ජනතාව වෙනුවෙන් මැදිහත් වූ ප්‍රාදේශිය ලේකම් වරියට කඩිනමින් ස්ථාන මාරු
ජනතාව ප්‍රතික්ශේප කල දූෂිත පාලන තන්ත්‍රය යලි ස්ථාපනය කිරීම වෙනුවෙන් නිහඩ සේවයක් ඉටු කරන මාලිමා ආණ්ඩුවට අපගෙන් සුබ පැතුම්
=================================
වසර 20 කට අධික කාලයක් පෞද්ගලික වත්කමක් ලෙස භාවිත කල ගම්පොල සංස්කෘතික මධ්‍යස්ථානය විවිධ බාධක හමුවේ යලි ජනතා අයිතියට පත් කරන්නට ඇයට හැකිවිය. පසුව එය ගරු අධිකරණය විසින් ලබාදුන් තීන්දු තුලින්ද සනාථ විය. ඒ වෙනුවෙන් ඇයව දැඩි පලිගැනීමකට ලක්වූ අතර ඇයව ලේකම් ධූරයෙන් ඉවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පවා ඇයව වරදකරු කරනු ලැබිනි. නීතිපති දෙපාර්තුමේන්තුව පවා නිසි නියෝජනයක් නොකල තත්වයක් තුල පෙනී ගියේ ඇය ගැටුනු දේශපාලන තන්ත්‍රයේ සහ ඒ හා බැදුනු රාජ්‍ය තන්ත්‍රයේ ශක්තිමත් භාවයයි.
කෙසේ වෙතත් එකල රනිල් වික්‍රමසිංහ සමයේ පවා සිදු කරගත නොහැකිවූ එම පලිගැනීම අනුර කුමාර දිසානායක සමයේ සාක්ෂාත් කරගැනීමට අදාල කණ්ඩායම් සමත්ව ඇත.
අම්බුළුවාව ඉඩම් මංකොල්ලය පිලිබදව ජාතික ජනබලවේගය නිද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කරද්දී කඩිනමින් ඒ සම්බන්ධව මැදිහත් වූ උඩපලාත ප්‍රාදේශිය ලේකම් වරිය කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැදවමින් ස්ථානමාරුවක් ලබාදී ඇත්තේ ඇය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වෙමින් පවතින බවට හේතු දක්වමිනි.
මහනුවර කණ්ඩායම් නායක ලාල්කාන්ත ඇතුලු පිරිස ජනතාව බලාපොරොත්තු වූ අම්බුළුවාව පවරා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය බාලගිරි දෝශයට ලක් කර ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධව ඇති නොහැකියාවක්ද එසේත් නැතිනම් වෙනත් දේශපාලනික හෝ මූල්‍යමය ලාභයන් අපේක්ෂාවෙන්ද යන්න අපට ඇතිවෙමින් පවතින්නේ බලවත් සැකයකි. අදාල පනත ගෙන එනවා යැයි ඔවුන් නැවත නැවත ප්‍රකාශ කලද එය දිනෙන් දින කල් දමමින් සිටින්නේ මිලියන ගනනක් මහජන මුදල් දිනෙන් දින පෞද්ගලික පරිහරණයට ඉඩ සලසමිනි.
කෙසේ වෙතත්, ජනවරමට පයින් ගසමින් යලි දූෂිත තන්ත්‍රය ස්ථාපිත කිරීමට මාලිමා මහනුවර නායකයන් ගේ නිදාශිලී දායකත්වය රුකුලක් වී ඇති බව නොරහසකි.
ඔවුන් ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබදව අප ඔවුන්ට සුබ පතන අතර නැවත ඔවුන් 2029 දී ජන වරමක් උරගා බැලිය යුතු බවද නැවත මතක් කර දෙන්නෙමු.
ඊට අමතරව කාන්තා නායකත්වය පිලිබද ව කතිකාවත සීමා කල යුත්තේ හුදෙක් රූපවාහිනී සංවාද වලට හෝ දේශපාලනික මුහුණුවරකට පමණක් නොව. ප්‍රායෝගිකව විවිධ ස්ථරයන් ඔස්සේ එම නායකත්වය ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමද මාලිමාවේ ගහැණු අපි එක මිටට කණ්ඩායමේ වගකීමක් බව නැවත නැවත මතක් කර දෙන්නෙමු.