"දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. "
ඔතනින් එහාට තව මොනවා කතා කරන්නද?