Financially ගොඩ යමු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,412
    6,296
    113
    Emergency Fund එකයි, අදායම් මාර්ගය නැති වුනොත් අහවල් කාලයක් දක්වා කිසි ආදායමක් නැතුව survive වෙන්න පුලුවන් ඉතිරියකුයි කියලා දෙකක්ම තියෙන්න ඕනේද බන්
    ඉතිරියක් කියන්නෙ ඉතිං නිකං emergency fund එකක් වෙනවා කොහොමත් emergencyයක් ආව ම.
    හැබැයි අද කාලෙ සල්ලි ඉතුරු කරලා තියෙනවා කියන්නෙ පස්සෙ ගන්නකොට ඒකෙ අගය අඩු වෙනවා. අද ලක්ෂයෙන් කරන දේවල් මාස තුනකින් වත් ඒ ගානට කරන්න බෑනෙ. වඩා වටින්නෙ passive income එකක්. ලැබෙන මුදල් කාලයට සාපේක්ෂ වටිනාකමකින් ලැබෙන නිසා.

    Show off එකට උදාහරණයක් මතක් උනා, මන් දන්න එකෙක් හිටිය, 2015 වගේ, උගේ සැලරි එක ඒ කාලෙ 60ක් විතර, ටිකක් ලොකු ගානක් ඒ කාලෙ, මූට අලුත් ඇපල් ෆෝන් එක ගන්න ඕන වෙලා 150 ද කොහෙද පර්සනල් ලෝන් එකක් ගහල ඒක ගත්ත.

    Result එක.

    මාසෙන් ෆෝන් එකේ කික් එක ඉවරයි
    අවුරුදු තුනක් හරි හතරක් හරි යද්දි ෆෝන් එක ඉවරයි
    අවුරුදු පහක් විතර වෙද්දි මූ පොලිය එක්ක ලක්ශ තුනක් වත් ලෝන් එකට ගෙවල ඇති.

    හැම වෙලේම disposable දේවල් phones, tabs, lap ගන්නව නම් ඒ සල්ලි ගැන ආයෙ හිතන්නෙපා ඒව investment නෙවෙයි. කෙලින්ම අතෑරල දාල අමතක කරන්න පුලුවන් සල්ලි දීල ගන්න, ලෝන් නම් ගන්නෙපා unless you are making money on those.

    උබේ පඩිය ලක්ශ දහයයි නම්, ලක්ශ තුනක ෆෝන් එකක් නතිං නම්, ගානක් නැත්තම්, ෆෝන් එකත් ඕනම නම් ඒක ගනින්, කුනුකමට ඉන්නත් එපා, හැබැයි ඒක ගියා ගියාම තමයි...

    උඩ එකා නෝමල් ෆෝන් එකක් අරං, මාසෙට දහදාහ ගානෙ ඉතුරු කරා නම් ලක්ශ හතරකට එහා interest එකත් එක්ක අතේ සල්ලි (Investment එකක් කරා නම් මේක ඩබල් වෙන්නත් පුලුවන්)
    හෙන ගහන ඇත්තක්.
    ------ Post added on Jul 6, 2026 at 12:36 PM

    මගේ දියුණුව ගැන මම තෘප්තිමත්.

    ඉදියේ ලෑලි ගෙදර ---------- >> ලබන මාසේ සිට ලක්ශ 270ක් දීලා ගත්ත ගෙදර.

    කතාවේ මූලිකයා තාත්තා. තාත්තා කටු කෑවා අනන්තයක්. මම කටු කෑවා මිලියනයක්. තාමත් ගේමේ. කෙලවිලා රෙවිලා ඉදියා හැමදේටම මූලික උන කරුනු ටික,

    01. මොන ප්‍රශ්නේ ආවත් විසදුමක් තමා දකින්න ඕනා ප්‍රශ්නේ නෙවේ.

