පොළොන්නරු යුගයේ අවසානය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    පොළොන්නරු යුගයේ අවසානය,

    මේ ගැන කතාකරනකොට අපිට එකපාරටම මතක්වෙන චරිතයක් ඉන්නව,

    ඒ තමයි 'කාලිංග මාඝ' - The Conquerer, The Tyrant, The Destroyer.

    අද සටහන පොළොන්නරු යුගයේ අවසානය සහ කාලිංග මාඝගේ ආක්‍රමණය ගැන,

    ලංකාව කියන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසෙකට උරුමකම් කියන රටක්,
    වංශකතාවල නොලියවුණු අලිඛිත ඉතිහාසය ඊටත්එහා, ඒත් අපි මෙතැන ෆෝකස් එක දෙන්නෙ ලිඛිත ඉතිහාසෙට,

    ඒ ඉතිහාසය තුළ අපි සේන සහ ගුත්තික කියන අශ්ව වෙළෙන්දො දෙන්නගෙන් පටන්ගෙන එළාර, පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඪිය, පාරින්ද, රාජරාජ, කාලිංග මාඝ, චන්ද්‍රභානු වගෙ චෝල, පාණ්ඩ්‍ය, කාලිංග, ජාවක ආදී වූ විදේශ ආක්‍රමණයන් බරගාණකට අම්බානෙකට මුහුණදෙනවා,

    ඔතනින් දරුණුම ගණයේ ආක්‍රමණය වෙන්නෙ මම උඩහ කියපු, 1215දි සිද්ධවෙන කාලිංග මාඝගෙ ආක්‍රමණය,

    මේක සිද්ධවෙන්නෙ පොළොන්නරු යුගයෙ අවසාන භාගයේ, ඒ කියන්නෙ පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ගෙ කාලෙ, එයා රජවෙලා තුන්වෙනි අවුරුද්දෙ,

    පරාක්‍රම පාණ්ඩ්‍ය කියන්නෙ පාණ්ඩ්‍ය කුමාරයෙක්, මෙයා කාලයක් ලීලාවතී රැජිණගෙ රාජසභාවෙ හිටපු බව ඉතිහාසය කියනව, කොහොමහරි මනුස්සය දකුණු ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිල්ල ලීලාවතී රැජිණ ව සිංහාසනෙන් පන්නල දාල පොළොන්නරුවෙ රාජප්‍රාප්ත වෙනව,

    පොළොන්නරු යුගයෙ අගභාගය ගැන හොයල බැලුවොත් පේනවා ඒ කාලෙ රාජ්‍යත්වය වෙනුවෙන් මොන වගෙ දරුණු පොරයක්ද තිබ්බෙ කියල,

    මේක ඇවිල්ල ලංකා ඉතිහාසයේ අවුල්සහගත ම, අර්බුදකාරී ම කාලපරිච්ඡේදයක්,

    කෙනෙක් රජවෙනව, එයා මහලොකු කාලයක් ඉන්නෙ නෑ ඉක්මනටම එයාට ගේම දීලා තව කෙනෙක් සිංහාසනේ ඉඳගන්නව, ඕක ආයෙ ආයෙ එකම චක්කරේටම සිද්ධවෙනවා, ඒ නිසා රටේ දේශපාලන කටයුතු, ආර්ථික කටයුතු, ආරක්ෂාව එහෙම තිබ්බෙ අවදානම් සහගත අවුල් වියවුල්වලින් ගහණ වූ තැනක,

    කොච්චර අවුල්ද කියනව නම් පොළොන්නරු යුගයෙ අවසාන කාලයෙ අවුරුදු තිහක කාලය තුළ 18 දෙනෙක් රජවෙනව!

    24000ක මහා සේනාවක් අරගෙන කාලිංග දේශයේ, එහෙම නැත්තං වර්තමාන ඉන්දියාවෙ ඔරිස්සාවෙ ඉඳන් මාඝ කියල ඩයල් එකක් උතුරෙ කරෛනගර්වලට ගොඩබහින්නෙ මේ වගෙ අවුල්සහගත සිටුවේශන් එකක රටේ තියෙද්දි,

    "...ඉක්බිත්තෙන් මිත්‍යා දෘෂ්ඨීන් සමාදන් වූ, දුර්නීතියෙහි නිබඳ ඇළුණු සිත් ඇත්තා වූ, දානදී කුසලකර්ම නැමැති වන ලැහැබ දැවීමෙහි ලැව්ගිනි බඳු වූ, සද්ධර්ම නැමැති කෛරව පංක්තිය කාන්ති ආක්‍රමණයෙහි චන්ද්‍රයා වැනි වූ මනමෝහයෙන් හිස් කළ විචාරණ ඇති කාලිංග වංශයෙහි උපන් මාඝ නම් වූ එක් අධාර්මික මහී පාලකයෙක් තෙම සූවිසි දහසක් යෝධයන්ට අධිපති වූයේ කලිඟු රටින් බැස ලංකාද්වීපය ගත්තේය..."

    මාඝගෙ සම්ප්‍රාප්තිය චූලවංශයෙ අසූවෙනි පරිච්ඡේදයෙ ලියැවෙන්නෙ මෙහෙම,

    කාලිංග මාඝ කියන්නෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නොම්මර එකේ ත්‍රාDAයෙක්, අනුකම්පා විරහිත අමනුස්සයෙක්,

    බිහිසුණු යක්ෂයෙක් වෙන්න ඉඳල මිනිහගෙ අම්මලගෙ කීමට මනුස්සයෙක් වුණ ඩයල් එකක්,

    මිනිහගෙ හමුදාවත් ඊට හපං, අණක් ගුණක් නෑ, කරෙයිනගර්වලින් ලංකාද්වීපයට ගොඩබැස්ස තැන ඉඳන් පොළොන්නරුවට එන පාර දිගේම මාඝ සහ මෑන්ගෙ හමුදාව භීෂණය වපුරනවා,

    මේ සේනාවෙ ඉඳල තියෙනව 'භිල්ල' කියන ගෝත්‍රයට අයත් සෙබළුන්, එයාල දැක්ක දැක්ක තැන මිනිස්සුන්ව කෲරතර විදිහට ඝාTHAනය කරනවා, ඒ මිනිස්සුන්ගෙ ගම්මාන වටකරල ඒවා කොල්ලකනවා, අවසානෙ ඒ ගම්මාන අග්නි දේවතාවාට පූජකරනවා, එයාලට අහුවුණ කාන්තාවන්ට එහෙම වුණු දේවල් මෙතැන ලියන්න බැරි තරම් අමානුෂිකයි,

    ඔය බත් කන්නෙ නැති, දඟකරන පොඩි ඈයො බයකරන්න 'ඔන්න බිල්ලො එනවා' කියල කියන්න ගත්තෙ මෙයාල නිසා වෙන්නැති බාගවෙලාවට,

    කාලෙකට ඉහත්තාවෙ අටුකොටු පිරිලා මිනිස්සු සතුටින් සැනසීමෙන් ජීවත්වුණු සශ්‍රීක ගම්මාන අළුවෙනව, ඒ අළු මතින් පයතබමින්, තමන්ගෙ ගොදුරු බවට පත්වුණු අවාසනාවන්ත මිනිස්සුන්ගෙ මරවිලාපයන් මැද්දෑවෙන් ඒ මිනිස්සුන්ගෙන් කොල්ලකාපු හස්තසාර වස්තුවත් උස්සගෙන මාඝගේ මරසෙනඟ ජනනාථපුර, කඳවුරු නුවර, පුලතිසිපුර ආදී වූ නම්වලින් හැඳින්වුණු එවකට ලංකාද්වීපයේ අගනුවර වුණු පරාක්‍රම පාණ්ඩ්‍යයන් විසින් පාලිත පොළොන්නරුව දිහාවට එනවා,

    මාඝගෙ සේනාව මඟදිගට කරපු කියපු භයංකර සහ අමානුෂික අපරාධයන් ගැන කණින්කොනින් ආරංචිවුණ පොළොන්නරුවෙ සමහරු ඒවා අහල හොඳම එකෙන් බයවෙලා තවදුරටත් පොළොන්නරුවෙ රැඳෙන එක ඇඟට ගුණ නෑ කියල තේරුම්ගෙන තමන්ගෙ හස්තසාර වස්තුව පොදිබැඳගෙන මේ වගෙ ආක්‍රමණ අවස්ථාවන්හිදී කෝකටත් තෛලය වගෙ වුණු මලය රටට, රුහුණට කල්තියාම පැනල යනවා,

    මඟදිගේ ගම්මාන මංකොල්ලකමින්, ගිනිලාමින්, ඒ ගම්මානවල අහිංසක මිනිස්සුන්ට මාරයා සම්මුඛ කරවමින් අතරමඟදි කිසිම ප්‍රතිරෝධයක් නැතුව මාඝ ඇතුළු සේනාව චිල් එකේ පොළොන්නරුවට ළඟාවෙනව,

    ඒ කාලෙ තිබුණු තත්වෙ එක්ක අපිට මහලොකු හමුදාවක් නඩත්තු කරන්න හෝ විදේශ රටකින් හමුදාවන් ගෙන්වන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ,

    ඒ නිසා පරාක්‍රම පාණ්ඩ්‍යට හිටියෙ බොහොම දුර්වල සේනාවක්, මාඝගෙ ලේ පිපාසිත බලසෙනඟට හැම අතින්ම දුබල වුණු පොළොන්නරුවෙ සේනාව ගේමක් වුණේ නෑ,

    හැබැයි මෙහෙමයි,
    අපේ අතීත මුතුන්මිත්තෝ ඇවිල්ල ලෙහෙසියෙන් සතුරා ඉස්සරහ පරාජය භාරගත්තු උදවිය නෙවෙයි, එයාල ඇවිල්ල අවසාන මොහොත වෙනකල්ම නිර්භයව, ධෛර්ය සම්පන්නව සටන්වැදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම 'රණශූරයො',

    අපේ ඉතිහාසය එයාලගෙ ඒ රණශූරත්වයට, නොපසුබට ධෛර්‍යයට සාක්ෂි සපයනවා,

    ඉතින් අපේ අයගෙ ඒ හැටියට මම විශ්වාස කරනව එවෙලෙ පොළොන්නරුවෙ හිටපු ප්‍රමාණාත්මකව කුඩා සේනාව මාඝගෙ මහා බලසෙනඟට යම්කිසි සටනක් දෙන්න ඇති, අංශුමාත්‍ර හෝ අභියෝගයක් වෙන්න ඇති කියල,

    ඒත් අවසානෙ පොළොන්නරුවෙ මහා ප්‍රාකාර, ගේට්ටු බිඳවැටෙනව,

    එතුළින් සමෘද්ධිමත්, සකලසරින් පිරුණු නුවර තුළට කඩාවදින්නෙ චාරයක් කියල නාමයක් නැති මාඝගෙ මාර සේනාවන්,

    ඒ මහා විනාශය ඇරඹෙනවා,

    1215දි සිදුවුණ මේ මාඝ ආක්‍රමණය බේස්කරගෙන මම ගිය අවුරුද්දෙ හදපු පොඩි AI ශෝට් මූවි එකක් තියෙනව, මේ විස්තරයෙ ලියැවුණු හැමදෙයක්ම වගෙ ඒකෙ රූපමය මාධ්‍යයෙන් දිගහැරෙනවා, කමෙන්ට්ස්වල ඒක දාන්නම්,

    මේක කියවල අහවර වෙලා ඒකත් පුළුවන් නම් බලන්න,

    බැලුවට පාඩු නෑ, එතකොට වැඩේ සම්පූර්ණයි!

    හරි, ආයෙමත් යමු පොළොන්නරුව පැත්තට,

    කාලවර්ණ ධූමවළාවන්ගෙන් පොළොන්නරු ආකාසෙ වැහෙන්න ගන්නව,

    ලෝහිත පැහැති අග්නිජාලාවන් නගරයේ මාලිගා, සිටුමැදුරු, පැල්පත්, පන්සල්, සිද්ධස්ථාන වෙළාගන්නවා,

    කුල භේදයක්, ගිහි - පැවිදි වෙනසක්, තරාතිරමක්, වෙනසක් නැතුව ආක්‍රමණික කඩුපතට ගොදුරුවෙන කනකර, ඇඳන් උන්නු වස්ත්‍රාභරණ පවා උදුරගනු ලැබූ අහිංසකයින්ගෙ මරණීය විලාපයන් මංකොල්ලකෑම්වලට ගොදුරුවුණ සකලසරින් පිරි සමෘද්ධිමත් සහ පුදුමාකාර තරම් ලස්සන නානාවිධ නානාප්‍රකාර ගොඩනැගිලි සහ එතුළ තියෙන දෑ කැඩෙන, බිඳෙන, දැවෙන, පුපුරණ හඬ එක්ක මුහුවෙනව,

    රාජ්‍ය භාණ්ඩාගාරෙ, නගරයේ රාජකීයයන්ගෙ මැදුරුවල, ධනවතුන්ගේ, සිටුවරුන්ගෙ මහා මන්දිරවල, සුඛෝපභෝගී නිවෙස්වල තිබුණු මුදල්, ස්වර්ණාභරණ, වටිනා මාණික්‍යයන් පිරුණු මහරු පෙට්ටගම් මේ හැමේකක්ම වගෙ හිස්වෙනවා,

    සියවස් ගණන් ඉපැරණි, වටිනා මුතුමැණික් එබ්බවූ බුදුපිළිම, දේවරූපවලට අත්වෙන්නෙත් ඒ ඉරණමම යි,

    මාඝගෙ වඳුරු රැළ කිසිදෙයක් ඉතුරුකරන්නෑ,

    ඒ වගේම කාලෙකට කලියෙන් 'පෙරදිග ධාන්‍යාගාරය' කියල ලංකාව හඳුන්වන තරම් ටොප් ලෙවල් එකකට රට ගෙනියපු, රාමඤ්ඤ දේශය, කාලිංගය පවා ආක්‍රමණය කරපු පොළොන්නරුවෙ ශ්‍රේෂ්ඨතම පාලකයා විදිහට හැඳින්වෙන මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන් විසින් ඉදිකරවපු සක්‍රයාගේ දිව්‍යප්‍රාසාදය වුණු 'වෛජන්ත ප්‍රාසාදය' හා සම වුණු වර්ණනා විෂයක්‍රාන්තික ලස්සනකින් යුතු වූ විසල් සුවිසල් සත්මහල් රජමාලිගය වටලන මාඝගෙ සේනාව එතුළ බයෙන් හැංගිලා උන්නු පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ව අල්ලගන්නව,

    ඊටපස්සෙ එයාව කිසිදු අනුකම්පාවක් නැතුව මාඝගෙ දෙපාමුලට බිම දිගේ කුදලගෙන එනවා,

    අණක් ගුණක්, අනුකම්පාවක් නැති මාඝගේ අණින් පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ගෙ ඇස් උගුල්ලා දමනු ලබනවා, සතුරන්ගෙ අමානුෂික වධබන්ධනයන්ට ගොදුරුවෙන රජ්ජුරුවෝ පුදුමාකාර වේදනාවක් විඳල ඒ අවසානෙ පරලෝකප්‍රාප්ත වෙනවා,

    ඒ අතරෙ පොළොන්නරුව අල්ලගත්තු මාඝගෙ සේනාව තමන්ට සුපුරුදු හුරුපුරුදු සංහාරයන්හි සහ මංකොල්ලකෑම්වල දිගින්දිගටම යෙදෙමින් ජයපැන් බොනවා,

    මේ වෙනකොට පොළොන්නරුවෙ තිබුණු ඉපැරැණි වෙහෙර විහාරයන්ගෙන් බොහොමයක් ගිනිබත් වෙමින්, මංකොල්ලකෑම්වලට ලක්වෙමින් තිබුණෙ,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    හැබැයි පොළොන්නරුවෙ සුප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයක් වුණු, මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන් නිර්මාණය කරවපු 'උත්තරාරාමය' හෙවත් අපි කවුරුත් දන්න කියන 'ගල්විහාරය' මේ කිසිම විනාශයකට ගොදුරුවෙන්නෙ නෑ,

    ඒකට හේතුව මාඝගෙ මාර සේනාව එන බව දැනගත්තු ගමන්ම අපේ මිනිස්සු කල්තියාම ඒ පරිශ්‍රය පස්වලින් වහපු නිසා බව එතැනට ගිය මෑත දවසක එතැන උන්නු වයසක සීයා කෙනෙක් කිව්වා මතකයි,

    අර කියපු මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන් නිර්මාණය කරවපු සත්මහල් වෛජන්ත ප්‍රාසාදයත් මේ අණක් ගුණක් නැති කෲරතර ආක්‍රමණිකයින් විසින් අග්නි දේවතාවාට පූජාකරනවා,

    නේක සිතුවමින් අලංකෘත වුණු, බදාමයෙන් වැසූ කබොක් ගලින් කරවන ලද ඝනකම් බිත්ති, වටිනා දැවයන්ගෙන් නිර්මිත ඉහළ මහල්, ඒ හැම මහළක්ම සැරසූ වටිනා සේද වර්ගයන්ගෙන් නිර්මිත තිර, පොළොව වැසූ පර්සියානු බුමුතුරුණු , වටිනා ගෘහභාණ්ඩ, පිළිම මේ හැමදෙයක්ම විනාශයේ අග්නියෙන් වැහෙනව, වෙළාගනු ලබනවා,

    මහත් වූ පරිශ්‍රමයකින් යුතුව නිර්මාණය වුණු, වටිනකම මෙතෙකැයි මිලකළ නොහැකි, කලක් මහත් ඉහළින්, ප්‍රෞඪත්වයෙන්, ශ්‍රී විභූතියෙන් වැජඹුණු මහා ප්‍රාසාදය බිඳවැටෙනවා,

    මේ මාලිගය කොතරම් විශාලද, එතුළ තිබුණු දෑ කොතරම්ද කියනව නම් මේ ගින්න සතිගණන් එකදිගට දිවා රෑ නැතුව ඇවිළුණු බැව් මං අහල තියෙනව,

    මේ ගින්නෙන් දැවුණු මාලිගයෙ ශේෂ කොටස් අදටත් එතැනට ගියොත් බලාගන්න පුළුවන්, ගින්නෙ උෂ්ණත්වය කෙතරම් ඉහළ එකක් වෙන්නැද්ද කියල ඒ නටඹුන් අතරෙ තියෙන දැවුණු ගල් කුට්ටි සාක්ෂි දරනවා,

    මාඝ අතින් සිදුවෙන්නෙ ඒ තරම් දරුණු විනාශයක්!

    ඒ විතරක්ද?

    මාලිගාවල, විහාරාරාමයන්වල, අරෙහෙ මෙහෙ පුස්තකාලයන්වල උසට උසේ ගොඩගසා තිබුණු, පරම්පරා ගණනක දහස් සංඛ්‍යාත ගිහි පැවිදි මිනිසුන්ට තමන්ගෙ දැනුම නොමසුරුව ලබාදුන්නු, පොළොන්නරුව එවකට දැනුම් කේන්ද්‍රයක් බවට පත්කරන්න හේතුකාරක වූ සිංහල, පාලි, සංස්කෘත ආදී නේක භාෂාවන්ගෙන් ලියැවුණු දහස් ගණනක් වූ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ, කාව්‍ය ග්‍රන්ථ, නාටක ආදිය ලියැවුණු පොත්පත් ඒවායේ ලණුවෙන් මුදා ඉහළට ඉහළට ගොඩගසා ගිනිබත් කරවනු ලබනවා,

    වංශකතාවල ලියැවෙන්නෙ හොඳින් වැඩුණු ඇත්තු හත්දෙනෙක්ගෙ උසට ගොඩගැසූ ග්‍රන්ථ ගිනිබත් වුණා කියල,

    මේ ගිනිබත්වුණේ වසර දහස් ගාණක අමිල දැනුම,

    මේ දැනුම මිලකරන්න බෑ, නිකමට හිතන්න මේ දැනුම ආරක්ෂිත වුණා නම්?

    එහෙම නම් දේශීය සාහිත්‍යය, ඉතිහාසය, වෙදකම් වගෙ ක්ෂේත්‍රයන්වල මොන වගෙ වෙනස්කම් වෙන්න තිබුණද?

    මාඝ විසින් කරපු භෞතික හානියට වඩා මේ හානිය සියදහස් ගුණයක් ප්‍රබලයි, මොකද ඒකෙ ඉෆෙක්ට් එක යුගයුග ගණන් පැවතුණ නිසා, තවමත් පවතින නිසා,

    මාඝ අවුරුදු හතලිහක කාලයක් ලංකාව පාලනය කරනව, ආපු ගමන්ම කරපු විනාශය එක්ක ඒ අවුරුදු හතලිහක කාලය පුරාවටම කරපු විනාශය කොයිතරම් ද කියල හිතාගන්නත් අමාරුයි,

    වංශකතාවල ඒ විනාශය ගැන ලියැවෙන්නෙ මෙහෙම,

    “මාඝ නරේන්ද්‍ර නමැති මහා ග්‍රීස්මය තෙම ලංකා රාජ්‍යය නමැති මහ වනය පෙළන්නට බොහෝ වූ යෝධ නමැති ළැව්ගිනි මෙහෙයීය. ඉක්බිති ලෝකයාට පීඩා කරන්නා වූ උහුගේ ක්‍රෑර වූ මහා යෝධයෝ “අපි කෝරළ යෝධයෝ වම්හයි” උන්නාද කෙරෙමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණාදිය පැහැරගත්හ. බොහෝකල් පාලනය කරන ලද්දා වූ කුලාචාරය කඩ කළහ. හස්ත පාදාදිය කැපූහ. බොහෝ ගෙවල් බිඳවූහ. ගව මහේෂාදීන් තමන් අයත්කොට බැඳවූහ. මහා ධනවත් වූ ආඪ්‍ය ජනයන් බැඳ වදකොට සියලු බොහෝ වූ චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙළීහ. දරුවන් තැලූහ. පස්සාදැමියන් පෙලූහ. ජනයන් ලවා බර ඉසිලවූහ. බොහෝ වූ කාර්ය කරවූහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ත වූ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිර වූහ. ශ්‍රද්ධා ඇත්තා වූ පූර්ව නරේන්ද්‍ර යන්ගේ කීර්තිශරීර සමාන වූ රත්නාවලී ආදී වූ අස් මහත් චෛත්‍යයන් හෙලමින් වනසා ඒ චෛත්‍යන්ගේ ජීවිත සමාන වූ බොහෝ ශාරීරික ධාතූන් අතුරුදන් කළහ. අඳෝමය.

    මෙසේ දුෂ්ඨ අදහස් ඇත්තා වූ මාර යෝධයන් සමාන වූ දෙමළ යෝධයෝ ලොව දසස්න ද නැසූහ. ඉක්බිත්තෙන් පුලස්ති නම් පුරය සර්වප්‍රකාරයෙන් හාත්පසින් සිරකොට පැරකුම් පඬිරජු ගත්හ. ඉක්බිත්තෙන් ඒ නරේන්ද්‍රයන්ගේ ඇස් උපුටා මුතු වෙරළුමිණි ආදී වූ සියලු ධනය පැහැරගත්හ. ඉක්බිත්තෙන් ඒ කාලිංග මාඝ රජු මාණභාරණා දී වූ ඒ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළහ. එසේ ඒ නරේන්ද්‍රතෙම රට හස්තප්‍රාප්ත කොට ගෙන රාජාභිෂේකයට පැමිණ පොළොන්නරුවේ විසීය. ඒ මහීපාල තෙම මහජනයා මිසදිටු ගන්වා අමිශ්‍ර වූ සතර කුලයේ ජනයා අත්‍යාර්ථයෙන් මිශ්‍ර කළේය. සිංහලයන් අයත් වූ ග්‍රාමකේෂත්‍ර ගෘහාරාම දාස ගව මහීෂාදී සියල්ල කේරළයන්ට දෙවීය. විහාරයන් හා පිරිවෙන්ද බොහෝ දේවාලයන්ද කිසියම් යෝධ කෙනෙකුන්ගේ වාසස්ථාන පිණිස නියමකළේය. හේතෙමේ බුදුන් අයත්වූද එසේම දහම්, සඟ අයත් වූද ධනය හැරගෙන නරකයට යනු පිණිස බොහෝ පව් ඉපිද වූයේය. මාඝ නම් මහීපති තෙම මේ පරිද්දෙන් බලාත්කාර (ක්‍රියාකොට) එක් විසි වසක් ලක්දිව රජ කරවී. මෙසේ ලංකාද්වීපයේ ඒ ඒ නරේන්ද්‍රයෝ මහත් වූ ධන ලෝභයෙන් ඒ ඒ රජුන් මරා තුමන් මේ කර්මයෙන් ආයු නැතිව රාජ්‍යයට පැමිණත් එය බෝකල් අනුබව කරන්නට නොහැකි වූහ..."

    ලංකාවට ඊටකලින් ආපු ආක්‍රමණිකයින් එක්ක කම්පෙයා කරනකොට මාඝ ඇවිල්ල දරුණුම ලෙවල් එකේ යක්ෂයෙක්,

    මාඝගේ කඩුපතට ගොදුරු නොවූ, ජීවිතය බේරාගත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන්වහන්සේ, පාත්‍රා ධාතූන්වහන්සේ, සහ ගින්නෙන් බේරී ඉතුරුවුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථාදියත් රැගෙන මලය රටට පලායනවා,

    කලක් පුරා සැදැහැවතුන්ගේ සාධු නදින් රැව්දුන්නු අනුරාධපුරයෙ, පොළොන්නරුවෙ විහාරාරාම, පිරිවෙන්, දේවාල වගෙ සිද්ධස්ථාන මාඝගෙ හමුදාවන්ගෙ නිරන්තර මංකොල්ලකෑම්වලට ලක්වෙනව, චෛත්‍ය ගර්භ, විහාරාරාමයන්හි තිබුණු වස්තුව නැව් පිටින් කාලිංගයට යවනු ලබනව,

    ඒ වෙහෙර විහාර හමුදා කඳවුරු බවට පත්වෙනව, විනාශයට පත්වුණ ඒවා වල්බිහිවෙන්න ගන්නව,

    ඒ වගෙම මාඝ එතුවක් කාලෙකට කිසිම ආක්‍රමණිකයෙක් නොකරපු තාලෙ අන්තනෝමතික, අන්තගාමී වැඩ ගොඩක් කරනව,

    මාඝ එවකට අමිශ්‍රව උන්නු සිවුකුල ජනයාව මිශ්‍රකරවනවා, ඒ තමන්ට එරෙහිව මිනිස්සුන්ගෙ යම්කිසි ආකාරයක ප්‍රතිරෝධයක් ඇතිවෙන්න අවදානමක් තියේ නම් ඒක නැතිකරන්න,

    ඒ වගෙම මාඝ සිංහල මිනිස්සුන්ගෙ දේපොළ, හරකබාන, වතුපිටි, කෙත්වතු කොල්ලකාල ඒ මිනිස්සුන්ව මහපාරට ඇදල දානව, ඒ මිනිස්සුන්ගෙ ජීවිත අන්ත දුක්ඛිත තැනකට වට්ටනවා,

    එහෙම හරි ජීවත්වෙන්න ලැබුණෙ අතළොස්සකට විතරයි, ලක්ෂගණනින් සංහාරයට ලක්වෙනව,

    මාඝ කියන්නෙ උපායශීලී මනුස්සයෙක්, සිවුකුල ජනයා මිශ්‍රකිරීම, ධනවතුන් දිළිඳුභාවයට පත්කිරීම වගෙ පියවර අනුගමනය කරන්නෙ තමන්ට එරෙහිව කවුරුන් හෝ නැඟීසිටීම වළක්වන්න,

    මේ විදිහට භීෂණය, මරණය සහ අපරාධ වපුරවමින්, ඒවා අතිශයින්ම සාමාන්‍ය දේවල් කරවමින්, නොසිතූ විරූ විනාශයක් කරමින්, සමාජය සහ රට ගොඩඒමට නොහැකි ආගාධයකට තල්ලුකරමින් කාලිංග මාඝ තමන්ගෙ යකඩ හස්තයෙන් හතලිස් අවුරුද්දක් මේ රටේ පාලනය ගෙනියනවා,

    ඔව්, මාඝ හතලිස් අවුරුද්දක් මේ රට පාලනය කරනවා!

    ඔය ගැන හිතනකොට මට කල්පනා වෙන්නෙ මිනිහා පරාක්‍රමබාහු මාලිගය ගිනි තිබ්බ සීන් එක,

    අර වගෙ සිරාම ලක්ශරි මාලිගාවක් ගින්නෙන් විනාශකරේ අපරාදෙ කියල පස්සෙ වෙන වෙන ඊටවඩා ලක්ශරි ගතිය අඩු මාලිගාවල ඉන්නකොට නිතරම වගෙ මිනිහට හිතෙන්නැති,

    මාඝගෙ අවසානය සිදුවුණායැ කියන්නෙ යාපනේ පැත්තෙ මඩවගුරකදි,

    එහෙම කියනකොට කාලෙකට කලියෙන් රටේ කෑල්ලක් ඉල්ලගෙන ඇවිල්ල ඒ පැත්තෙම මඩවගුරකදි හොඳම එකෙන් කෙළවගත්තු, අවසානෙ අමුඩෙ විතරක් ඉතුරුවුණු හාදයෙක්ව මතක් නොවෙනව නෙවෙයි,

    History repeats කියල කියන්නෙ කට කහනවටයැ,

    කොහොමින් කොහොමහරි යාපනයෙ මඩවගුරක් මත්තෙ දඹදෙණියෙ දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ අතින් මාඝගෙ ඉරණම විසඳෙන්නෙ හතලිස් වසරක භීෂණකාරී පාලනයකට ෆුල්ස්ටොප් එකක් තියමින්,

    ඉතිහාසඥයො කියන විදිහට මාඝ තමයි මෙරටට ගොඩබැහැපු ආක්‍රමණිකයින්ගෙ දැවැන්තම, ගණනය කළ නොහැකි තරම් හානියක් සිදුකරපු දරුණුතම විදේශ ආක්‍රමණිකයා,

    මාඝ විසින් සිදුකරනු ලැබූ ඒ හානිය ආයෙමත් හරවන්න බැරි තරමෙ, ඒ සා විසල් සුවිසල් හානියක්!

    මේ විස්තරය ඒක තේරුම්ගන්න ප්‍රමාණවත් කියල මම හිතනව,

    ඉස්සරහට ලංකා ඉතිහාසෙ තවත් මේ වගෙ තැන් කියවමු,

    ඒ වගෙම එහෙම ලියැවෙන්න ඕන කියල හිතෙන තව මාතෘකා තියෙනව නම් ඒ ගැනත් කමෙන්ට් එකකින් කියන්න,

    තව දෙයක්, මේ භාෂා ශෛලිය සමහරුන්ට සෙට් නොවෙන්න පුළුවන්, කලින් ආටිකල්ස්වලත් එහෙම කමෙන්ට්ස් වැටිල තිබුණා,

    ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ,

    මේව ලියන්නෙ අපේ සමකාලීන ජෙනරේශන් කොල්ලො කෙල්ලො ඉන්න ඕඩියන්ස් එකට සහ ඊට උඩහ ඉන්න සාමාන්‍ය හුදී ජහමනයාට මිසක් ඔය බරසාර ශාස්ත්‍රීය පොත්පත් කියවන ආචාර්ය මහාචාර්යවරුන්ට නෙවෙයි,

    එයාලට සෙට්වෙන්නෙ, එයාලට කියවන්න ආස හිතෙන්නෙ සහ මටත් ආසාවෙන් ලියන්න පුළුවන් මේ ශෛලියට,

    ඒ නිසා මේකෙන්ම ලියන්නම්, කියවන අය කියවමු, තව කෙනෙක්ට දෙයක් ගන්න කැමති නම් ශෙයාකරමු,

    එහෙනම්,
    තව ආටිකල් එකකින් සෙට්වෙමු!
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #history #srilankanhistory #srilanka
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,400
    113
    35
    Spain
    පරාක්‍රම මාළිගයේ බිත්ති මාළිගය වටේ බිම වැටිලා තියෙනවා. තවමත් පිළිස්සුනු ලකුණු පෙනෙනවා. හරි ඝනකම බිත්ති.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    පරාක්‍රම මාළිගයේ බිත්ති මාළිගය වටේ බිම වැටිලා තියෙනවා. තවමත් පිළිස්සුනු ලකුණු පෙනෙනවා. හරි ඝනකම බිත්ති.
    පුදුම හිතෙනවා මට නම් සිංහලුන්ගේ වැඩ ගැන ඒ කාලේ.. පොළොන්නරුවේ නටබුන් දැක්කම
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    පරාක්‍රම මාළිගයේ බිත්ති මාළිගය වටේ බිම වැටිලා තියෙනවා. තවමත් පිළිස්සුනු ලකුණු පෙනෙනවා. හරි ඝනකම බිත්ති.
    ගල් උණු වෙච්ච තියෙනවා පොත්ගුල් විහාරය හරියේ. මට ලොකුම දුක තිබ්බ පොත් පත් ටික.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,400
    113
    35
    Spain
    ගල් උණු වෙච්ච තියෙනවා පොත්ගුල් විහාරය හරියේ. මට ලොකුම දුක තිබ්බ පොත් පත් ටික.
    ඔවු බන්, පොත්ගුල් විහාරේ වටේ තියෙන තාප්පේ දැක්කම පුදුම හිතුන. පොත් ආරක්ෂා කරන්න මේ තරම් පවුරු ප්‍රාකාර දැම්මේ මොකද කියල. සෑහෙන වටිනා පොත් තියෙන්න ඇති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    ඇත්තටම ඔච්චරටම ඒ කාලේ බලේ ගන්න කුලල් කාගෙන තියෙන්නේ ඇයි මේ හුන්ඩු රටේ? 🤌🏻
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මාඝ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක් කියලා කියනවා නේද? රජකම ඉල්ලලා හරි විදිහට ලැබුනේ නැති හින්දා මෙහෙම ආපු කතාවක් මතකයි. අනික කාලිංග කියන්නේ බුරුම කාලිංගයට කියලා කියනවා.

    ඇත්තටම ඔච්චරටම ඒ කාලේ බලේ ගන්න කුලල් කාගෙන තියෙන්නේ ඇයි මේ හුන්ඩු රටේ? 🤌🏻
    ඔය කාලේ ලෝකේ තිබ්බ ලොකුම වෙළද මධ්‍යස්ඨාන වලින් එකක් බන් ලංකාව කියන්නේ නැගෙනහිර රටවල් වලට බටහිර රටවල් වල වෙළෙන්දෝ හම්බ උනේ ලංකාවේදී. මාඝ සම්පුර්ණ සිස්ටම් එකම විනාශ කරනවා. ඒකේන් පස්සේ ක්‍රමානුකූලව ඒ වටින කම නැතිවෙනවා. අනික ඔය කාලේම කොන්ස්තන්තිනෝපලය වගේම ඩමස්කස් වැටේනවා. ඒවා තමා ලංකාව එක්ක ගනුදෙනු කරපු ප්‍රධාන වෙළඳපලවල්.
    ------ Post added on Jul 18, 2026 at 8:32 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    ඇත්තටම ඔච්චරටම ඒ කාලේ බලේ ගන්න කුලල් කාගෙන තියෙන්නේ ඇයි මේ හුන්ඩු රටේ? 🤌🏻
    අපිට ලොකු තඹ නිදියක් තිබ්බ, දැන් තෙල් තියෙනවා වගේ තමා. තව එතකොට අපි ප්‍රදාන නාවික මධ්‍යස්ථානයක්. නිකං අද සිංගප්පූරුව වගේ.

    මාඝ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක් කියලා කියනවා නේද? රජකම ඉල්ලලා හරි විදිහට ලැබුනේ නැති හින්දා මෙහෙම ආපු කතාවක් මතකයි. අනික කාලිංග කියන්නේ බුරුම කාලිංගයට කියලා කියනවා.


    ඔය කාලේ ලෝකේ තිබ්බ ලොකුම වෙළද මධ්‍යස්ඨාන වලින් එකක් බන් ලංකාව කියන්නේ නැගෙනහිර රටවල් වලට බටහිර රටවල් වල වෙළෙන්දෝ හම්බ උනේ ලංකාවේදී. මාඝ සම්පුර්ණ සිස්ටම් එකම විනාශ කරනවා. ඒකේන් පස්සේ ක්‍රමානුකූලව ඒ වටින කම නැතිවෙනවා. අනික ඔය කාලේම කොන්ස්තන්තිනෝපලය වගේම ඩමස්කස් වැටේනවා. ඒවා තමා ලංකාව එක්ක ගනුදෙනු කරපු ප්‍රධාන වෙළඳපලවල්.
    ------ Post added on Jul 18, 2026 at 8:32 PM
    මම ඔය ගැන රාජ් සෝමදේව මහත්තයාගෙන් ඇහුවා. එතුමාගේ අදහස මාග ආවත් නැත්තත් අපිට ඒ වෙනකොට world order එක මිස් වෙලා තිබ්බේ කියන එක. ගොඩක්ම අභ්‍යන්තර කැරලි. ඒත් පොර ඔය වගේ විනාශයක් කරේ නැත්නං අඩුම දැනුම හරි ඉතුරු වෙනවා.
    ------ Post added on Jul 18, 2026 at 9:15 PM

    මාඝ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක් කියලා කියනවා නේද? රජකම ඉල්ලලා හරි විදිහට ලැබුනේ නැති හින්දා මෙහෙම ආපු කතාවක් මතකයි. අනික කාලිංග කියන්නේ බුරුම කාලිංගයට කියලා කියනවා.
    පොර ගැන නන් හරිම සදහනක් නෑ. අනික ඔය වගේ දෙයක් කරන්න කවුද සල්ලි වියදම් කරේ කියන එකත් ලොකු ප්‍රශ්ණයක්. නිකම්ම හමුවාදවක් අරගෙන එන්න බෑ නෙ. ලොකු වියදමක් යනවා නෙ
    ------ Post added on Jul 18, 2026 at 9:16 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    නිශ්ශංකමල්ල කියන පම්පෝරිකාර ධාතු පොන්නයා තමයි රට අරාජික කරන්න පාර කැපුවෙ
    ඔව් පොර තමා පරාක්‍රම බාහු රජතුමා හදපු බේස් එක යටින්ම විනාස කරේ. හරියට ඒක අල්ලාගේන ගියා නන් කාලිංග මාඝට ඔච්චර දෙයක් කරන්න වෙන්නේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,740
    113
    අම්බකිස්ස
    මාඝ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ බෑනා කෙනෙක් කියලා කියනවා නේද? රජකම ඉල්ලලා හරි විදිහට ලැබුනේ නැති හින්දා මෙහෙම ආපු කතාවක් මතකයි. අනික කාලිංග කියන්නේ බුරුම කාලිංගයට කියලා කියනවා.


    ඔය කාලේ ලෝකේ තිබ්බ ලොකුම වෙළද මධ්‍යස්ඨාන වලින් එකක් බන් ලංකාව කියන්නේ නැගෙනහිර රටවල් වලට බටහිර රටවල් වල වෙළෙන්දෝ හම්බ උනේ ලංකාවේදී. මාඝ සම්පුර්ණ සිස්ටම් එකම විනාශ කරනවා. ඒකේන් පස්සේ ක්‍රමානුකූලව ඒ වටින කම නැතිවෙනවා. අනික ඔය කාලේම කොන්ස්තන්තිනෝපලය වගේම ඩමස්කස් වැටේනවා. ඒවා තමා ලංකාව එක්ක ගනුදෙනු කරපු ප්‍රධාන වෙළඳපලවල්.
    ------ Post added on Jul 18, 2026 at 8:32 PM
    කොන්ස්තන්තිනෝප්ලය වැටෙන්නේ 1453 මේක 1215 කියලනේ කියන්නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    කොන්ස්තන්තිනෝප්ලය වැටෙන්නේ 1453 මේක 1215 කියලනේ කියන්නේ
    Final එක නෙමේ බන්. ඊට කලින් මොකක් හරි කේස් එකක් ඔය කලේ පත්තු වෙනවා. කොහොම හරි අපේ වෙළඳ පොලවල් වලට අන්තිම ඕනේ වදින්නේ ඕකේන් පස්සේ.
    අපිට ලොකු තඹ නිදියක් තිබ්බ, දැන් තෙල් තියෙනවා වගේ තමා. තව එතකොට අපි ප්‍රදාන නාවික මධ්‍යස්ථානයක්. නිකං අද සිංගප්පූරුව වගේ.


    මම ඔය ගැන රාජ් සෝමදේව මහත්තයාගෙන් ඇහුවා. එතුමාගේ අදහස මාග ආවත් නැත්තත් අපිට ඒ වෙනකොට world order එක මිස් වෙලා තිබ්බේ කියන එක. ගොඩක්ම අභ්‍යන්තර කැරලි. ඒත් පොර ඔය වගේ විනාශයක් කරේ නැත්නං අඩුම දැනුම හරි ඉතුරු වෙනවා.
    ------ Post added on Jul 18, 2026 at 9:15 PM


    පොර ගැන නන් හරිම සදහනක් නෑ. අනික ඔය වගේ දෙයක් කරන්න කවුද සල්ලි වියදම් කරේ කියන එකත් ලොකු ප්‍රශ්ණයක්. නිකම්ම හමුවාදවක් අරගෙන එන්න බෑ නෙ. ලොකු වියදමක් යනවා නෙ
    ------ Post added on Jul 18, 2026 at 9:16 PM
    ඔව්. අනුරාධපුර අන්තිමට අපෙන් ඔය වෙළද පොල චෝල අධිරාජ්‍යයට යනවා. උන් ක්‍රමානුකූලව ඒක අල්ලගන්නවා. අනුරාධපුර අන්තිමට තිබ්බ අවුල් කාලේ. හැබයි වරාය වල වටිනාකම පොළොන්නරු කළේත් තිබ්බා. චීන්නු නාවික හමුදාව විනාශ කරගන්නකම් ලංකාව කියන්නේ චීන්නුන්ගේ ප්‍රධාන නැවතුමක්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,421
    113
    New Zealand
    තම්බපන්නි කියලා ලංකාව හදුන්වලා තියෙන්නේ ලංකාවෙන් තඹ යවපු නිසා කියලා කියනව. කැනීම්වලින් හොයාගත්ත එක එක රටවල්වල කාසි එක්ක බලනකොට ලංකාව බිස්නස් හබ් එකක් වගේ තිබිලා තියනවා. කැ$රි දෙමල්ලු තමයි මේ රටට ඇවිත් වැඩියෙන්ම විනාසයක් කරලා තියෙන්නෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    පොළොන්නරුවේ පරාක්‍රමබාහු මාලිගාවේ ඉස්සර බිම තිබ්බ කළු පැහැති විදුරු වගේ බෝල. මාලිගාව පිච්චිලා වැටිච්ච ඒවා