තෑන්ක්ස් පැහදිලි කරාටපට්ටිකා වැඩි කරන්න කියලානේ ඕක උසසං එන්නේ.
ඩෙංගු වල ප්‍රශ්නය පට්ටිකා(ප්ලේට්ලට්) බහින එක නෙවෙයි. බ්ලඩ් රිපොට් වල පට්ටිකා බැස්ස ගමන් ලෝක විනාසේ වගේ ලෙඩ්ඩුත් නටනවා ඕකට හරියනන අපේ පොඩි දොස්තරලත් නටනවා. හරියට මොකක්ද මේ ඩෙංගු කියන කරනාව සංනිවේදනය වෙලා නැ.
ඩෙංගු වලින් මැරෙන්නේ ලේ නහර වල තියන වතුර හො ලේ එලියට ඇවිල්ලා වෙන සංකුලතා නිසා. ඕක හරියට කලට වෙලාවට බලලා මැනලා කලාම ලෙඩාව ගානට ගොඩදාන්න පුලුවන්. දහට සන්නිය නටන්න ඕනා නැ. හරියට බලන එකයි වැදගත්. පට්ටිකා හරියනවා ලෙඩේ හරියද්දි. බහුතරයක් ඉස්පිරිතාලේ නවත්තවන්න වත් ඕනා නැ. ඕනා එකාවයි එපා එකාවයි නවත්නන් ගත්තාම වෙන්නෙත් අන්තමේදි අවධානේ ඕකා එකාට හම්බවෙන්නේ නැ. ඇන්ජන් කරගන්න රැල්ලක් යනවා. ඇන්ටිජන් එක හරියන්නේ උණ හැදුන දවසෙම කලොත්. පහු වෙලා කලාට ඇන්ටජන් සාර්ථක නැ. ඊට පස්සේ බ්ලඩ් රිපොට් වලින් තමයි බලන්න ඕනා.
මෙතන දෙළුම් ලියලා තියනවා. රතු පාට ජාති බීම සුදුසු නැ. හේතුව ලෙඩාට ලේ වමනේ ගියොත් මේ ලේද බීපු රතු පාට ජූස් ද කියලා එක පාරට කියන්න අමාරුයි ගෙදර බලන කෙනාට. අන්තිමේදි ස්පිරිතාලේ නොගෙනල්ලා ඉදි මේ ජුස් වෙන්නැති කියලා.