    02. තමන්ට සතයක් අතේ නැති උනත් හිගන ජීවිතයක් ගෙව්වත් කාගෙවත් රුපියලක්වත් හොරකම් කරන්නේ නැති අවංකයෙක් වෙන්න. සල්ලි නැති උනත් ඒ කොලිටිය කෝටියක් වටිනවා. මිනිස්සු උබව රෙකමන්ඩ් කරනවා, විශ්වාස කරනවා, වැඩට ගන්නවා, වැඩ භාරදෙන්න දෙපාරක් හිතන්නෑ. කෝටි ගානක වත්කමක් උනත් විස්වාසේ උඩ භාරදෙනවා. (මට මේක උනා )

    03. ලෝකෙට පේන්න නෙවේ ඇත්තටම හොද මනුස්සයෙක් වෙන්න.

    මම ඇත්තටම හොද චරිතයක්. මඩේ ඉපදිලා මඩේ වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ. මම ආයතනයකට වැඩට ගියා මාව ගත්තේ ඒකේ ජෙනරල් මැනේජර්ගේ යාලුවෙක් මට උදව් කරලා සුදුසුකම් බැලුවේ නෑ.යාලුවගේ කීමට. (ආයතන කිහිපයකම වැඩ කරා. ජොබ් නැතුව ගෙදරත් ඉදියා) මට පේපර් කොලිෆිකේශන් අඩුයි. හැබැයි ඉන්ග්ලිශ්, ගණන් , ඒ.හැම දෙයක්ම මේ ජොබ් එකට ඉහටත් උඩින් තිබ්බා. මනුස්සකමයි ,හොරබොරු නැතිකමත් කෝටි ගානක් ඉස්සරහින්.

    ජෙනරල් මැනේජර් එක්ක මගෙ ඩිවිශන් ලොක්කා අව්ල් යටින් තදටම. මම කේලම් කියනවා කියලා හිතලා පට්ට වදයක් දුන්නේ.අනික් එක මම හොද නිසා කට්ටිය මට සෑහෙන්න කැමති.මගේ නම එහෙන් මෙහෙන් රෙකම්න්ඩ් වෙනවා. ඩිවිශන් ලොක්කා මාව දවල්ට ඔෆිස් එකෙන් එලියේ තියනවා එක එක අදාල නැති වැඩ දීලා ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහෙනවා. ඒවා මම රෑ එලි වෙනකම් ඇදලා යන්නේ. එලියේ වැඩට ගියාම මම ඒ වැඩේ සුපිරියටම කරලා එනවා මට මිනිස්සු මුන ගැහෙනවා කන්ටැක්ට් හැදෙනවා. උන් මම කරන වැඩේ ගැන සැටිස් හොදටම. අර යකා මට උඩ පැන පැන වද දිදී මාව තලනවා. මම ඒවා ගනන් ගන්නේ නැතුව දවසින් දවස මුවහත් වෙනවා.

