ඩොලර් මිලියනයක් වටිනා හිසක් හිමි රූමතිය.

Elza

Junior member
  • Mar 24, 2026
    72
    71
    18
    ඩෙන්මාර්කයේ වෙසෙන ශිෂ්‍යාවකට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක වන අයිසිස් ත්‍රස්තවාදීන් විසින් මරණ වරෙන්තුවක් නිකුත් කොට ඇති අතර ඔවුන් ඇයගේ හිස ඩොලර් මිලියනයකට මිල කොට තිබේ....

    එනම් ඇයගේ හිස ගෙන එන ඕනෑම අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක් ඔවුන්ගෙන් තෑගි වශයෙන් ලැබෙනු ඇත...

    අයිසිස් ත්‍රස්තවාදීන්ට ඇය කොතරම් තර්ජනයක්දැයි ඉන් පැවසෙන බව දේශපාලන විචාරකයන් පවසති....අයිසිස් නොහොත් අයි එස් අයි එස් නම් දරුණු ත්‍රස්තවාදීන්ට මෙතරම් අවශ්‍ය නොහොත් ඔවුන් මෙතරම් බිය වී සිටින මේ ශිෂ්‍යාව කවුරුන්ද?

    ඇය නමින් ජොආනා පලනි නම් ඩෙන්මාකයේ සරසවියක දේශපාලන විද්‍යාව හදාරන තරුණියකි.... ඇය සිය ඉගෙනීම ඉවත ලා සිරියාවේ ජිහාඩ් වාදීන්ට එරෙහි සටන් පෙරමුණට එක් වී තිබේ.... ඒ ස්නයිපර් තුවක්කුකාරියක ලෙසිනි....
    එහිදී ඇය රුසියානු ස්නයිපර් රයිපලයකින් අයිසිස් ඉලක්ක වෙත වෙඩි තැබීමට පුහුණුවක් ලබා ඇත.... ඇගේ නොවරදින ඉලක්කයට දැනට අයිසිස් ත්‍රස්තවාදීන් 100 කට අධික ප්‍රමාණයක් ගොදුරු වී තිබේ...

    නැවත ඩෙන්මාර්කයට පැමිණ සිටින ඇය දැන් එරට බලධාරින්ගෙන් සැඟ වී සිටින අතර ඇය සිරගත කිරීමේ අවදානමකට මුහුණ දී සිටින්නීය.... ඩෙන්මාර්ක් බලධාරින් විසින් ඇයට නැවත සිරියාවට යෑම තහනම් කර තිබේ... තවද ජිහාඩ් සටන්කාමින්ට එරෙහිව සටන් වැදීම ඇයට තහනම් කොට තිබේ....

    එසේම ඉස්ලාම් අන්තවාදීන් විසින් ඇයව ලිංගික වහලෙකු ලෙස සේවය කිරීම පිණිස රැගෙන යාමට උත්සාහ කිරීමේ තර්ජනයකට මුහුණ දී සිටී....ජොආනා තම ජීවිතය අනතුරේ හෙලමින් අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීමට සිරියාවට පැමිණීම හා ඉතා නිවැරදි ඉලක්කයට වෙඩි තබනා ස්නයිපර් වෙඩික්කාරියක දක්වා ඇගේ එළැඹුම පිළිබඳව ඇය සිතන්නේ මෙසේය...

    “මම මගේ ජීවිතය හා නිදහස අත්හැර දමා සිටින්නේ අයිසිස් ත්‍රස්තයන්ගේ කෲර ක්‍රියා වලට එරෙහිව සටන් වැදීමටයි... යුරෝපයේ සියල්ලන් ආරක්ෂා සහිතව ජීවත්වීම ඔවුන්ගේ අයිතියක්...මේ මගේ තෝරා ගැනීමයි...නමුත් මගේ රට මාව සළකන්නේ ත්‍රස්තවාදියකු ලෙසයි.”

    ජොආනා ග්‍රීෂ්ම ඍතුවේ ඩෙන්මාර්ක නීති බිඳ හෙලමින් නැවත සිරියාවට ගියාය...

    “මට රටේ නීතිය බිඳින්නට වීම ගැන කණගාටුයි... නමුත් මට වෙනත් විසඳුමක් නැහැ...මට සියළු දේ අහිමි වූයේ අනෙක් රටවල සහෝදර ජනතාව වෙනුවෙන්, දැන් මගේ නිදහස නැති කිරීමට උත්සාහ කරන මගේ රටත් ඇතුළුව... මම ස්නයිපර්වරියක්... මම කැමති මගේ මොළයත්, මගේ ශරීරයත් අපගේ මෙහෙයුම වෙනුවෙන් යෙදවීමටයි... මම ජීවත් වන්නේ ලෝකයේ හොඳම රටවල් වලින් එකක.... නමුත් මම නිවසක් නැතිව, බඩගින්නේ, රාත්‍රියේ සීතලෙන් ගැහෙමින් මගේ අරමුණ වෙනුවෙන් පූර්ණ කාලීනව වැඩ කරනවා... මම කිසිවකු විශ්වාස කරන්නේ නැහැ.... ඔවුන් කුර්දිස්තානයේ කරනා ලෙස යුරෝපීය රටවල සිටින අයිසිස්වරුන්ට තර්ජනය කිරීමට මට අවශ්‍ය නැහැ....”

    ජොආනාට සංක්‍රමණ වාරණය පැනවූයේ 2015 සැප්තැම්බර් මාසයේය....නමුත් ඇය ඊට අකීකරු වෙමින් අයිසිස් ත්‍රස්තයන්ට එරෙහිව සටන් කරමින් සිටින කුර්දිෂ් බල ඇණියට එකතුවීම පිණිස 2016 ජූනි මස උතුරු සිරියාවට පලා ආවාය....එහිදී ඇයව පුහුණු කළ ස්නයිපර්වරියද ඇයට එක් විය....

    ඉරාන කුර්දි පෙලපතකට අයත් ජොආනා පළමු ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරානයේ සරණාගත කඳවුරකදී උපත ලැබීය.... ඉන්පසු සරණාගතයන් ලෙස ජොආනා පවුල ඩෙන්මාර්කයට සංක්‍රමණය වන විට ඇගේ වයස අවුරුදු තුනක් විය.... එතැන් සිට 2014 දී කුර්දිෂ් විමුක්තිකාමීන්ට එක්වන තුරු ඇය ඩෙන්මාර්කයේ ජීවත් වූවාය.... අයිසිස් කඳවුරුවලට පහර දීමේදී ඇය වඩාත් උනන්දු වූයේ ලිංගික වහලියන් ලෙස සිර කඳවුරු රඳවා ගෙන සිටි ගැහැණුන් මුදවා ගැනීමය... ජොආනා ඩෙන්මාර්ක් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදුව සති 3 ක් බන්ධනාගාරගත කරන ලද්දේය.... පසුව උසාවියේ නියෝගයක් පිට ඇයව නිදහස් කරන ලදී....

    “එය වස ලජ්ජාවක්... යුක්තිය වෙනුවෙන් සටන් කරන කෙනෙකුට දඬුවම් කරන ලෝකයේ පළමු රට අප වෙන්න පුළුවන්.... ඇයට දඬුවම් කිරීම ඉහළම කුහකකමක්...”

    ඇගේ නීතිවේදියා වූ එබිල් කායා පැවසීය...

    “මම ඩොලර් මිලියනයක ත්‍යාගයක සෙවණැල්ල වැටෙමින් තවමත් ජීවත් වෙනවා... මා පණපිටින් අසුවුවහොත් ඔවුන් මා ලිංගික වහලියක ලෙස යොදා ගනීවි... අවසානයේ මරා දමාවි... නමුත් මගේ අරමුණ මරා දමන්නට උන්ට කවදාවත් හැකි වෙන්නේ නැහැ....”

    ජොආනා අයිසිස් ත්‍රස්තයන්ගෙන් පමණක් නොව ඩෙන්මාර්ක් බලධාරින්ගෙන්ද ගැලවී තවමත් යුක්තිය වෙනුවෙන් සටන් කරමින් සිටියි.

    724243043_3926165287517934_4521255740987845352_n.jpg
    725025585_3926165240851272_8659124846842880852_n.jpg

    725640925_3926165330851263_9149560420874673738_n.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,912
    7,848
    113
    ගෑණු කෙනෙක් අතින් මැරුණොත් උන්ට ස්වර්ගයට යන්න බෑ ලු නේ. එකයි මුන් බය වෙලා තියෙන්නේ.
    එහෙනම් Israel Declare කරන්න ඕන කමෙයිනිට ගහපු Flights වල Pilot ලා ගැහැණු කියලා...
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,156
    26,612
    113
    Kandy
    Isis හැදුවෙත් cia එකයි ඊශ්‍රායල් එකතු වෙලා මුස්ලිම් රටවල් වලපල්ලට දාන්න උන් කවදාවත් ඉස්‍රායෙලෙට ගැහුවේ නෑනේ