තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකයකු මෙන්ම මාලිමා ප්රාදේශීය සභා අපේක්ෂකයකු වංචා සහගත ලෙස ජලය බලා ගැනීම නිසා රුපියල් 51434 දඩයක් අයකර ගැනීමට කටයුතු කළ බව තිස්සමහාරාම ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.බයියො අඩයි කියලා හිතුවට මෙහම අඩයි කියලා හිතුවෙ නෑ..![]()
තිස්සමහාරාම ජල සම්පාදන මණ්ඩලය මගින් නිවසට ලබා දී තිබූ ජල සම්බන්ධතා මනුව මගහැර වසර දහ අටක් තිස්සේ අයථා ලෙස පානීය ජලය ලබා ගෙන ඇතැයි ජල සම්පාදන මණ්ඩලය කියයි.
ප්රදේශවාසියකු ලබා දුන් තොරතුරකුට අනුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් නිවසට ගොස් අදාල මනුව පරීක්ෂා කිරීමේදී මනුවට පෙර තවත් බටයක් සම්බන්ධ කොට අයථා ලෙස ජලය ලබාගෙන තිබූ බැවින් ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.