පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණා අම්මන්ගේ ප්‍රකාශයක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    679
    1,660
    93
    2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
    මෙහිදී පිල්ලෙයාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අතර පැවති සම්බන්ධය ගැනත්, ඔවුන් නැඟෙනහිර පළාතේදී ඒකාබද්ධව සිදු කළ කටයුතු සම්බන්ධයෙනුත් කරුණු රැසක් අනාවරණය කර ඇත. පිල්ලෙයාන්ගේ කණ්ඩායමට නවාතැන් පහසුකම් සැපයීමේදී සුරේෂ් සලේ විසින් සම්බන්ධ කළ පුද්ගලයන් පහසුකම් සපයා ඇති බවත්, ඒවාට අදාළ මූල්‍ය පහසුකම් සපයා ඇත්තේ ද ඔවුන් විසින් බවත් කරුණා අම්මාන් කරුණු සහිතව අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
    කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වමින් සිටියද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝ කාලීන විරසකයක් ද පැවති බවට වාර්තා පළ විය. මේ අතර පිල්ලෙයාන් පාර්ශ්වය මඟින් පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වධකාගාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, කොළඹ නගරය තුළදී ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහය දුන් පිරිසක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පවසයි.
    - අසංග කරුණාරත්න

    copied from Dinamina
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    images.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,928
    9,391
    113
    එක තැනක නෑ
    Aaye patan aran ponna jeppo pasku pasku gaanna..ayi ponnayo wena drama ekak hoyaganna bari unaada?🥱
    වැඩ බැරි ජෙප්පො වෙන මොනව කරන්නද බන්. වෙන උන් කරපු ප්‍රොජෙක්ට්ස් ඕපන් කරන්නයි, පාස්කුව ගැන කියව කියව කියපු පච වහගන්නවයි ඇරෙන්න.