වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,892
    99,178
    113
    'වට්ටගාමිණී අභය' හෙවත් 'වළගම්බා' කියන්නෙ අපේ රාජාවලියෙ ඉන්න තවත් අන්ඩරේටඩ් රජ කෙනෙක් කිව්වොත් නිවැරදියි,

    හැබැයි ඒ අන්ඩරේටඩ් චරිතය සහ ඒ යුගය ගැන 'ආලෝකෝ උදපාදි' මූවි එකෙන් පස්සෙ සමාජය ඇතුළෙ යම්කිසි කතාබහක් ඇතිවුණා, විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු වගේ රජවරු ගැන විතරක්ම කතාකරපු සමාජය වළගම්බා රජ්ජුරුවො ගැන කතාකරන්න සහ විස්තර හොයන්න ගත්තා,

    ඒක හොඳ ප්‍රවණතාවයක් ඇත්තටම,

    ඉතින් අද මේ ආටිකල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ මූවි එකට බේස්වුණු වළගම්බා රජ්ජුරුවො ගැන කතාකරන්න,

    ඊටකලින් අපි පොඩ්ඩක් වළගම්බා රජ්ජුරුවො රජවෙන්න කලින් දේශපාලනික පසුබිම ගැන කතාකරල ඉමු,

    පුරා අවුරුදු 44ක් ලංකාවෙ අනුරාධපුරය ඇතුළු උතුරු ප්‍රදේශය අල්ලගෙන උන්නු එළාර කියන චෝල ආක්‍රමණිකයාව පරාජය කරන දුට්ඨගාමණී අභය හෙවත් දුටුගැමුණු රජ්ජුරුවො ලංකාද්වීපය එක්සේසත් කරමින් අනුරාධපුරය අගනුවර කරගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරනවා,

    දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ මරණයෙන් පස්සෙ රාජ්‍යත්වයට පත්වෙන්නෙ එයාගෙ සොහොයුරු සද්ධාතිස්ස, මේක හරි සාමකාමී කාලයක්,

    සද්ධාතිස්ස රජ්ජුරුවන්ගෙන් පස්සෙ එයාගෙ දෙවැනි පුත්‍ර ථුල්ලත්තන රජවුණත් එයා රජකරන්නෙ මාසයයි දවස් දහයයි, දිගාමඬුල්ලේ ඉඳන් එන ලජ්ජිතිස්ස කුමාරයා එයාව පන්නල රාජ්‍යත්වයට පත්වෙනව,

    ලජ්ජිතිස්ස අවුරුදු නවයයි මාස අටක් රජකරනවා, එයාගෙන් පස්සෙ රජවෙන්නෙ එයාගෙ සොහොයුරු ඛල්ලාටනාග, ඒත් ඛල්ලාටනාගට වැඩිකාලයක් සිංහාසනේ ඉඳගෙන ඉන්න වෙන්නෑ, මොකද එයාගෙම සෙනෙවියෙක් වුණු මහාරත්තක එයාට ශොට් එක දෙන නිසා,

    තමන්ට කිසිම උරුමයක් නොතිබුණු සිංහාසනයක් උඩින් බලහත්කාරයෙන් වාඩිවුණු මහාරත්තක ට මහා ලොකු කාලයක් ඒකෙ සොමිය ගන්න වෙන්නෑ,

    ඒ මොකද කියනව නම් මියගිය ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බාල සහෝදරයා වුණු, සද්ධාතිස්ස රජ්ජුරුවන්ගෙ හතරවෙනි පුත්‍රයා වුණු වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා කුමාරයා ඇවිල්ල රත්තකට එළොව පොල් පෙන්නන නිසා,

    මහාරත්තකගෙ මරණයෙන් පස්සෙ වළගම්බා කුමාරයා අනුරාධපුර රාජ්‍යත්වයට පත්වෙනව, ඒ වගෙම තමන්ගෙ සොහොයුරු ඛල්ලාටනාග ගෙ මෙහෙසිය වුණු අනුලා බිසව තමන්ගෙ බිසෝ තනතුරටත් එයාගෙ පුත්‍ර මහාචූලික කුමාරයා පුත් තනතුරටත් තබාගන්නව,

    මේ නිසාම රජ්ජුරුවන්ට 'පීතුරාජ' කියලත් ව්‍යවහාර වෙලා තියෙනව,

    වළගම්බා මුල්වරට රාජ්‍යත්වයට පත්වෙන යුගය ඇවිල්ල අවුල් වියවුල්වලින් ගහණ කාලයක්, උඩහ විස්තරේ කියෙව්වම ඒක පැහැදිලි වෙන්නැති,

    ඉතින් එහෙම වෙනකොට රටේ ආරක්ෂාව,ආර්ථිකය ආදී පැති දුර්වල වෙන එක අහන්නත් දෙයක් යැ?

    මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න රුහුණේ නකුල කියන ග්‍රාමයේ වාසය කරපු තිස්ස හෙවත් ථීය කියන බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට එරෙහිව කැරැල්ලක් පටන්ගන්නව,

    එතකොට වළගම්බා රාජ්‍යත්වයට පත්වෙලා මාස පහක් වගේ,

    මලහත්තිලව්වයි!

    'අලි මදිවට හරක්' කියන්නා වගේ ඔය කාලෙම දකුණු ඉන්දියාවෙ ඉඳන් දමිළ ප්‍රධානියො හත්දෙනෙක් තමන්ගෙ සේනාවන් අරගෙන ලංකාවට ගොඩබහිනව,

    මෙයාලට කියන්නෙ 'සත්ද්‍රවිඩයො' කියල,

    දැන් වැඩේ පොඩ්ඩක් කේස්, එහෙන් රුහුණෙ ඉඳන් "සිංහාසනේ දියව්" කියල කැරලි ගහන ට්‍රැක පැනපු ථීය බමුණා, මෙහෙන් දකුණු ඉන්දියාවෙ ඉඳන් කඩාපාත් වුණු සත්ද්‍රවිඩයො,

    මේ වෙලාවෙ වළගම්බා රජ්ජුරුවො මොළේ කල්පනා කරල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ව දඩයම් කරන විදිහෙ උපායශීලී ඇප්‍රෝච් එකකට යනව,

    එයා ථීය බ්‍රාහ්මණයට හසුනක් යවනව,

    "රාජ්‍ය බලයෙන් මට ඇති වැඩක් නැහැ. දන්වා යවනු පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියල. හැබැයි ගොඩබැහැපු පරදේසක්කාරයින්ව එළවලා!"

    මේ, ඒ පයිණ්ඩය අඩංගු ආලෝකෝ උදපාදි මූවි එකේ අයිකොනික් දෙබස,

    රජ්ජුරුවන්ගෙ ඇම ගිලින ථීය බමුණා පොර වගේ තමන්ගෙ නුපුහුණු සේනාව අරගෙන බලසම්පන්න දමිළ සේනාව ඉස්සරහට යනව,

    ථීය හෙවත් තිස්ස බමුණාට සහ ඒ සේනාවට හොඳම එකෙන් දකුණු ඉන්දියානු කෑම වේලක් හම්බුවෙනව, මිනිහගෙ රජවීමේ පිස්සුවටත් බෙහෙත් හම්බුවෙනව,

    තමන්ව විනාශ කරන්න ආපු ථීය බමුණා ප්‍රමුඛ සේනාව ඒ විදිහට සුන්නත්දූලි කරන සත්ද්‍රවිඩ සේනාව ඒ ගැම්මටම විජයග්‍රාහීව අනුරාධපුර කරා ඇදෙනව,

    'දැන් මොකද කරන්නෙ?'

    වළගම්බා රජ්ජුරුවො මාලිගයේ සීමැදුරු කවුලුවෙන් ඈතින් පෙනෙන මහාසෑය, ලෝවාමහාපාය ආදියෙන් සමන්විත මහේශාක්‍ය, විභූතිමත් අනුරාධපුර ස්කයිලයින් එක දිහා බලාන අහස පොළොව ගැටලන්නා සේ කල්පනා කරනව,

    එක තර්ජනයක් අවසන් වුණත් දැන් එන්නෙ ඊටවඩා සියදහස් ගුණයක් බලගතු තර්ජනයක්,

    'තමන්ගෙ ලොකු තාත්තා වුණු දුට්ඨගාමණී අභය රජ්ජුරුවො එක්සේසත් කරපු ලංකාද්වීපය ආයෙමත් ආක්‍රමණිකයො අතට යන්න දෙනවද?'

    රජ්ජුරුවො ඕනිදෙයක් වෙච්චාවෙ කියල සටනට සූදානම් වෙනව,

    අනුරාධපුරයට ළඟාවෙන සත්ද්‍රවිඩයින්ගෙ සේනා සහ අපේ සේනාවන් එකිනෙක ගැටෙනව,

    අසිපතට අසිපත, හෙල්ලයට හෙල්ල, හීයට හීය,

    ඒත් අවිබලයෙන්, සේනාබලයෙන් එයාලට සාපේක්ෂව බොහොම පල්ලෙහා තැනක උන්නු අපේ සේනාවන් කොයිතරම් නිර්භයව, දිවිහිමියෙන් සටන්වැදුණත් අවසානෙ අත්වෙන්නෙ පරාජය,

    සත්ද්‍රවිඩයින්ගෙ සේනාව අනුරාධපුර වාසල් දොරටු කුඩුපට්ටම් කරගෙන නගරය තුළට කඩාවදිනව, දුට්ඨගාමණී අභය රජ්ජුරුවො මුදාගත්තු අනුරාධපුරය ආයෙමත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්ගෙ සෙල්ලම් පිට්ටනියක් බවට පත්වෙනව,

    සටන පැරදුණු නිසා තවදුරටත් මෙහෙම හිටියොත් තමන්ටත් ශුවර් ඇන්ඩ් ශොට් බඩු හම්බුවෙන බව දැනන් උන්නු වළගම්බා රජ්ජුරුවො පාත්‍රා ධාතුව ඇතුළු වස්තූන් පොදි බැඳගෙන තමන්ගෙ පවුලේ සාමාජිකයො එක්ක කරත්තයකින් පලායනව,

    එයාලගෙ ගමනාන්තය වෙන්නෙ මලය රටේ කඳුකරය,

    මහින්දාගමනය එක්ක අනුරාධපුරය බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් පිරුණු බෞද්ධ පුරයක් බවට පරිවර්තනය වුණත් නගරයෙ තිබුණු අන්‍යාගමික සිද්ධස්ථානාදිය එහෙම්ම ම තිබුණා, ඒ වගෙම අන්‍යාගමික සහ වෙනත් ඇදහිලි විශ්වාසයන්ට ගරුකරපු මිනිස්සුන්ට ඒ ඒ දේවල් ඒ ඒ විදිහට කරගෙන යන්න පුළුවන් නිදහස් වාතාවරණයක් තිබුණා, ඒ බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පවා හමුවෙනව, මහින්දාගමනයෙන් පස්සෙ රාජ්‍ය ආගම බෞද්ධාගම වුණා කියල ඒ දේවල්වලට අබමල් රේණුවක හානියක් වුණේ නෑ,

    එහෙව් අන්‍යාගමික සිද්ධස්ථානයක් වුණු 'ගිරි' කියන නිඝන්ඨයාට අයිතිව තිබුණු ආරාමයක් අනුරාධපුර තීර්ථකාරාම දොරටුව හරියෙ තිබුණා කියල කියනව,

    දෛවෝපගත විදිහට වළගම්බා රජ්ජුරුවො පලායමින් උන්නෙ ඔය හරියෙන්, මොකක්දෝ කරුමෙකට මේක දකින්නෙ අර කියපු ගිරි නිඝණ්ඨයා,

    මිනිහ මොකද කරන්නෙ? නිකං ඉන්නවද?

    නෑ, රජ්ජුරුවන්ගෙ පලායාම හතරවටේටම දැනගන්න ආරාමයෙ ඝණ්ටාරෙ ගහන ගමන් මහ හයියෙන් බෙරිහන් දෙනව,

    "මහා කළු සිංහලයා පලායනවෝ!"

    පලායන රජ්ජුරුවන්ට මේක ඇහෙනව, ගිරි නිඝණ්ඨයා මේ කරන්නෙ රාජද්‍රෝහී වැඩක්, ඒත් මේ වෙලාවෙ කරන්න දෙයක් නෑ, හැමදේකටම වඩා ජීවිත වටිනව,

    "ආයෙ ආවහම රිටර්න් එක දෙන්නම්,"

    රජ්ජුරුවො තමන්ටම කියාගන්නව,

    ගිරි නිඝණ්ඨයා කරපු චාටර් වැඩේ නිසා ලුහුබඳින්නන් ට පලායන රජ්ජුරුවන්ව ට්‍රැක් කරන එක ලේසිවෙනව,

    උන් අසිපත්, හෙළි අමෝරාගෙන රජ්ජුරුවො සහ රජපවුල ඉන්න කරත්තෙ පස්සෙන් අශ්වයින් පිට නැගල ලුහුබඳිනව,

    මේ කරත්තයෙ මේ වෙලාවෙ හිටියෙ රජ්ජුරුවො, එවකට ගර්භණී තත්වයේ උන්නු අනුලා බිසව, මහාචූලික කුමාරයා සහ සෝමා දේවිය,

    ඒ තරම් බරක් දරාගෙන වේගෙන් යන්න තරම් කරත්තෙට කැපෑසිටියක් තිබ්බෙ නෑ,

    ලුහුබඳින්නන් ක්‍රමක්‍රමයෙන් ළංවෙමින් හිටියෙ,

    තවත් වේගෙන් යන්න බැහැ, මේ වේගෙන් ගියොත් කොහොමත් අහුවෙනව,

    රජ්ජුරුවො මැදිවුණේ බරපතළ උභතෝකෝටිකයකට,

    ඒ වෙලාවෙ රජ්ජුරුවො තීරණය කරනව තමන් කරත්තෙන් බැහැල අනිත් අයට බේරෙන්න හරින්න,

    ඒත් අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත විදිහට සෝමා දේවිය කරත්තෙන් පනිනව,

    ලුහුබඳින්නන් ඈ වෙතට අවධානය දෙනව, ඇයව ඔවුන්ට හසුවෙනව, ඒ ලැබෙන අවසරයෙන් රජ්ජුරුවො සහ අනිත් පිරිස අනුරාධපුර නගර සීමාව පසුකරගෙන මලය රට දෙසට වේගයෙන් පලායනව,

    සෝමා දේවිය ට මොකද වෙන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,892
    99,178
    113
    ඇයව සහ ඇය සන්තකයෙ තිබුණා යැ කියන පාත්‍රා ධාතුව සත්ද්‍රවිඩ ප්‍රධානීන් හමුවට පමුණුවනු ලබනවා,

    මම පොඩිකාලෙ කියවපු පොතකට අනුව මෙතැනදි සත්ද්‍රවිඩයො ඇය ඔවුන්ගේ රජතුමාගෙ මියගිය දියණිය වගේ කියල පුදුමයෙන් වගේ කියනව,

    ඒක අහන සෝමා දේවිය තමන් ඇගේ පුනරුත්පත්තියක් බව කියමින් රංගනයක යෙදෙනවා,

    සත්ද්‍රවිඩ ප්‍රධානීන්ගෙන් කෙනෙක් ඇයව අරගෙන ඉන්දියාවට යනව, තවකෙක් පාත්‍රා ධාතුව අරගෙන යනව,

    දැන් අර ආපු හත්දෙනාගෙන් ලංකාවෙ ඉතුරුවෙන්නෙ පස්දෙනයි,

    එතැනින් පස්සෙ ගතවෙන අවුරුදු 14ක කාලපරාසය පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඨිය කියන මේ ආක්‍රමණිකයින් පස්දෙනා ජනයා පෙළමින්, රටේ රීරිමාංසය උරාබොමින් අනුරාධපුරය පාලනය කරනව,

    මේ අවුරුදු 14ක කාලය පලාගිය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගතකරන්නෙ කොහොමද?

    රජ්ජුරුවො පලාගියාට මොකද ආක්‍රමණිකයො රජ්ජුරුවන්ව හොයන එක නැවැත්තුවෙ නෑ, මොකද කවමහරි දවසක පලාගිය රජ්ජුරුවො සේනා සංවිධානය කරගෙන තමන්ට කෙළින්න එන බව එයාල දැනං හිටියා,

    ඒ නිසාම අනුරාධපුර ඉඳන් මායා රටට, ඒ කියන්නෙ මලය රටට සහ රුහුණට රහසිගත ඝාතක කණ්ඩායම්, හමුදා කණ්ඩායම් නිරන්තරයෙන්ම ආවා, එයාල රජ්ජුරුවො ඉන්න පුළුවන් කියල සැක හිතුණු හැමතැනක්ම වගෙ පීරුවා, ඒත් උන්ට රජ්ජුරුවන්ගෙ මයිලක්වත් හොයාගන්න ලැබුණෙ නෑ,

    මොකද මහා සංඝරත්නය ප්‍රමුඛ පොදු ජනතාව රජ්ජුරුවන්ට ආදරය කරා, රජ්ජුරුවන්ව දිවිහිමියෙන් ආරක්ෂා කරා,

    කොයිතරම් රහසිගතව ආක්‍රමණික ලුහුබඳින්නන් මලය රටට ආවත් ඒ පැමිණීම ගැන රජ්ජුරුවො මිනිස්සුන්ගෙ මාර්ගයෙන් ඉක්මනින්ම දැනගත්තා, ඒ නිසා හැංගිලා උන්නු තැනින් තවත් තැනකට මාරුවෙන්න කාලවේලාව හම්බුණා,

    මේ කාලෙ රජ්ජුරුවො සහ රජපවුල හිටියෙ මාලිගාවල නෙවෙයි, මහා වනාන්තර මැද්දෑවෙ තිබුණු ගල්ගුහා, පන්සල්, ගම් ප්‍රධානීන්ගෙ නිවස්න තමයි එයාලට මාලිගා වුණේ,

    ඒ වගෙම වැදගත්ම දේ මේ කියන කාලෙ රටක් විදිහට අපිට කම්ෆටබල් වුණේ නෑ, ඒ ආක්‍රමණිකයින් සෙට් එකක් රට පාලනය කරපු නිසා නම් නෙවෙයි,

    පුරා අවුරුදු 12ක කාලයක් පැවතුණු 'බැමිණිතියා සාය' කියන දරුණු සාගතය නිසා!

    මේක ඇවිල්ල ලංකා ඉතිහාසයෙ අපිට හමුවෙන දරුණුතම ස්වභාවික ව්‍යසනයක්,

    ස්වභාවික කිව්වට මේකට ආක්‍රමණිකයින් ආපු ගමන්ම කරපු වැව් අමුණු විනාශකිරීම වගෙ සාධකත් හේතුවක්,

    දරාගත නොහැකි කාස්ඨකේ හමුවේ මහපොළොව ඉරිතලනව, ඇළදොළ, ගංගා, මහාවැව්, දිය උල්පත් හැමෙකක්ම වගෙ හිඳිල යනව, ඒ නිසාම රටේ ආහාර නිෂ්පාදනය අඩාළ වෙනව, මිනිසා ඇතුළු සකලවිධ ප්‍රාණීන්ට මෙතුවක් කාලයක් කන්න බොන්න ඵලවැළ දුන්නු ගස්කොළං මහා නියඟෙ ඉස්සරහ කේඬෑරි වෙලා යනව,

    මේක මහ දරුණු ව්‍යසනයක්, මේ ව්‍යසනය රටේ හැම ප්‍රාණියකුටම වගෙ බලපානව, සියගණනින් දහස්ගණනින් මිනිස්සු ඇතුළු සතාසීපාවා මියැදෙනව,

    බලන බලන අත දකින්න ලැබුණෙ විනාශය හැර වෙන කිසිවක්ම නෙවෙයි,

    ඇවිදින ඇටසැකිළි වගෙ මිනිස්සු, කේඬැරිවෙලා ගිය ගස්කොළං, පත්ලටම හිඳිල ගියපු ඇළදොළ ගංගා වැව් ආදී ජල මූලාශ්‍රයන්,

    ඒ අස්සෙ ගම්නියම්ගම් සිසාරා පැතිරෙන නේකවිධ වසංගත රෝග,

    දරාගත නොහැකි බඩගින්න ඉස්සරහ මිනිස්සු මිනිස්සු අතර ආහාර වෙනුවෙන් සිදුවුණු අඬදබර සහ ආරවුල්, ඒ වගෙම සොරකම්,

    බඩගින්න කොයිතරම් ද කියනව නම් ඇතැම් අය පණ රැකගන්න මිනීමස් පවා අනුභව කරපු බව රසවාහිනියෙ, සීහලවත්ථුවෙ සඳහන් වෙනව,

    මේක මහ භීෂණකාරී යුගයක්, කිසිදා නොවූ විරූ ලෙසින් රටම එකම අපායක් බවට පත්වෙලා තිබුණෙ!

    ඒ අපායේ අපහසුවෙන් පණ රැකගත්තු හැම ප්‍රාණියෙක් හිටියා නම් ඔවුන් හැමකෙක් මතටම මරණයේ සහ විනාශයේ හෙවණැල්ල වැටිල තිබුණා!

    “මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය. එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.”

    සද්ධර්මලංකාරයෙ වත්ථුලපබ්බත වස්තුව කොටසෙ මේ ව්‍යසනකාරී තත්වය ගැන එහෙම කියනව,

    මේ ව්‍යසනය හමුවේ සිල්වත් භික්ෂූන් වහන්සේ විශාල වශයෙන් අපවත් වෙනව,

    මහාසාය දරාගත නොහැකිව ඇතැම් භික්ෂූන් වහන්සේලා දඹකොළ පටුනින් නැව් නැඟ දඹදිවට ගමන්කරනව,

    ඒ, ව්‍යසනය අවසන් වුණු පසු ආයෙ එන බලාපොරොත්තුවෙන්, ඒක ශාසනයෙ පැවැත්ම වෙනුවෙන් ඒ මොහොතේ ගත්තු නුවණැති පියවරක්,

    තවත් පිරිසක් සිවුරු අතෑරල යනව,

    ඒ අතරෙ අරම දඹදිවට යන්න තීරණය කරපු තවත් භික්ෂූන් වහන්සේල හැටක පිරිසක් ඒ තීරණය වෙනස් කරල මලය රටේ කඳුකරයට පැනල ගිහින් ගස්වල කොළ සහ පොතු අනුභව කරමින්, බොහොම දුක්ඛිත ජීවිත ගෙවමින් සිඳීගිය ගංගාවන්හි ඉවුරුවලට වෙලා තමන් කටපාඩමින් දැන උන්නු ත්‍රිපිටක ධර්මය මතකයෙන් ගිලිහී යන්න නොදී ඒවා ආයෙ ආයෙත් සජ්ඣායනා කරනව,

    මේ වෙනකල් ධර්මය පැවතගෙන ආවෙ මුඛ පරම්පරාගතව, ඒ නිසා ඒ ධර්මය දැනගෙන උන්නු ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා වීම සහ ඒ ධර්මය ආරක්ෂා වීම බුදුදහමේ අනාගත පැවැත්මට අතිශයින්ම වැදගත් වුණා,

    අද බුද්ධ ධර්මය මේ මට්ටමට ඉතුරුවෙලා තියෙන්නෙ තමන් කටපාඩමින් දරාගෙන උන්නු ධර්මය ආරක්ෂා කරගන්න නේකවිධ දුක්ඛදෝමනස්සයන් විඳිමින් තමන්ගෙ ජීවිත රැකගත්තු ඒ භික්ෂූන් වහන්සේල නිසාවෙන්,

    අන්න ඒ දේ අපි මතකයෙ තියාගන්ඩෝනි,

    ඉතින් මේ කියපු බැමිණිතියා සාය පුරා අවුරුදු 12ක් පවතිනව,

    මේකෙ අවසන් කාලෙ අනුරාධපුර පාලනය කරන්නෙ ඉතුරුවුණු පංච ද්‍රවිඩයින් එකිනෙකා මරාගෙන අවසානෙටම රජවෙන දාඨිය කියන ආක්‍රමණිකයා,

    'මේක තමයි වෙලාව'

    පුරා වසර 14ක් මලය රටේ කඳුකරයේ සහ රෝහණයේ තැනින් තැන සැඟව, එකතැනක ලොකු කාලයක් නොරැඳී පලායමින්, තමන් පසුපස ලුහුබඳින මාරයා හා ඔට්ටුවෙමින්, රජෙකුට නොතරම් වූ නොවිඳිනා දුක්ගැහැට විඳිමින්, බැමිණිතියා සායෙන් බැටකමින්, ඒත් මොන දේ වුණත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්ගෙන් අනුරාධපුරය මුදාගෙන රට එක්සේසත් කරන තමන්ගෙ ඒකායන අරමුණ අත්නොහැරපු වළගම්බා රජ්ජුරුවො තීරණය කරනව,

    ගම්නියම්ගම් සිසාරා ඒ බලාපොරොත්තුවේ, නිදහසේ පණිවුඩය පැතිරෙනව,

    මෙතුවක් කාලයක් පුරාවටම ආක්‍රමණිකයින්ගෙන් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බැටකාපු ජාතියක් තමන් බැඳදාල උන්නු බැමිවලින් නිදහස් වීමේ අභිලාෂයෙන් එක්සත් ව, එක්සිත් ව අවදිවෙනව,

    රහසිගතව සේනා සංවිධානය වෙනව,

    ආයුධයක් දරන්න තරම් ඇඟේ හයියහත්තිය තිබුණු හැම මනුස්සයෙක්ම වගෙ ඒ සේනාවන්ට එක්කාසුවෙලා දිවා රෑ නොබලා අවිහරඹ පුහුණුවෙනව,

    ලෝකුරු කර්මාන්තයෙ යෙදුණු ලෝකුරුවන්ට උදාවෙන්නෙ තරමක බිසී කාලයක්,

    ඔවුන් අතින් අසිපත්, පොරෝතල, තෝමර, ඊතල ආදී අවිආයුධ නිර්මාණය වෙනව,

    ඒවා පත්වෙන්නෙ අර සේනාවන්ගෙ අතට,

    ඒ ආයුධ දරාගත්තු මහා සේනාව 'මහා කළු සිංහලයා' හෙවත් වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො පෙරටුකරගනිමින්, මාර සේනවක් විලසින්, රණබෙර වයමින්, ධජපතාක ලෙළවමින්, මුවින් ඔල්වරසන් හඬ නඟමින් අනුරාධපුර දිහාවට ඇදෙනව,

    ඒ,
    තමන්ගෙ රටට අනවසරයෙන් ගොඩබැහැල ඒ රටේ රීරිමාංසය උරාබොමින් උන්නු ආක්‍රමණිකයින් මුලිනුපුටා දැමීමේ අරමුණෙන්,

    දෙපක්ෂයේ සේනාවන් මුහුණට මුහුණ හමුවෙනව,

    මහා සටනක් ඇරඹෙනව,

    අසිපතට අසිපත, හෙල්ලයට හෙල්ල ගැටෙනව,

    ඉරිතැලුණු මහපොළොව දෙපක්ෂයෙම ලෙයින් තෙත්වෙනව, මළසිරුරු ගොඩගැහෙනව, පිරිසක් බරපතළ තුවාල ලැබ පණ අදිනව,

    යුද්ධයක් වුණාම එහෙමයි,

    හෝරා ගණනාවකට පස්සෙ ලේ, සුසුම් සහ දහඩිය මතින් ඇදුණු, දේශයක දෛවය, අනාගත දිශානතිය තීරණය කරපු ඒ තීරණාත්මක සටන අවසන් වෙනව,

    ඒ, වළගම්බා රජ්ජුරුවො ප්‍රමුඛ සිංහල සේනාවන්ගෙ ජයග්‍රහණයෙන්,

    ආක්‍රමණිකයින් පරාජය කරමින් ආයෙ වතාවක් මුළු රටම එක්සේසත් කරන වළගම්බා රජ්ජුරුවො දෙවැනි වරටත් රාජ්‍යත්වයට පත්වෙලා දොළොස් අවුරුද්දක් පුරාවටම රාජ්‍ය විචාරනව,

    රජ්ජුරුවන්ගෙ මුල්ම වැඩේ වෙන්නෙ එදා ආක්‍රමණික ලුහුබඳින්නන් තමන් පසුපස හඹා ආපු වෙලාවෙ තමන්ගෙ සහ රජපවුලෙ සාමාජිකයින්ගෙ ජීවිත ආරක්ෂා කරන්න දෙපාරක් නොහිතා කරත්තයෙන් පැනපු, ආක්‍රමණික අත්අඩංගුවට පත්වෙලා ඔවුන්ගෙ රටට ගෙනියපු සෝමා දේවිය ව ආයෙමත් ලංකාද්වීපයට ගෙන්නගන්න එක,

    රජ්ජුරුවො පසුකාලීනව ඇයට ගෞරවයක් විදිහට 'සෝමාරාමය' නිර්මාණය කරනව,

    එදා රජ්ජුරුවො පලායනකොට "මහා කළු සිංහලයා පලායනවෝ!" කියල මහ හයියෙන් බෙරිහන් දුන්නු ගිරි නිඝණ්ඨ මහත්තයවත් රජ්ජුරුවන්ට අමතක වෙන්නෑ,

    මිනිහට මිනිහා ඩිසර්ව්ඩ් ඉරණම හිමිවෙනව,

    නිඝණ්ඨාරාමය මහපොළොවට සමතලා වෙනව,

    වළගම්බා රාජයුගයෙ සිදුවුණු විශ්වකර්ම නිමැවුම වුණු, අදටත් අනුරාධපුර ගියහම දැකබලාගෙන වන්දනාමාන කරන 'අභයගිරිය' නිර්මාණය වෙන්නෙ එතැන,

    බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක මෙතැන සමවත් සුවයෙන් වැඩ උන්නු බවත් කියැවෙනව,

    මේ 'අභයගිරිය' නම හැදෙන්නෙ රජ්ජුරුවන්ගෙ නම වුණු 'අභය' සහ නිඝණ්ඨයගෙ නම වුණු 'ගිරි' එක්කාසුවෙලා,

    මේ මහා සෑය ඇතුළෙ ගවයෙක්ගෙ හැඩයට නිර්මාණය වුණු කරඬුවක් තුළ බුදුන්වහන්සේගෙ සර්වඥ ධාතු තැන්පත් කරනු ලබනව,

    ඒ වගෙම විහාර කර්මාන්තය අවසන් වුණහම අභයගිරි විහාරය පූජා කෙරෙන්නෙ රජ්ජුරුවො මලය රටේ හැංගිලා උන්නු කාලයෙ රජ්ජුරුවන්ට අපමණ උදව් උපකාර කරපු කුපික්කල මහා තිස්ස හාමුදුරුවන්ට,

    අභයගිරිය 'ධර්මරුචි නිකාය' හෙවත් 'අභයගිරි නිකාය' කියල හඳුන්වන මහාවිහාරික නිකායට ප්‍රතිපක්ෂ නිකායක මූලස්ථානය බවට පත්වෙනව,

    අභයගිරිය, අභයගිරි නිකාය, නිකායන් දෙක අතර පැනනැඟුණු අර්බුද සහ මතභේද කියන්නෙ වෙනම ම කතාකරන්න පුළුවන් මාතෘකාවක්, සටහන අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙන නිසා ඒ ගැන පස්සෙ වෙනම ම කතාකරන්නම්,

    පුරා අවුරුදු 14ක් තමන් හැංගිලා උන්නු මලය රටේ සහ රුහුණෙ ගල් ලෙන් ආදිය විහාර බවට පත්කරන්න රජ්ජුරුවො අමතක කරන්නෙ නෑ,

    වාරණ, මැද්දේපොළ, දෝව සහ යුනෙක්ස්කෝ ලෝක උරුමයක් වුණු දඹුල්ල රජමහා විහාරයන් අදටත් ඒ බව සාක්ෂ්‍ය සපයනව,

    වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ සිදුවෙන ශාසනික වශයෙන් වැදගත්ම සිදුවීමක් තමයි මෙතුවක් කාලයක් පුරාවටම මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු ත්‍රිපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කරන එක, මේක සිදුවෙන්නෙ මාතලේ අළුවිහාරයෙදි,

    ඉතින්,

    මේ තමයි ලංකා ඉතිහාසයෙ අන්ඩරේටඩ් ම රජ කෙනෙක් වුණු වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගැන විස්තරේ,

    වළගම්බා රජ්ජුරුවන්ගෙ කතාව හුදෙක් තවත් එක් රජකතාවක් නොවන වග සහ රජ්ජුරුවන්ගෙ මාවත සුවඳ මල් යහනාවන් මතින් වැටුණු එකක් නොවන බව පැහැදිලිවම පේනව ඇති කියල මං හිතනව,

    තමන්ව විනාශකරන්න මානබලමින් උන්නු මාරක ලුහුබඳින්නන් කෙරෙන් පලායමින්, ගල්ගුහා, මහා වනාන්තර ආදී තැන්වල වාසය කරමින්, නොවිඳිනා දුක්ඛදෝමනස්සයන් විඳිමින්, ඒ අස්සෙ ආපු බැමිණිතියා සාය කියන මහා ව්‍යසනයට පවා මුහුණදෙමින්, මොන දේ වුණත් එක්සේසත් රටක් ගැන තමන්ගෙ අරමුණ අත්නොහැරපු, ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා මහන්සිවුණු වළගම්බා රජ්ජුරුවන්ට මීටවඩා තැනක් හිමිවෙන්න ඕනි, රජ්ජුරුවො ගැන මීටවඩා කතිකාවක් ඇතිවෙන්න ඕනි සහ මේ චරිත, ඔවුන් විසින් කළ කී දෑ ගැන මතකය අමතක නොවී චිරාත් කාලයක් පවතින්න ඕනි කියල මං විශ්වාස කරනව,

    මූලාශ්‍ර පරිශීලනය කරමින්, වෙලාව අරගෙන, ඕනිම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට මෙහෙම ලියන එකේ එක අරමුණක් ඒක,

    එහෙනම්, තවත් මේ වගෙම සටහනකින් සෙට්වෙමු! 💖

    .

    ~ ✍️| විකුම්...

    .

    .

    .

    .

    .

    #WIKUM #history #srilanka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,892
    99,178
    113
    ආලෝකා උදපාද්දී ආය බලන්න හිතුනා විස්තරේ කියවලා .
    thanx buddy
    සෝමා දේවි ගැන පොඩි පොතක් තියෙනවා. ඕක තමා මුලින්ම මේ රජතුමා ගැන කියවන්න ලැබුණේ. ගොඩක් කැමති රජ කෙනෙක්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,340
    24,843
    113
    වට්ටගාමිණිවට්ටක්කාගාමිණි
    b16d1b82-6e4a-4225-a123-e64700cfeed0.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,892
    99,178
    113
    • රජා කරපු යුද්ධ ගැන වරුණයි
    • රජා හාමුදුරුවන්ට දක්වපු සැලකීම ගැන වරුණයි
    හැරුනම වෙන මොකුත් දන්නවද මේ රජ්ජුරුවො ගැන
    වෙන මොනවා ගැනද දැනගන්න ඕනි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හැබැයි හෙළේ මේ රජතුමාගෙ අනුග්‍රහය නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වෛතුල්‍යවාදය මුල් කරගත් දේවල් ඇතුලු වීමට ශක්තිමත් පදනමක් හැදුනාත් නෙමෙයිද? ඒක එතුමාගෙ අභිප්‍රාය නොවෙන්න පුලුවන්. හැබැයි එතුමාගෙ අනුග්‍රහය ලබපු භික්ෂූන් මේ කර්තව්‍යයට මුල්වුනා කියන්න පුලුවන්නෙ.

    ඒ වගෙම "රාජ්‍යපාලනයට ධර්මානුකූලව අනුසාසනා කරන භික්ෂුව" කියන භූමිකාවෙන් එහාට ගිහින් "රාජ්‍යපාලනය කරන භික්ෂුව/දේශපාලනයට ගැලපෙන්නෙ ධර්මය අර්ථදක්වන භික්ෂුව" කියන එකෙ මූලික පදනම මෙතනින් පටන්ගත්ත කියල හිතෙන්නෙ නැතිද...

    මේ හා බැඳුනු ලඟදි අහලා දැනගත්ත කාරණයක් කිව්වොත්, දුටුගැමුණු මහරජතුමා යුද්ධයෙන් පසුව තමන් අතින් සිදුවුණ අනේක මනුශ්‍ය ඝාතන නිසා නින්ද යන්නෙ නැතිව ඉන්නකොට රජතුමා ලඟින් ඇසුරු කරපු මහාවිහාරීය භික්ෂූන් නැතිව පියංගු ද්වීපයෙන් රහතන්වහන්සේලා වඩම්මන්න වෙනවා මහාවංශ කතුවරයාට. පියංගු දිවයිනේ "රහතන් වහන්සේලා" ඉදිරිපත් කරන මිනිස්සු එකහමාරේ කතාව කිසිසේත්ම ධර්මානුකූල නැහැ. මහාවිහාර භික්ෂූන් සිටියෙදී, ඇයි පියඟු දිවයිනෙන් මහරහතන් වහන්සේලා වැඩැම්මුවේ..? ඒ මහාවිහාර භික්ෂූන් බුද්ධ වචනයට, තේරවාදයට, සිංහල බුදුදහමට විශාල සේවයක් කරපු මහා රජෝත්තමයෙක් රකින්න/සනසන්න උනත් ධර්ම-විනය විරෝධී ප්‍රකාශ කරන්න ඉදිරිපත් නොවුන නිසාද...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,892
    99,178
    113
    හැබැයි හෙළේ මේ රජතුමාගෙ අනුග්‍රහය නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වෛතුල්‍යවාදය මුල් කරගත් දේවල් ඇතුලු වීමට ශක්තිමත් පදනමක් හැදුනානෙමෙයිද?
    ඔව්. ඔය මලය රට භික්ෂූන් වහන්සේලා කියන්නේ මිහිදු හාමුදුරුවන් එන්න කලින්ම හිටපු බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියලා තමා කියන්නේ.
    ඒ වගෙම "රාජ්‍යපාලනයට ධර්මානුකූලව අනුසාසනා කරන භික්ෂුව" කියන භූමිකාවෙන් එහාට ගිහින් "රාජ්‍යපාලනය කරන භික්ෂුව/දේශපාලනයට ගැලපෙන්නෙ ධර්මය අර්ථදක්වන භික්ෂුව" කියන එකෙ මූලික පදනම මෙතනින් පටන්ගත්ත කියල හිතෙන්නෙ නැතිද...

    මේ හා බැඳුනු ලඟදි අහලා දැනගත්ත කාරණයක් කිව්වොත්, දුටුගැමුණු මහරජතුමා යුද්ධයෙන් පසුව තමන් අතින් සිදුවුණ අනේක මනුශ්‍ය ඝාතන නිසා නින්ද යන්නෙ නැතිව ඉන්නකොට රජතුමා ලඟින් ඇසුරු කරපු මහාවිහාරීය භික්ෂූන් නැතිව පියංගු ද්වීපයෙන් රහතන්වහන්සේලා වඩම්මන්න වෙනවා මහාවංශ කතුවරයාට. පියංගු දිවයිනේ "රහතන් වහන්සේලා" ඉදිරිපත් කරන මිනිස්සු එකහමාරේ කතාව කිසිසේත්ම ධර්මානුකූල නැහැ. මහාවිහාර භික්ෂූන් සිටියෙදී, ඇයි පියඟු දිවයිනෙන් මහරහතන් වහන්සේලා වැඩැම්මුවේ..? ඒ මහාවිහාර භික්ෂූන් බුද්ධ වචනයට, තේරවාදයට, සිංහල බුදුදහමට විශාල සේවයක් කරපු මහා රජෝත්තමයෙක් රකින්න/සනසන්න උනත් ධර්ම-විනය විරෝධී ප්‍රකාශ කරන්න ඉදිරිපත් නොවුන නිසාද...
    අභයගිරිය හැම වර්ගෙකම අය හිටපු තැනක් විදියට නෙ අදුරගෙන තියෙන්නේ. සමහර විට දැන් සිරිධම්ම හාමුදුරුවෝ වගේ කෙනෙක් වෙන්න ඇති එක පටන් ගන්න මුල් වෙච්ච හාමුදුරුවෝ.