හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු නීති විරෝධී ලෙස නවීන සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා විකිණීමේ ජාවාරමක්

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    911
    1
    1,845
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු නීති විරෝධී ලෙස නවීන සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා විකිණීමේ ජාවාරමක් පිළිබඳව “දිනමිණ” පුවත්පත ඇතුළු රජයට හිතවත් මාධ්‍ය විසින් අණාවරණය කර තිබේ.

    රේගු බදු මගහරිමින් රුපියල් මිලියන ගාණක් වටිනා සුඛෝපභෝගී වාහන නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) ඇතැම් නිලධාරින්ගේ සහාය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇතැයි පැවසේ. එම වාහන නැව් බහාලුම් (කන්ටේනර්) තුළ රහසිගතව සඟවා සංවිධානාත්මක ලෙස මෙරටට ගෙන්වා තිබේ.

    එලෙස ගෙන්වන ලද වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) දූෂිත නිලධාරින්ගේ සහාය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇත. එකී වාහනවලින් සමහරක් දේශපාලන සබඳතා ඇති වෙනත් ප්‍රමුඛ පුද්ගලයන්ගේ දරුවන් විසින් ද දැනට පරිහරණය කරනු ලබන බව ද හෙළිවී තිබේ.

    මෙම ජාවාරමට සම්බන්ධ එක් සුඛෝපභෝගී වාහනයක් මීට පෙර CID භාරයට ගෙන ඇති අතර, එය දැනට ශ්‍රී ලංකා රේගුව බාරයේ පවතී. විමර්ශකයන් අදාළ ජාවාරම පිළිබඳ අණාවරණය කරගෙන තිබෙන කරුණු අනුව, මෙම වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන විසිණි.


    ඊළඟ සතියේ CIDයට කැඳවයි!

    මේ වන විට රේගුව සතු එම සුපිරි වාහනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉදිරි සතිය තුළ හිටපු ජනාධිපති පුත්‍රයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.


    Source:
    https://lankaundergroundnews.com/වාහන-පන්නා-ඇත්තේ-කොයි-ජනා/


    484434947_1222672079226605_1358432156905962224_n.jpg
     

    Similar threads