ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,922
    7,913
    113



    'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණය දුන් තීන්දුව ස්ථිර කළ ශ්‍රේෂ්ඨාධිකරණය කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන ඇතුළත් කර කෘතිය තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම මෙන්ම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් කිරීම ද වළකාලන නියෝගයක් නිකුත් කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ශිරාන් ගුණරත්න, සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි.

    ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථය හේතුවෙන් බුද්ධිමය දේපළ පනතේ සඳහන් වී ඇති තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පවසමින් ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබූ අතර තමන් ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා විසින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව එම නඩුවේදී සඳහන් කර තිබිණි.

    කොළඹ වාණිජ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු බුද්ධිමය දේපල පනත යටතේ ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශට මහතාට නොව ටිල්වින් සිල්වාට මහතාට බව 2019 ජනවාරි 11 වැනිදා තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණය ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියම කළේය.


    කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයෙන් තමන් අතෘප්තියට පත්වූ බව පවසමින් එම නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ගොනුකළ අතර, ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය. පෙත්සම්කාර ටිල්වින් සිල්වාට මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස නියම කරමින් විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය දුන් නියෝගය සම්බන්ධයෙන් මැදිහත්වීමට තම අධිකරණය අපේක්‍ෂා නොකරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සඳහන් කළේය.

    කරුණු නිසි ලෙස අධ්‍යයනය කරමින් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා තීරණය දී ඇතැයි සඳහන් කළ විනිසුරු මඬුල්ල ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම, විකිණීම හා බෙදාහැරීම වළකාලමින් වාණිජ මහාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය වෙනස් කිරීම්වලට ලක්කරන බව සඳහන් කළේය.

    අදාළ ග්‍රන්ථයට ඇතුළත් කර ඇති ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන පමණක් කෘතියේ තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම සීමා කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දුන්නේය.

    වගඋත්තරකාර ටිල්වින් සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර විමල් වීරවංශ මහතා වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා පෙනී සිටියේය
    .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    images
    55.png
     
    • Haha
    Reactions: Maui_15