දැක්කාද මේ කතාව.⚓🤔

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,519
    113
    පොන්සි ආණ්ඩුව
    දැක්කාද මේ කතාව.
    ⚓
    🤔

    May be an image of boat and text

    පහත දැක්වෙන රෑපයෙ කතාව ඔයා කියවන්න ඇති. නොකියපු අයට ඉතා කෙටියෙන් කිව්වොත්,
    ආර්ථික අපහසුකම් ඇතිව තම පියා රෝගාතුරව ඉන්න කෙනෙක් නැවක කැඩෙට් නිලධාරීයෙක් විදිහට නැවකට ඇවිත් එහිදී ඇතිවෙන පීඩනය හේතුවෙන් දිවි නසා ගෙන.
    🤔
    🤔
    🤔

    සරලව කිවහොත් ඔන්න ඕක තමයි කතාව

    මම දැක්කා සමහර කොමෙන්ට් වල ඔහුට වෙන අසාධාරණකම් ගැන කියලා තිබුණා.,
    🗣️

    මම අහන ප්‍රශ්නය තමයි මෙහෙම රැකියා කරන තැන පීඩනය තියෙන්නෙ මේ කාලෙ විතරක්ද?
    👀
    👀
    👀

    අද ඉන්නා සහ විශ්‍රාමික ඉහල තනතුරු දැරූ අය මෙයට උත්තර දෙයි එදා තිබුණු තත්ත්වය ගැන කියලා. ඇත්තටම අදට වඩා එදා මේ තත්ත්වය හරි භයානකයි
    ☠️
    ☠️
    .( රැකියාවෙ තිබූ පීඩනයන්) එහෙමනම් ඇයි එදා කව්රුවත් සියදිවි නසා ගත්තෙ නැත්තේ?.
    🪷
    🪷
    🪷

    එදා තමන්ට සිදුවු දෙය ගැන අනිත් අය සමඟ කතා කලා. නැත්නම් අනිත් අය ඔහුව සැනසුවා.
    " ඔහොම තමයි බං කට්ට කාලා ඉමු. ආපු වැඩේ කරගමු."
    ඔන්න ඔය වගේ දේවල් කියලා හිත සැනසුවා. එහෙම ඉවසන් හිටිය අය අද ඉහල තනතුරු වල.
    " අපි ඕකට ගහමු, ලංකාවෙදි හම්බ උනොත් කරන වැඩේ දන්නවා"

    ඔහොම කියපු අය , අද කියන්නෙ ඒ සීනියර් නිලධාරීන් නිසා අද අපි ඉවසීම දරාගෙන හොඳින් ඉගෙන ගත්තා කියලා.
    හැබැයි අදටත් ඉන්නවා පුද්ගලයන් සමග ඇරියස් තියාගෙන වද දුන්න අය. හැබැයි ඉතා සුළු පිරිසක්.
    දශක හතරක පමණ අත්දැකීම් තියෙන මම.අද ඉන්නා ඉහල නිලධාරීන් ගැන ආඩම්බර වෙනවා ( සුලු පිරිසක් හැර). ඔවුන් ලඟ ඇරියස් නෑ.
    එහෙමනම් මොකක්ද මේ දරා ගන්න බැරි පීඩනයට හේතුව.
    🥀
    🥀
    🥀

    එදා දවස අවසානයේදී ඒ හැම කෙනෙක්ම තමන්ගේ දුක් අනිත් අය සමඟ කතා කලා. එහි දුක් සැප බෙදා ගත්තා.
    උපදෙස් ලැබුණේ නැවේ රැකියා කරන අයගෙන්.

    අද මොකද වෙන්නෙ. තමන්ට සම්මුඛව කතා කරන්න කව්රුවත් නෑ. තමන්ගේ දුක් කියන්න තියෙන්නේ කවදාවත්ම දැකලා නැති රස්සාව ගැන දන්නේ නැති සමාජ මාධ්‍ය යාලුවෙක්ට විතරයි.
    ඔවුන්ගේ උපදෙස් මොනවාද? ඔවුන් දන්නවාද රැකියාවෙ ස්භාවය. නෑ හැබැයි බක පණ්ඩිත උපදෙස් දෙන්න දන්නවා. ෆේස්බුක් බලන ඔයා දන්නවා ඒ ගැන හොඳට.
    ඉතිං අර අසාධාරණ උන කෙනා තවත් අසරණ වෙනවා. එකම පිහිට ජීවිතයෙන් සමුගැනීම කියලා හිතෙනවා.
    අද දවසේ සම්මුඛ වෙලා කතාබහ කරන අය අඩුයි. විහිලු කරලා හිනාවෙන අය අඩුයි. ආත්මාර්ථකාමී අය වැඩියි. එතකොට ඉබේම කොන් වෙනවා. තනියම දරාගෙන ඉන්න වෙනවා. අවසන් ප්‍රතිඵලය ඕක තමයි.
    හැබැයි මතක තියාගන්න, තමන්ට අසාධාරණකම් වෙනවානම් ඒවාට කල යුතු, ගත යුතු පිළියම් එදාට වඩා අද වැඩියි.

    තම දුක් කරදර ගැන කතා කරන්න ආයතන තියෙනවා. උපදෙස් ගන්න තැන් තියෙනවා.
    එහෙනම් මොකටද විහින් මැරෙන්නෙ.ඉන්නම අමාරුනම් නැවෙන් බැහැලා ගෙදර එන්න. ඔයාව බලාගන්න දෙමාපියන්, බිරිඳ, දරුවන්, යාලුවෝ ඉන්නවා.
    ෆේස්බුක් යාලුවන්ගෙන් උපදෙස් නොගෙන, උපදෙස් ගන්න තැන් වලින් උපදෙස් ගන්න.
    පුලු පුලුවන් හැම වෙලාවෙම කැබින් එකට ගිහින් අන්තර්ජාලයෙ අතරමන් නොවී අනිත් අය සමඟ ගැවසෙන්න. එතකොට ඔය පීඩනය ඉබේම නැති වෙයි.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,574
    1,773
    113
    One of the people, I distaste most, ended up that way, trying to prove he's tough - I am aware that in his first trip, he even got sexually abused..