    අපේ කොම්පැනියට සප්ලයි දෙන තනි පුද්ගල ආයතන එහෙම මාව.අදුර ගන්නවා. මගේ වැඩ ගැන එහෙම. ඔය අතර ඉන්න එක කොම්පැනියක අතිකාරයෙක් (තාත්තා ගැනත් දන්නවා අවංක මිනිස්සු කියලත් දන්නවා) කතා කරලා එයාගේ ආයතනය කරගෙන යන්න භාර දෙනවා. හොරකම්වලින් පිරිච්ච තැනක්. තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා වැඩේ ගොඩ දාගෙන යනවා. ලාබයෙන් යම් කොටසක් අපට එනවා හොරබොරු නැතුව යනවා.
    ආයතනයේ ලොක්කා බලනවා අපිව ටෙස්ට් කර කර අවංකද කියලා අපි. අපිත් මහන්සිවෙලා වැඩෙ ගොඩ දානවා. ලොක්කා ආයතනය සල්ලි වලටම ගන්න කියලා වාරික විදිහට ගෙවන්න කියලා ඒ එන සල්ලි වලින්ම බාර දෙනවා. ආයතනය අපිට එනවා සේවකයෝ එක්කම. අපි මාසෙට ගානක් ගෙව ගෙව ආයතනය ටික ටික ගන්නවා. ඒ ලොක්කට තවත් ඒ වගේ කම්පැනියක් අහම්බෙන හම්බෙනවා. ඒක එයා අරන් ඒක බලන්න ඒකේ ලොක්කා විදිහට මාව ගන්නවා. ආයතන දෙකයි. ඒකේ එකක් අයිතිය @Morbius ලොක්කට.අනික් එකෙ මැනේජ්මන්ට් එකේ අයිතියත් @Morbius ලොක්කට. කෙටියෙන් කිව්වේ. මේකේ තව කෑලි බෑලි හෑලි ගොඩක් තියෙනවා එක එක කාලවල එක එක සිද්දි. මේවා ලියන්න ගියොත් ගොඩක් ලියන්න වෙනවා. සාරාංශය විතරයි.
    ලියපන්කො
    ------ Post added on Jul 6, 2026 at 1:10 PM
     
    • Love
    Reactions: Morbius

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    අවුරුදු 15ක් රට. ගේ හැදුවා. බඩු ගත්තා. ෆික්ස් එකක් දාලා තියෙනවා. වාහනයක් තාම නෑ.

    අතපසු වීම්,

    ඉතිරි කලේ නෑ.

    රට ආවේ 27න්. 20න් වගේ එන්න තිබුණේ.

    ගෙදරට ඕනෙවට වඩා වියදම් කලා.

    වාහන අඩුවට තිබුණ කාලේ පණ්ඩිතකමට වැගන් R එකක් ගත්තේ නෑ.

    වෙන ඉන්කම් එකක් හදා ගත්තේ නෑ. ඒක නිසා තව කාලයක් රටම ඉන්න වෙනවා.

    අනවශ්‍ය වියදම් වැඩි.

    දෙන්න පුලුවන් උපදෙස්.

    ගෙවල් හදනවට වඩා හදපු එකක් ගන්න ගෙවන්න. පදිංචි වෙලා ඉන්න ගමන් ගෙවන්න පුලුවන්. ඉසරද ගොඩක් අඩුයි. නැත්නම් කුලියට ඉන්න. හම්බකරන ගාණ ෆික්ස් එකක් දාන්න.

    වෙන ආදායමක් නැත්නම්, ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකකට යන්න. කලින් පටන් අරන් කලින් ගෙවලා ඉවර කරන්න.

    ක්‍රෙඩිට් කාඩ් ගැන දැනගෙන පාවිච්චි කරන්න.

    මහන්සි වෙන්න පුලුවන් කාලේ මහන්සි වෙන්න.

    ඉතුරු කරනවා වගේම තමන් කැමති දෙයක් වියදම් කරලා ගන්න.

    රට යන්න හිතනවා නම් අඩු වයසෙන්ම යන්න. පුලුවන් තරම් qualification හදාගෙනම යන්න.

    මැරීගෙන ජොබ් කරන්න එපා. ලැබෙන පඩියට වැඩ කරන්න.

    ආ තව දෙයක් බදිනකොට ඔක්කොටම වඩා සැලකිලිමත් වෙන්න. දැන් ඉන්න 90%ක් විතර කෙල්ලෝ සල්ලි හෝ වීසා එකට බදින්න කැමති වෙන්නේ. එහෙම එකියක් කරගහන්න එපා. ඒකිගේ showoff එකට හම්බකරන තුට්ටු දෙක ඉවරවෙයි. මුදල් පාලනේ තමන් අතේ තියාගන්න. අවංක කෙල්ලක් හොයාගන්න.

    හෑල්ල දිග වැඩි. හිතුණ දේ කිව්වේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    උඹට විතරක් නෙමේ බන් අපි හෑමොටම අඩුවක් නැතුව කෙල වෙන වෙලාවල් එනවා.
    එහෙමයි කියළා නවතින්න එපා බං, උබේ ගමන උඹ පලයන්, අනිත් එවුන්ව සතුටු කරන්න යන්න එපා, උබ සතුටු දේ කරපන්.
    වැටෙන එක ඇත්තටම හොඳයි, එතකොට තමා උඹට තෙරුම් යන්නේ කවුද උබ වැටුනම උඹ ගාවින් ඉන්නේ කියලා.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,556
    632
    113
    අවුරුදු 15ක් රට. ගේ හැදුවා. බඩු ගත්තා. ෆික්ස් එකක් දාලා තියෙනවා. වාහනයක් තාම නෑ.

    අතපසු වීම්,

    ඉතිරි කලේ නෑ.

    රට ආවේ 27න්. 20න් වගේ එන්න තිබුණේ.

    ගෙදරට ඕනෙවට වඩා වියදම් කලා.

    වාහන අඩුවට තිබුණ කාලේ පණ්ඩිතකමට වැගන් R එකක් ගත්තේ නෑ.

    වෙන ඉන්කම් එකක් හදා ගත්තේ නෑ. ඒක නිසා තව කාලයක් රටම ඉන්න වෙනවා.

    අනවශ්‍ය වියදම් වැඩි.

    දෙන්න පුලුවන් උපදෙස්.

    ගෙවල් හදනවට වඩා හදපු එකක් ගන්න ගෙවන්න. පදිංචි වෙලා ඉන්න ගමන් ගෙවන්න පුලුවන්. ඉසරද ගොඩක් අඩුයි. නැත්නම් කුලියට ඉන්න. හම්බකරන ගාණ ෆික්ස් එකක් දාන්න.

    වෙන ආදායමක් නැත්නම්, ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකකට යන්න. කලින් පටන් අරන් කලින් ගෙවලා ඉවර කරන්න.

    ක්‍රෙඩිට් කාඩ් ගැන දැනගෙන පාවිච්චි කරන්න.

    මහන්සි වෙන්න පුලුවන් කාලේ මහන්සි වෙන්න.

    ඉතුරු කරනවා වගේම තමන් කැමති දෙයක් වියදම් කරලා ගන්න.

    රට යන්න හිතනවා නම් අඩු වයසෙන්ම යන්න. පුලුවන් තරම් qualification හදාගෙනම යන්න.

    මැරීගෙන ජොබ් කරන්න එපා. ලැබෙන පඩියට වැඩ කරන්න.

    ආ තව දෙයක් බදිනකොට ඔක්කොටම වඩා සැලකිලිමත් වෙන්න. දැන් ඉන්න 90%ක් විතර කෙල්ලෝ සල්ලි හෝ වීසා එකට බදින්න කැමති වෙන්නේ. එහෙම එකියක් කරගහන්න එපා. ඒකිගේ showoff එකට හම්බකරන තුට්ටු දෙක ඉවරවෙයි. මුදල් පාලනේ තමන් අතේ තියාගන්න. අවංක කෙල්ලක් හොයාගන්න.

    හෑල්ල දිග වැඩි. හිතුණ දේ කිව්වේ.
    :yes::yes::yes::yes:
    koheda rata ban?
     
    • Like
    Reactions: gayanela

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    •30 % කට වඩා ණය ගන්න එපා
    •ගන්න දේ ඩබල් ගන්න පුලුවන් නම් විතරක් ගන්න (ලක්ෂ 3 ක ෆෝන් එකක් ගන්න පුළුවන් නම් 1.5 ක එකක් ගන්න)
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,476
    9,142
    113
    මගේ දියුණුව ගැන මම තෘප්තිමත්.

    ඉදියේ ලෑලි ගෙදර ---------- >> ලබන මාසේ සිට ලක්ශ 270ක් දීලා ගත්ත ගෙදර.

