යාලුවනේ,
හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන, හැමදාම අපිට නොදැනී සිද්ධවෙන ලොකු සල්ලි නාස්තියක් ගැන දැනුවත් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ. අද කාලේ හැටියට අපි හම්බකරන හැම සතේම ගොඩක් වටිනවා. ඒ නිසා හැම මාසෙම තමන්ගේ බැංකු ගිණුම් වල Monthly Statements අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න පුරුදු වෙන්න.
සමහර බැංකු වලින් අපිට හරියටම වැටහෙන්නේ නැති එක එක නානාප්‍රකාර දේවල් වලට ගිණුමෙන් සල්ලි කපාගන්නවා. අපි ඒ ගැන හොයලා බැලුවේ නැත්නම් දිගින් දිගටම මේ විදිහට සල්ලි කැපිලා යනවා. හදිස්සියකට සල්ලි ගන්න ගියාම ගිණුමේ සල්ලි මදි වෙලා ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න වෙන්නෙත් මෙන්න මේ වගේ නොදැනුවත්ව සිද්ධවෙන කපාගැනීම් නිසයි.
විශේෂයෙන්ම පහත සඳහන් ගාස්තු ගැන අවධානයෙන් ඉන්න:
ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම්, වෙනත් බැංකු වලින් කපාගන්න මේ වගේ අමුතු ගාස්තු ගැන දන්නවා නම් පහලින් Comment එකක් දාගෙන යන්න. තවත් කෙනෙක්ව දැනුවත් කරන්න මේක Share කරන්න.

- Account Maintenance & Service Fees: (සමහර ගිණුම් වල තිබිය යුතු අවම ශේෂය (Minimum Balance) පවත්වා නොගැනීම නිසා Monthly මේවා කපනවා)
- ATM Fees / Card Fees (New card replacement)
- වෙනත් බැංකු වල ATM යන්ත්‍ර භාවිතය නිසා සිදුවන අනවශ්‍ය සහ අධික කැපීම් (Lanka pay - 25/-)
- SMS / Mobile Banking Alerts Charges: (අපි නිසි ලෙස පාවිච්චි නොකරන, හැබැයි සක්‍රිය වෙලා තියෙන Alert සේවාවන් සඳහා මාසිකව කැපෙන මුදල්)
- Internet Banking
- Interest TAX