🚨නියමුවාගේ අත් වැරදීමකින් රටවල් 3ක ප්‍රහාරක යානා ගුවනට! 😱 ✈️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,845
    10,006
    113
    ගුවන් සේවා ඉතිහාසයේ පයිලට් කෙනෙක් අතින් සිදුවුණු අතිශය දුර්ලභ මෙන්ම ලෝකයම කලඹවපු සිදුවීමක් ඊයේ (ජූනි 30) වෝර්සෝ සිට ටෙල් අවිව් බලා 'LOT5FM' දරන ගුවන් ගමන් අංකය යටතේ පියාසර කරමින් තිබූ LOT Polish Airlines (Electra Airways) සමාගමට අයත් Airbus A320-231 (REG: LZ-EAB) යානයකින් වාර්තා වුණා. මගීන් 180ක් සමඟ සාමාන්‍ය පරිදි ගමන් කරමින් තිබූ මෙම යානය බල්ගේරියානු ගුවන් සීමාවට ඇතුළු වෙද්දීම, ගුවන් නියමුවා අතින් cockpit එක තුළදී බලාපොරොත්තු නොවූ තාක්ෂණික වැරදීමක් සිදුවනවා. ඒ, යානයේ ට්‍රාන්ස්පොන්ඩර් (Transponder) පද්ධතිය තුළ වැරදීමකින් "Squawk 7500" කේතය ඇතුළත් වීමයි. ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ 7500 යනු සෙල්ලමකටවත් භාවිත නොකරන, තමන්ගේ ගුවන් යානය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇති බව (Hijacking) ලොවටම දැනුම් දෙන නිහඬ හදිසි සංඥාවයි.

    මෙම සංඥාව පාලන මැදිරිවල රේඩාර් තිර මත දිස්වීමත් සමඟම ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රොටෝකෝලයන් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. සිදුවීම තහවුරු කරගැනීමටත් පෙර, යානය එකල පියාසර කරමින් තිබූ බල්ගේරියානු ගුවන් සීමාවට වහාම MiG-29 ෆයිටර් ජෙට් යානාවක් ගුවන්ගත කිරීමට බල්ගේරියාව පියවර ගත්තා. යානය ඊළඟට තුර්කි ගුවන් සීමාවට ඇතුළු වෙද්දීම තත්ත්වය තවත් උණුසුම් කරමින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ෆයිටර් ජෙට් යානා දෙකක් අහසට නැඟී මෙම මගී ප්‍රවාහන යානය දෙපැත්තෙන් වටකර ආරක්ෂිතව Escort කිරීම ආරම්භ කළා. ඒ අතරතුර, යානයේ අවසාන ගමනාන්තය වූ ඊශ්‍රායලයද වහාම ක්‍රියාත්මක වී තමන්ගේම සටන්කාමී ජෙට් යානා මධ්‍යධරණී මුහුද දෙසට දියත් කළේ සිදුවිය හැකි මහා විනාශයක් වැළැක්වීමේ අරමුණින්.

    මුළු කලාපයේම ගුවන් හමුදාවන් යුදමය සූදානමකට පත්වෙද්දී, ගුවන් ගමන් පාලකයන් (ATC) විසින් සිදුකළ රේඩියෝ පරීක්ෂාවකදීයි ගුවන් නියමුවා තමන් අතින් සිදුව ඇති මහා වැරදීම වටහාගත්තේ. සැබවින්ම රේඩියෝ දෝෂයක් (Squawk 7600) හෝ සාමාන්‍ය හදිසි තත්ත්වයක් (Squawk 7700) ඇතුළත් කිරීමට යාමේදී ඩිජිටල් පද්ධතියේ Dial එක කරකැවීමේදී සිදුවූ අත්වැරදීමකින් 7500 කේතය වැදී ඇති බව නියමුවා තහවුරු කළා. කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ පවතින දැඩි ආරක්ෂක තත්ත්වය සහ කාර්ය මණ්ඩලයේ සේවා කාල සීමාවන් (Crew duty limitations) හේතුවෙන් යානය ටෙල් අවිව් වෙත යාමට ඉඩ නොතබා නැවත හරවා බල්ගේරියාවේ Burgas ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වනු ලැබුවා. ගොඩබැමෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකළ දැඩි පරීක්ෂාවකින් අනතුරුවයි එය "False Alarm" එකක් බව නිල වශයෙන් නිවේදනය කළේ.

    උපුටා ගැනීම - FB

    https://sofiaglobe.com/2026/06/30/b...-that-reported-unlawful-interference-onboard/
    ------ Post added on Jul 1, 2026 at 12:50 PM