    කතාවේ මූලිකයා තාත්තා. තාත්තා කටු කෑවා අනන්තයක්. මම කටු කෑවා මිලියනයක්. තාමත් ගේමේ. කෙලවිලා රෙවිලා ඉදියා හැමදේටම මූලික උන කරුනු ටික,

    01. මොන ප්‍රශ්නේ ආවත් විසදුමක් තමා දකින්න ඕනා ප්‍රශ්නේ නෙවේ.

    02. තමන්ට සතයක් අතේ නැති උනත් හිගන ජීවිතයක් ගෙව්වත් කාගෙවත් රුපියලක්වත් හොරකම් කරන්නේ නැති අවංකයෙක් වෙන්න. සල්ලි නැති උනත් ඒ කොලිටිය කෝටියක් වටිනවා. මිනිස්සු උබව රෙකමන්ඩ් කරනවා, විශ්වාස කරනවා, වැඩට ගන්නවා, වැඩ භාරදෙන්න දෙපාරක් හිතන්නෑ. කෝටි ගානක වත්කමක් උනත් විස්වාසේ උඩ භාරදෙනවා. (මට මේක උනා )

    03. ලෝකෙට පේන්න නෙවේ ඇත්තටම හොද මනුස්සයෙක් වෙන්න.

    මම ඇත්තටම හොද චරිතයක්. මඩේ ඉපදිලා මඩේ වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ. මම ආයතනයකට වැඩට ගියා මාව ගත්තේ ඒකේ ජෙනරල් මැනේජර්ගේ යාලුවෙක් මට උදව් කරලා සුදුසුකම් බැලුවේ නෑ.යාලුවගේ කීමට. (ආයතන කිහිපයකම වැඩ කරා. ජොබ් නැතුව ගෙදරත් ඉදියා) මට පේපර් කොලිෆිකේශන් අඩුයි. හැබැයි ඉන්ග්ලිශ්, ගණන් , ඒ.හැම දෙයක්ම මේ ජොබ් එකට ඉහටත් උඩින් තිබ්බා. මනුස්සකමයි ,හොරබොරු නැතිකමත් කෝටි ගානක් ඉස්සරහින්.

    ජෙනරල් මැනේජර් එක්ක මගෙ ඩිවිශන් ලොක්කා අව්ල් යටින් තදටම. මම කේලම් කියනවා කියලා හිතලා පට්ට වදයක් දුන්නේ.අනික් එක මම හොද නිසා කට්ටිය මට සෑහෙන්න කැමති.මගේ නම එහෙන් මෙහෙන් රෙකම්න්ඩ් වෙනවා. ඩිවිශන් ලොක්කා මාව දවල්ට ඔෆිස් එකෙන් එලියේ තියනවා එක එක අදාල නැති වැඩ දීලා ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහෙනවා. ඒවා මම රෑ එලි වෙනකම් ඇදලා යන්නේ. එලියේ වැඩට ගියාම මම ඒ වැඩේ සුපිරියටම කරලා එනවා මට මිනිස්සු මුන ගැහෙනවා කන්ටැක්ට් හැදෙනවා. උන් මම කරන වැඩේ ගැන සැටිස් හොදටම. අර යකා මට උඩ පැන පැන වද දිදී මාව තලනවා. මම ඒවා ගනන් ගන්නේ නැතුව දවසින් දවස මුවහත් වෙනවා.

    අපේ කොම්පැනියට සප්ලයි දෙන තනි පුද්ගල ආයතන එහෙම මාව.අදුර ගන්නවා. මගේ වැඩ ගැන එහෙම. ඔය අතර ඉන්න එක කොම්පැනියක අතිකාරයෙක් (තාත්තා ගැනත් දන්නවා අවංක මිනිස්සු කියලත් දන්නවා) කතා කරලා එයාගේ ආයතනය කරගෙන යන්න භාර දෙනවා. හොරකම්වලින් පිරිච්ච තැනක්. තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා වැඩේ ගොඩ දාගෙන යනවා. ලාබයෙන් යම් කොටසක් අපට එනවා හොරබොරු නැතුව යනවා.
    ආයතනයේ ලොක්කා බලනවා අපිව ටෙස්ට් කර කර අවංකද කියලා අපි. අපිත් මහන්සිවෙලා වැඩෙ ගොඩ දානවා. ලොක්කා ආයතනය සල්ලි වලටම ගන්න කියලා වාරික විදිහට ගෙවන්න කියලා ඒ එන සල්ලි වලින්ම බාර දෙනවා. ආයතනය අපිට එනවා සේවකයෝ එක්කම. අපි මාසෙට ගානක් ගෙව ගෙව ආයතනය ටික ටික ගන්නවා. ඒ ලොක්කට තවත් ඒ වගේ කම්පැනියක් අහම්බෙන හම්බෙනවා. ඒක එයා අරන් ඒක බලන්න ඒකේ ලොක්කා විදිහට මාව ගන්නවා. ආයතන දෙකයි. ඒකේ එකක් අයිතිය @Morbius ලොක්කට.අනික් එකෙ මැනේජ්මන්ට් එකේ අයිතියත් @Morbius ලොක්කට. කෙටියෙන් කිව්වේ. මේකේ තව කෑලි බෑලි හෑලි ගොඩක් තියෙනවා එක එක කාලවල එක එක සිද්දි. මේවා ලියන්න ගියොත් ගොඩක් ලියන්න වෙනවා. සාරාංශය විතරයි.
    Patta bn
     
    • Love
    Reactions: Morbius

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    සල්ලි තිබ්බත් නැතත්, සල්ලි තියෙනව කියල show off වලට වියදම් කරන්නෙපා.

    ඉන්කම් එක වැඩි වෙද්දි ඒකට හරියන්න වියදම් සෙට් කරගන්න එපා

    Bad debt තියෙනව නම් ඔක්කොටම කලින් ඒව ගෙවපන් ex: ආත්ම ගානක් interest විතරක් or interest+half ගෙවල තියන් ඉන්න ක්‍රෙඩිට් කාඩ්, තේරුමක් නැතුව ගෙවන වාහන ලීසිං etc...

    ලඟ තියෙන්න රුපියල් දාහද, ඒක තව ඉන්කම් එකක් එන තැනක දාපං, ලේසිම එක FD. ඒත් කාලයක් යද්දි කැපිටල් එක ෆක් වෙලා යනව inflation එක හින්ද, ඒ නිසා inflation එකට beat කරන්න පුලුවන් ඉන්වෙස්මන්ට් එකක් නම් සුපිරි 😁

    තව මතක් වෙන වෙලාවට දාන්නම්

    Show off එකට උදාහරණයක් මතක් උනා, මන් දන්න එකෙක් හිටිය, 2015 වගේ, උගේ සැලරි එක ඒ කාලෙ 60ක් විතර, ටිකක් ලොකු ගානක් ඒ කාලෙ, මූට අලුත් ඇපල් ෆෝන් එක ගන්න ඕන වෙලා 150 ද කොහෙද පර්සනල් ලෝන් එකක් ගහල ඒක ගත්ත.

    Result එක.

    මාසෙන් ෆෝන් එකේ කික් එක ඉවරයි
    අවුරුදු තුනක් හරි හතරක් හරි යද්දි ෆෝන් එක ඉවරයි
    අවුරුදු පහක් විතර වෙද්දි මූ පොලිය එක්ක ලක්ශ තුනක් වත් ලෝන් එකට ගෙවල ඇති.

    හැම වෙලේම disposable දේවල් phones, tabs, lap ගන්නව නම් ඒ සල්ලි ගැන ආයෙ හිතන්නෙපා ඒව investment නෙවෙයි. කෙලින්ම අතෑරල දාල අමතක කරන්න පුලුවන් සල්ලි දීල ගන්න, ලෝන් නම් ගන්නෙපා unless you are making money on those.

    උබේ පඩිය ලක්ශ දහයයි නම්, ලක්ශ තුනක ෆෝන් එකක් නතිං නම්, ගානක් නැත්තම්, ෆෝන් එකත් ඕනම නම් ඒක ගනින්, කුනුකමට ඉන්නත් එපා, හැබැයි ඒක ගියා ගියාම තමයි...

    උඩ එකා නෝමල් ෆෝන් එකක් අරං, මාසෙට දහදාහ ගානෙ ඉතුරු කරා නම් ලක්ශ හතරකට එහා interest එකත් එක්ක අතේ සල්ලි (Investment එකක් කරා නම් මේක ඩබල් වෙන්නත් පුලුවන්)

    This
    තව

    1) Credit Card හොඳට පාවිච්චි කරපන් offers, zero interest EMI, Credit score building එහෙම වාසි. හැබැයි ඒ මුළු මුදලම ගෙවන ඕනේ කියල හොඳට මතක තියා ගන්න.

    2) වියදම් track කරපන්. Banking app එකේ නැත්තම් වෙනම budgeting app එකක් දාගනින්

    3) මම Credit card එකකින් pay කරපු ගමන් කරන්නේ ඒක debit එකක් විදිහට අර app එකට දානවා. එතකොට මගේ account balance එක පෙන්නන්නේ ඒක අඩු වෙලා. ඇත්ත bank account එකේ සල්ලි තිබ්බට මගේ accounting වලින් ඒක අයින් වෙලා ඉවරයි.

    4) එහෙම කරාම මාසේ අන්තිමට card එක settle කරනන් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, ඒ ගැන already අයින් වෙලා තියෙන්නේ. Transfer කරන්න විතරයි ඉතුරු.

    5) EMI ගන්න එක වාසි හැබැයි phone වගේ දේවල් නෙවෙයි. ගෙදරට අවශ්‍ය දේවල් furniture වගේ zero interest EMI ගන්න එක ලාබයි. එතකොටත් මම කරන්නේ අර දේමයි. මුළු මුදලම accounting වලින් අයින් කරලා තියෙන්නේ. හදිස්සියක් උනොත් card එක settle කරන්න පුළුවන් ඕනේ වෙලාවක.

    අවරුදු 10+ CC පාවිච්චි කරනවා අද වෙනකන් පොලියක් ගෙවල නෑ. ලංකාවෙන් එද්දී CRIB A1

    6) ලොකුම නොපෙනෙන danger එක lifestyle creep. 20% වැඩියෙන් ලැබෙද්දී 20% වැඩියෙන් වියදම් කරන්නත් එපා කීයක්වත් වැඩියෙන් වියදම් නොකර ඉන්නත් එපා. හැම වෙලාවේම gap එකක් තියාගෙන lifestyle එක upgrade කරපන්.

    7) ලංකවේ තත්වේ නම් කොහොමද දන්නේ නෑ හැබැයි පුළුවන් නම් සල්ලි ETF, indexed funds වල invest කරපන්. Risk එක අඩුයි individual stock picking වලට වඩා. Investments වලදී longterm හිතපන් අඩුම අවුරුදු 5. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙද්දී කලබල වෙන්න එපා.

    8) Forex වගේ zero sum සූදු investments නෙවෙයි (imho). උඹේ investment එක හරි යන්න වෙන එකෙක්ට කෙල වෙන්න ඕනේ නම් ඒවා investment විදිහට ගන්න එපා. longterm ඒවා sustainable නෑ
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    :yes::yes::yes::yes:
    koheda rata ban?
    අවුරුදු 7ක් අබුඩාබි. දැන් සාජා, මෙහෙ දැන් 8කට කිට්ටු වෙන්න එනවා.

    ටාගට් තියාගෙන වැඩ කරන්න. ඉන්කම් එකක් හදාගන්න. නැත්නම් fd එකක් හරි දාගන්න. ඒකට දැන්ම ඉඳන් වැඩ කරන්න. මම මේ වයස වෙනකොට මේ දේවල් කරනවා කියලා හැමවෙලේම හිතන්න. 55-60 වෙනකම් රස්සා කරන්න හිතන්න එපා. ළමයින්ට සේසතම ලියන්නත් එපා.

    Comfort zone එකේ හිරවෙන එක තමයි අපිට තියෙන ලොකුම හෙණේ. මටත් එහෙමයි.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,191
    113
    ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථංව නිධාපෙයිය
    ආපදාසු භවිස්සති

    බුදුරජාණන් වහන්සේ විසින් දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරන ලද, ආර්ථික කළමනාකරණය සහ අරපිරිමැස්ම පිළිබඳව සඳහන් වන සුප්‍රසිද්ධ ගාථාවකි මෙය.

    ගාථාවේ තේරුම

    උපයන ධනය කොටස් හතරකට (4) බෙදා ආර්ථිකය මෙහෙයවිය යුතුය.
    ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය (එක කොටසකින් පරිභෝජනය කරන්න): එක් කොටසක් තමාගේ සහ පවුලේ දෛනික ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා වියදම් කරන්න.

    ද්වීහි කම්මං පයෝජයේ (කොටස් දෙකකින් ව්‍යාපාර හෝ ආයෝජන කරන්න): කොටස් දෙකක් තම ව්‍යාපාර දියුණු කිරීමට, රැකියාවට හෝ වෙනත් ආදායම් මාර්ග පුළුල් කිරීමට ආයෝජනය කරන්න.

    චතුත්ථංව නිධාපෙයිය (හතරෙන් එකක් ඉතිරි කරන්න): සිව්වන කොටස අනාගතයේ ආපදා හෝ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කර තබන්න (සුරක්ෂිතව බැංකුවක හෝ වෙනත් ක්‍රමයකින් තැන්පත් කරන්න).

    ඉහත ආර්ථික දැක්ම වර්තමානයට වුවද ඉතා සාර්ථකව ගැලපෙන ක්‍රමවේදයකි.
     
    • Like
    Reactions: tha123

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    එකටම බොලාගෙ කතාව කියමු බලන්න... ඕක අහන්ම ම account එකක් හැදුවද..
    Ape bila eno bn 12k wage. Man mw baluwe hama masema 12 gewanoda natm loan ekak aran solar gahala loan ekata gewanoda kiyala

    Anika AC th natuwa me😕
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,506
    18,142
    113
    Ape bila eno bn 12k wage. Man mw baluwe hama masema 12 gewanoda natm loan ekak aran solar gahala loan ekata gewanoda kiyala

    Anika AC th natuwa me😕
    Short term නම් මට හරියටම කියන්න බෑ බිලට වඩා අඩු ගානක් ලෝන් එක ගෙවන්න වෙයි කියල long term සහ future consumption වැඩි වෙනව නම් අනිවාරෙන් ලාබයි. අනිත් එක grid එකට connect කරන්න approval නෑ හැම තැනටම දවසෙන් දවස transformer capasity නැති වෙනව. පරක්කු වෙන තරමට අවාසි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    Short term නම් මට හරියටම කියන්න බෑ බිලට වඩා අඩු ගානක් ලෝන් එක ගෙවන්න වෙයි කියල long term සහ future consumption වැඩි වෙනව නම් අනිවාරෙන් ලාබයි. අනිත් එක grid එකට connect කරන්න approval නෑ හැම තැනටම දවසෙන් දවස transformer capasity නැති වෙනව. පරක්කු වෙන තරමට අවාසි
    Wahala tikk paranai bn. Loku weight ekak enoda 5 kw