මේ වෙනකොට ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙන මේ ව්‍යාපෘතිය කරන්න යන්නෙ ඇමරිකාවෙ කැලිෆෝර්නියා ප්‍රාන්තෙ ස්ථාපනය කරලා තියෙන 'Reflect Orbital' සමාගමෙනුයි. අභ්‍යවකාශෙට යවපු චන්ද්‍රිකාවක සවි කරලා තියෙන දිග සහ පළල අඩි 60 බැගින් වුණු විශාල දර්පණයක් භාවිතා කරලා ඒ දර්පණේ මතට පතිත වෙන සූර්යාලෝකය නැවතත් පෘථිවියෙ රාත්‍රී කාලය ගෙවෙන ප්‍රදේශවලට පරාවර්තනය කිරීමක් සිදු කරලා ඒ ප්‍රදේශවලට ආලෝකවත් කරන්නයි මේ ව්‍යාපෘතිය මගින් මේ සමාගම සූදානම් වෙන්නෙ.
කිලෝමීටර 5 ක විතර ප්‍රදේශයක් රාත්‍රී වෙලාවක වුණත් ආලෝකවත් කරන්න මේ ක්‍රමවේදෙන් පුළුවන් කියලා තමයි මේ සමාගමෙන් කියන්නෙ. සෝලා ෆාම්ස්වල ප්‍රයෝජනයට ගන්න වගේම, රාත්‍රී කාලවලදි කරන හදිසි මුදාගැනීම් මෙහෙයුම් වගේ කටයුතුවලට මේ 'Reflect Orbital' සමාගමේ මේ ව්‍යාපෘතිය යොදාගන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. පෘථිවියෙ පහළ කක්ෂවල කක්ෂ ගත කරපු 'Eärendil-1' කියන චන්ද්‍රිකාවන් යොදාගෙන තමයි මේ කටයුත්ත කරන්න ලෑස්ති වෙන්නෙ. 2035 අවුරුද්ද වෙනකොට මේ චන්ද්‍රිකා 50 000 ක ප්‍රමාණයක් කක්ෂ ගත කරන්න මේ වෙනකොට "Reflect Orbital" සමාගම විසින් සැලසුම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියට අදාළ මූලික පරීක්ෂණ මෙහෙයුම් පටන් ගන්න ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමෙනුත් (Federal Communications Commission - FCC) නිල අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා ඊයෙ දවසෙදි වාර්තා වුණා.
කොහොම වුණත් විද්‍යාඥයගෙන් වගේම පරිසරවේදියොන්ගෙනුත් මේ ව්‍යාපෘතියට සෑහෙන ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. පරිසර පද්ධතිවලට, ජෛව විවිධත්වයට, මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතයට විතරක් නෙවේ අභ්‍යවකාශ නිරීක්ශන කටයුතු වගේ දේවල්වලට පවා ලොකු බාධාවක් මේ ව්‍යාපෘතියෙන් එල්ල වෙන නිසයි මේ විරෝධය එල්ල වෙලා තියෙන්නෙ.. ඇමරිකාවෙ තාරකා විද්‍යා සංගමයෙනුත් මේ ව්‍යාපෘතියට අවසර දෙන්න එපා කියලා ඉල්ලලා 'FCC' එකට විශේෂ ලිපියක් පවා යොමු කරලා තියෙනවා ගිය මාසෙදි. එහෙම තියෙද්දිත් තමයි ව්‍යාපෘතිය පටන් ගන්න 'FCC' එකෙන් අවසර දීලා තියෙන්නෙ. මේ ව්‍යාපෘතිය හරි ගියොත් අනාගතේදි හිරු එළියත් සල්ලි වලට විකිණෙනවා බලාගන්න අපිට වාසනාව උදා වේවි.

වැඩිදුර තොරතුරු
Last edited: