රාජ්‍ය රෝහල් පද්ධතියේ කැත් රසායනාගාර (Cath Labs) සංඛ්‍යාව 10 සිට 26 දක්වා ඉහළ නැංවීමට රජයෙන් කඩිනම් පියවර.
බලා සිටීමේ කාලය අඩු කෙරේ: හෘද රෝගීන් කැතීටකරණ ක්‍රියාවලිය (Cath Lab) සඳහා මාස ගණන්, වසර ගණන් පෝලිම්වල දුක් විඳි කාලය අවසන් කරමින්, එම කාලය මාසයක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කයයි
.
නව රසායනාගාර දෙකක් විවෘතයි: කොළඹ ජාතික රෝහලේ අලුතින්ම ඉදිකළ හෘද කැතීටකරණ රසායනාගාර දෙකක් අද (03) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත විය.
මහල් 16 ක දැවැන්ත හෘද රෝග ඒකකයක්: ජාතික රෝහල තුළ මහල් 16 කින් යුත් අතිනවීන හෘද රෝග ප්‍රතිකාර ඒකකයක් ඉදිවන අතර, එය 2029 සැප්තැම්බර් වන විට ජනතා අයිතියට පත් කෙරේ.
"අපේ අරමුණ අසරණ රෝගීන් පෝලිම්වල රස්තියාදු වන එක නතර කරලා, ඔවුන්ගේ ජීවිත කඩිනමින් බේරාගැනීමයි..."
— සෞඛ්‍ය අමාත්‍ය, නලින්ද ජයතිස්ස
Last edited: