පවුලේ පාවිච්චියට (Family Use), ලොකු රෙපයාර් කරදර නැති, නඩත්තු වියදම් අඩු (Less repairs & low maintenance), ඒ වගේම මේ දවස්වල ලංකාවේ මාර්කට් එකේ ලක්ෂ 70ත් 78ත් අතර (LKR 7.0 - 7.8 Million) බජට් එකකට ගන්න පුළුවන් Brand New / 0km / Unregistered වාහනයක් තෝරාගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ.
මගේ හිතේ දැනට තියෙන ඔප්ෂන්ස් 3ක් තියෙනවා:
මගේ හිතේ දැනට තියෙන ඔප්ෂන්ස් 3ක් තියෙනවා:
- Suzuki Celerio (2026)
- Nissan Dayz
- Nissan Gravite (Nissan ලංකාවට අලුතින්ම හඳුන්වා දීපු 7-Seater MPV එක)
- නඩත්තු වියදම් සහ රෙපයාර් (Maintenance & Reliability): මේ වාහන තුනෙන් එදිනෙදා දිවීමේදී ලෙඩ අඩුම, Parts ලංකාවේ ඕනෑම තැනක ලේසියෙන් සහ අඩු මිලට ගන්න පුළුවන් මොන මොඩල් එකටද?
- පවුලේ පාවිච්චියට ඉඩකඩ (Family Practicality): Nissan Gravite එක 7-Seater එකක් වුණාට 1.0L එන්ජින් එකක් එක්ක ලංකාවේ කන්දක් වගේ යද්දී, Full load දාලා යද්දී Performance සහ සුවපහසුව කොහොමද? Dayz එකේ සහ Celerio එකේ Cabin Space එක පවුලකට ප්‍රමාණවත්ද?
YouTube - 2026 Market Price Reality: මේ දවස්වල මේ වාහනවල සැබෑ මාර්කට් ප්‍රයිස් එක යන්නේ කොහොමද? මගේ බජට් සීමාව (ලක්ෂ 70-78) ඇතුළත මේවායින් අලුත්ම එකක් (Brand New / 0km) නෙගෝෂියේට් කරලා ගන්න පුළුවන් වෙයිද?
Last edited: