මම මේ පන්සලට මගේ බයික් එකේ යන්න තමයි හිටියෙ. ඒත් ලොකු වැස්සක් ආව නිසා ඒ අදහස අත ඇරලා වෙනදා වගේ පාරේ බස් එකේම ගියා. උදේ ගෙදරින් පිටවෙලා බස් එකේ උදේ 9.45 ට පිටකොටුවට ඇවිත් 138 හෝමාගම බස් එකට නැග්ගා. රු.147 ක ටිකට් ගත්තා බස් එක පැය 1 යි විනාඩි 15 ක් විතර ගමනකින් පස්සේ හෝමාගමට ආවා. බස් එක හෝමාගම බස් ටැන්ඩ් එකට යන්න කලින්ම මම ගූගල් මැප් බලන් වළව්ව පාරට කලින් හෝල්ට් එකේ බැස්සා. ඉස්සරහට පයින් ඇවිත් වළව්ව පාරේ පයින්ම යන්න පටන් ගත්තා. කි.මි 1.9 ක් වගේ දුරක් තියෙන්නෙ. ඕනනම් 3 විල් එකක යන්න පුලුවන්. මම ඉතින් පයින් යන්න ආස නිසා මට වේගයෙන් පයින් යන්නත් පුලුවන් නිසා පයින්ම ගියා. පාරේ මගින් මගට තැන් 3 , 4 ක ම මේ පන්සලට හැරෙන තැන්වල බෝඩ් ගහලත් තියනවා. ඉතින් හොයාගන්න ලේසි. වළව්ව පාරේ ටික දුරක් ගියාම, ගලවිල පාර හමුවෙන හතරමං හන්දියෙත් කෙලින්ම මම ගියා. මගදි වැස්සකුත් ආවා. කඩේකට වෙලා හිටියා. ටිකකින් වැස්ස පෑව්වම ආපහු ගියා. පන්සල කිට්ටුව පාරේ පොඩි කදුකර පාරක් තියෙන්නෙ. ඉතින් විනාඩි 25 කින් විතර මට පන්සල් පිවිසුමට එන්න පුලුවන් උනා. පිවිසුම ලගම වාහන නවත්වන්න රථ ගාලක් තියනවා. පන්සලට ඇතුල් වෙලා සපත්තු , කැප් එක ගලවලා මම පන්සල පුරාම ඇවිදින්න පටන් ගත්තා. වැන්දා. වෙහෙරක්, බුදු ගෙයක්, බෝධියක් තියනවා. ලස්සනයි. පහල ඇවිදලා ඉවරවෙලා ඉහල පැත්තට ගියා. එතනත් ලස්සනට අඹපු පිලිම ගෙවල්, පිළිම , ගල් පොකුනු තිබ්බා. ගලේ ඇවිදන් යන්න තියෙන්නෙ. ලස්සනට වටපිටාවක් දැක ගන්න පුලුවන්. කොළඹ නගරයේ තියන සියලුම ගොඩනැගිලි ඈතින් පේනවා. පහල වීඩියෝව බලන්න... වෙඩින් පොටෝ ශූට් වලටත් මේ පන්සලට එනවා. මේ වෙලාවෙත් එහෙම යුවලක් ඇවිත් හිටියා. පැයක් විතර මම මේ පන්සලේ ගත කරලා, අවට සුන්දරත්වය විදලා, පන්සලෙන් පිට වෙලා අපහු පයින්ම හෝමාගමට ආවා. හෝමාගම බස්ටැන්ඩ් එකෙන් පිටවුන කොළඹ බස් එකක නැගලා පිටකොටුවට ගියා...
.* විනාඩි 10 ක වීඩියෝව බලන්න :
.
පිටකොටුව - හෝමාගම (බස්) : රු.147/- යි | පැය 1 යි විනාඩි 15 ක් පමන.
හෝමාගම සිට පන්සල ලගට (පයින්) : විනාඩි 25 - 30 | කි.මි 1.9 යි.
.
| හෝමාගම ප්‍රදේශයේ තියන උසම ගල්තලාව ඉඹුලකන්ද. වසර 1968 දි ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය ආරම්භ වෙලා තියෙන්නෙ. උදෑසන ආවොත් ශ්‍රී පාදස්ථානයද ඈතින් පේනවා. ‘ඉඹුලකන්ද’ යන නාමය මෙම ප්‍රදේශයට ලැබී ඇත්තේ අතීතයේ මෙහි කටු සහිත විශාල ඉඹුල්ගස් තිබ්බ නිසාලු. මෙම කන්ද තුළ විශාල ඖෂධ ගස් රැසක්ම තියනවා. |
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index >>>
.
.
Imbula Kanda Mountain Temple - Homagama