ජීවිතේ කවද හරි දවසක උබ ?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    නැහැ බන් අම්මට නම් බැනල තියෙනවා ,පොඩි කාලේ මම නාන්න හොරය් සතියට සැරයය් නාන්නේ .අම්ම අල්ලලා ගහලා නාවනවා එතකොට බනිනවා ,කෑම රස නැහැ කියල බැනල තියෙනවා පව් වැඩ තමය් ඉතින්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    පූසගෙ තුවාලයක් හැදුනා. බොහොම අමාරුවෙන් අල්ලගත්තා. බෙහෙත් ස්ප්‍රේ කරාට පස්සෙ මූ අම්මමෝ නැතුව දුවලා හැංගෙනවා ආයෙ දවසකටවත් ගෙදර එන්නෙ නෑ. ඒ නිසා ගේ ඇතුලට දාගෙන දොරවල් ජනෙල් ඔක්කොම වහලා තමා ස්ප්‍රේ කරන්නේ. දෙතුන් පාරක් ගෙදර එක එක්කෙනාට වෙන වෙනම කිව්වා දොරවල් අරින්න එපා කියලා. ඊට පස්සෙ ස්ප්‍රේ කරා. මූ දුවනකොටම අප්පච්චි ඌටම ඇරල දුන්න වගේ දොර ලඟට එනකොටම දොර ඇරියා. ෆෝන් එකත් කනේ ගහගෙන ඒකෙ සිහියෙන් එලියට යන්න දොර ඇරල තියෙන්නේ. එදා නම් හොඳටම බැන්නා. අප්පච්චි දවසක් දෙකක් මාත් එක්ක කතා කරෙත් නෑ. ඇත්තටම එදා නම් අම්මත් අප්පච්චිට බැන්නා. එදා පැනල ගිය පාර පූසා ආයෙ ආවෙ අර සීරුමක් වගේ තිබ්බ තුවාලෙ වලක් වගේ ලොකු කරගෙන පණුවොත් බෝ කරගෙන. ඒ නිසා බැනපු එක ගැන දුකක් නෑ.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,237
    906
    113
    සමන්‍ය ගානට කාට උනත් බැනෙනවා එත් ඕවර් යන්නෑ කුනුහර්ප එහෙම කියන්නෑ තරහා අවාත හිතින් පමණයි😩
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,849
    6,906
    113
    එහෙම බනින්න අවස්ථාවල් උදා වෙලා නෑ. මගේ ගොන් වැඩ වලටනම් බල්ලට වගේ බනිනව ඉතින්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain
    බැනල තියෙනවා. කෑම කන්නේ නැතිව ඉඳල. පස්සේ බලනකොට සීනි හොඳටම වැඩි වෙලා තිබ්බේ. පස්සෙන්ද හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුනා. අදත් බැන්න සීනි හොරා කාල අහු වෙලා.
     
    • Like
    Reactions: max_pain

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,735
    9,051
    113
    kandy
    රණ්ඩු වෙලා තියනවා . නරක විදිහට නම් බැනලා නෑ . අප්පච්චි නැති වෙන්න දවසේ මම town එකට යන්න කලින් දන ගහලා වැඳල ගියේ .. ආය එනකොට එයා නැති වෙලා .