මේ කාගෙවත් මත වෙනස් කරන්න වත්, වාද විවාද වලට වත් නොවෙයි... මේ දවස් වල hype එක නිසා හැම දෙනාගේම බුද්ධියේ විමසුමට දැම්මේ.
මේ තියෙන්නෙ අපේ පැරණි ජනකවි කීපයක්:
ගුරු හාමී ඇද වැටුණයි කකුළු වළේ
හඳ හාමි බඩු කිරුවයි වෙළඳ පොළේ
රතු හාමි හත කියමින් මෝර වළේ
කළු හාමි නොන්ඩී ඇන වැටුණි කළේ
මනමාලය මාළු රළට යට වෙච්චී
සොමි පුත් එදා එළු ගාලට අසු වෙච්චී
වන මැද ගොසින් දෙවි බඹු මුණ ගැස්සිච්චී
මෙවැනි දිනෙක ඉපදුනි බුදු අප්පොච්චී
කලියුග වර්‍ෂයෙන් 2478 වන්නෙහි වෙසක් මස පුර පසලොස්වක ලත් කුජ දින දිවා කාලයෙහි කටක ලග්නය සම්බන්ධ විසා නැකතින් සිදුහත් බෝසතානන් මෙලොව පහළ වූ සේක.
වෙසඟ මඟුල් දින පසලොස් කටක ගුරු
තිසඟ සොමි සිකුරු අජරැස පලඟ හිරු
සසක තුල මුවර කුජ කුම්භ සෙනසුරු
මෙලෙස උපනි සත සෙත දෙන තිලෝගුරු
මම දන්න කෙනෙක්ට කියල මේ දිනයට සහ ග්‍රහ පිහිටීමට අදාළ තැන හොයාගත්ත (වාද විවාද ගොඩකට මුල නිසා අහන්න නම් එපා
).
නැමති අය හොයල බලන්න... තෙරුවන් සරණයි හැමදෙනාටම
P.S. මේ කේන්දර බලල ඵලාඵල කියන කතාවක් නෙමෙයි, ග්‍රහයන්ගේ පිහිටීම අනුව අදාළ තැන සොයා ගැනීමක්.

Last edited: