මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථය, මාතර මහ රෝහලට ආසන්නයේ ඇති පදික මාරුවේදී කාන්තාවක් යටකර ගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
පසුගිය සිකුරාදා දින සවස 4ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය රාජකාරියට ගොස් නැවත නිවස බලායමින් සිටියදීය.
කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මේ වනවිට රෝහල් ගතකර ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, ඇයගේ වම් පාදයට හා හිසට බරපතළ තුවාල සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, 40 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇය මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුර සිදුකළ බවට සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ කැබ්රථය සමඟ පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.