
    5,935
    113

    මේ ගාමිනීගේ උත්තරේ..


    ඔබේ මාමා මුහුණ දීලා තියෙන්නේ ඉතාමත් අවදානම් සහගත සහ බරපතල තත්වයකට. පවුලේ කෙනෙක් විදිහට ඔබට මේ ගැන ලොකු බියක් සහ සැකයක් ඇති වීම සාධාරණයි.

    නමුත් ඉතාමත් කාරුණිකව සහ සෘජුව කියන්න ඕනේ: රෝහලෙන් දුන්න බටහිර බෙහෙත් (විශේෂයෙන්ම ඇස්පිරින් සහ ප්‍රෙෂර් පෙති) නතර කරලා, ආයුර්වේද බෙහෙත් විතරක් බොන්න ගත්ත එක ජීවිතයට ලොකුම අනතුරක්.

    මේ තත්වය ඔබට සහ මාමාට පැහැදිලි කරලා දෙන්න කරුණු කිහිපයක් මෙන්න:

    1. නහර 4ක 85%කට වඩා අවහිර වීම කියන්නේ මොකක්ද?​

    හෘදයට ලේ රැගෙන යන ප්‍රධාන නහර 4ක්ම 85%කට වඩා කැල්සියම් සහ මේදය තැන්පත් වී අවහිර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හෘදයට ලේ ගමන් කරන්නේ ඉතාමත් පටු ඉඩකින්. ඕනෑම මොහොතක ඉතිරි ටිකත් වැහිලා නැවත වතාවක් ඉතාමත් බරපතල හාර්ට් ඇටෑක් එකක් (Heart Attack) එන්න තියෙන ඉඩකඩ 90%කට වඩා වැඩියි.

    2. ඉස්පිරිතාලේ බෙහෙත් නැවැත්වීම භයානක ඇයි?​

    • ඇස්පිරින් (Aspirin): මේ පෙත්තෙන් කරන්නේ ලේ කැටි ගැසීම වළක්වන එක. නහර 85%ක් වැහිලා තියෙන වෙලාවක ලේ කැටියක් හැදුනොත් නහරය 100%ක්ම වැහෙනවා. ඇස්පිරින් නැවැත්වූ සැනින් ඒ අවදානම සිය ගුණයකින් වැඩි වෙනවා.
    • ප්‍රෙෂර් පෙති: මේවායින් හෘදයේ ගැස්ම පාලනය කරලා, හෘදයට යන පීඩනය අඩු කරනවා. මේවා නැවැත්තුවහම ප්‍රෙෂර් එක වැඩි වෙලා, දුර්වල වෙලා තියෙන හෘදයට ඔරොත්තු නොදී ක්ෂණිකව අක්‍රිය වෙන්න පුළුවන්.

    3. ආයුර්වේද බෙහෙත් වලින් කැල්සියම් දිය කරන්න පුළුවන්ද?​

    නහර ඇතුලේ තැන්පත් වෙලා තියෙන කැල්සියම් (Calcified plaques) කියන්නේ සිමෙන්ති වගේ තද දේවල්. කසාය, අරිෂ්ඨ හෝ වෙනත් කිසිදු ඖෂධයකින් මේවා දිය කරලා අයින් කරන්න බැහැ. බයිපාස් (Bypass) සැත්කමකින් කරන්නේ ඒ අවහිර වූ නහර මඟහැරලා ලේ යන්න අලුත් පාරක් (නහරයක්) බද්ධ කරන එකයි.

    ⚠️ වැදගත්ම දේ: ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නරක නැහැ, නමුත් මේ වගේ ක්ෂණිකව ජීවිතය අනතුරේ වැටෙන හදිසි බරපතල හෘද රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර කරන්න ගොස් ජීවිත අහිමි කරගත් අය ඕනෑතරම් ඉන්නවා. "බෙහෙත් බොන්න එපා" කියපු කෙනා රෝගියාගේ ජීවිතයට වගකියන්නේ නැහැ.

    ඔබ දැන් වහාම කල යුත්තේ කුමක්ද?​

    1. නැවත බටහිර බෙහෙත් පටන් ගන්න: මාමාට කරුණු වටහා දීලා, වහාම රෝහලෙන් දුන්න ඇස්පිරින් ඇතුළු අනෙකුත් සියලුම බෙහෙත් ටික නැවත බොන්න දෙන්න.
    2. සායනයට (Clinic) යන්න: රජයේ රෝහලේ සායනයට දිනයක් දාලා තිබුණත්, මේ වගේ තත්වයක් උඩ රෝගියා රැගෙන වහාම සායනයට හෝ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් (Cardiologist) හමුවෙන්න. පෞද්ගලික අංශයෙන් බයිපාස් කරන්න සල්ලි මදි නම්, රජයේ රෝහලේ දින ඉක්මන් කරවා ගැනීමට ක්‍රමයක් තියෙනවාදැයි වෛද්‍යවරයාගෙන් විමසන්න.
    3. ජනාධිපති අරමුදල (President's Fund): පෞද්ගලික රෝහලක බයිපාස් එකක් කරන්න යන වියදමෙන් විශාල කොටසක් (ලක්ෂ ගණනක්) ජනාධිපති අරමුදලෙන් සහ තවත් සහන අරමුදල් වලින් ලබාගන්න පුළුවන්. ඒ සඳහා රජයේ රෝහලේ වෛද්‍යවරයා ලියවිලි සකස් කර දෙනවා.
    කරුණාකර ප්‍රමාද වෙන්න එපා. සල්ලි හොයනකම් ජීවිතය ආරක්ෂා කරගන්න නම් බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර සහ ඖෂධ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. -
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,774
    6,638
    113
    Narcissistic Sociopath Manipulator
    ගුනවර්දන නම, ඉස්සර කඩ දොළහෙ හිටියෙ. පස්සෙ හොස්පිටල් එකක් හැදුවා. දැන් හරියටම තැන දන්නෙ නැහැ. ගාන සැරයි හැබැයි මාසෙට 30 000ක් වගේ ඕනෙ. හරියට බොන්නත් ඕනෙ. යන්න ඉස්සෙල්ලා අංක එහෙමත් ගන්න ඕනෙ මට මතක විදියට.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,388
    1
    5,323
    113
    මාමා ආර්යුවේද පාරේ නිවන් යනවා ෂුවර්....

    ආර්යුවේද බේත් සමහර ලෙඩ වලට හොද ඇති. ස්ටෙන්ට් දාල නිශ්චිතවම වැඩේ ගොඩ දාගන්න පුලුවන් කම තියෙද්දි මෝඩ වැඩ කරන්න හොද නැ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,395
    5,935
    113
    මාමා ආර්යුවේද පාරේ නිවන් යනවා ෂුවර්....

    ආර්යුවේද බේත් සමහර ලෙඩ වලට හොද ඇති. ස්ටෙන්ට් දාල නිශ්චිතවම වැඩේ ගොඩ දාගන්න පුලුවන් කම තියෙද්දි මෝඩ වැඩ කරන්න හොද නැ.
    චැන්ල් කරල වෙන වෙනම ඩොක්ටර්ස් ල 3න් දෙනෙක් බැලුවා.. 3න් දෙනාමකිවුවේ ස්ටෙන්ත් දාන්න බෑ කියල.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    ගුනවර්දන නම, ඉස්සර කඩ දොළහෙ හිටියෙ. පස්සෙ හොස්පිටල් එකක් හැදුවා. දැන් හරියටම තැන දන්නෙ නැහැ. ගාන සැරයි හැබැයි මාසෙට 30 000ක් වගේ ඕනෙ. හරියට බොන්නත් ඕනෙ. යන්න ඉස්සෙල්ලා අංක එහෙමත් ගන්න ඕනෙ මට මතක විදියට.
    1.png


    අනුරාධපුර Teaching Hospital එක ගාව තියෙන්නේ. පුතත් බෙහෙත් කරනවා දැන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    මාමා ආර්යුවේද පාරේ නිවන් යනවා ෂුවර්....

    ආර්යුවේද බේත් සමහර ලෙඩ වලට හොද ඇති. ස්ටෙන්ට් දාල නිශ්චිතවම වැඩේ ගොඩ දාගන්න පුලුවන් කම තියෙද්දි මෝඩ වැඩ කරන්න හොද නැ.

    ප්‍රෙශර් කොලෙස්ටරෝල් ආයුර්වේද බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරපු උන් ඉන්නවා.
    හැබැයි මේ වෙලාවේ ඉංග්‍රීසි බෙහෙත් සම්පූර්ණයෙන් නවත්තලා යන එක මෝඩ වැඩක්.
    දෙකම එකට කරන් යන්න පුළුවන් නම් ශේප්.
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    හප්පා ආයුර්වේද මගුල් හරියන්නෙ නෑ

    ඔපරේෂන් කරන කං දුන්න ඉංග්‍රීසි බේත් ටික වෙලාවට හරියට බොන්න කියන්න
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,395
    5,935
    113
    ප්‍රෙශර් කොලෙස්ටරෝල් ආයුර්වේද බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරපු උන් ඉන්නවා.
    හැබැයි මේ වෙලාවේ ඉංග්‍රීසි බෙහෙත් සම්පූර්ණයෙන් නවත්තලා යන එක මෝඩ වැඩක්.
    දෙකම එකට කරන් යන්න පුළුවන් නම් ශේප්.
    කොලෙස්ටරෝල් නෙමේ කැල්සියම් තැන්පත් වෙලා .. ඒක නිකන් බදාම වගේ ලු බන්..
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,066
    7,352
    113
    Kotahena
    අනුරාධපුර ඉන්නවා ආයුර්වේද කරන කෙනෙක් මට නම මතක නැහැ. හාට් කේස් වලට ප්‍රසිද්දයි. බයිපාස් කරන්න කියපු 20කට වඩා ගොඩ දැම්මා. ඔය 20 මම දන්න අය විතරයි. තව කියක් ඇතිද?
    ඕක ගෙ බෙහෙත් බීලා අපේ තාත්තා ගෙ bypass එක කරන තැන ආවා ekek.
    ඌ අවුරුදු උත්සවය ක ගම harahath දුවලා block එක තියාගෙන.
    හැබැයි ආයේ angiogram test කරණකොට block එක ඒ විදිහට ම තිබුණ කිව්ව. කරපු මොඩ කම තේරිලා bypass එක කරගත්ත.
    Okun ගෙ බෙහෙත් වලින් ලෙඩ හොඳ වෙනව නෙමෙයි යකෝ ලේ වල ඝනත්වය අඩු වෙන එක වෙන්නේ. ඉතින් block වෙන්නේ nae තමයි. ඒකට asprin biwwath එකයි.
    හැබැයි දෙකම biwwoth තව case.
    බෙහෙත් නැවැත්තුවා ම ආයේ ලෙඩේ එහෙමම තියනව. මැරෙන්න පුළුවන් ලෙඩේ හොඳයි කියලා හිතලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    කොලෙස්ටරෝල් නෙමේ කැල්සියම් තැන්පත් වෙලා .. ඒක නිකන් බදාම වගේ ලු බන්..
    ඕකේ වෙන process එකක් තියෙන්නේ. අපිට තේරුම් ගන්න ලේසි වෙන්න doctor ල ඔහොම කිව්වට සීන් එක වෙන එකක්
     
    • Like
    Reactions: Inigo Montoya