2025-08-09 සෙනසුරාදා : අද නිවාඩු දවසේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුමක් තිබුනේ නෑ. ඉතින් මගේ ට්‍රිප් ලිස්ට් එක බලලා, කලින් ගිහින් තිබුනෙත් නැති ගෙදර ඉදලා පැය 2 ක් ඇතුලත යන්න පුලුවන් මේ පන්සල තෝරා ගත්තා. උදේ 7.30 ට විතර ගෙදරින් පිටවෙලා බස් එකක කිරිබත්ගොඩ ඇවිත්, නිට්ට්ඹුව බස් එකක නැග්ගා. රු.130 ක ටිකට් ගත්තා නිට්ටබුවට. පැයක ගමන්කින් පස්සේ උදේ 8.45 ට විතර නිට්ටඹුව බස් ටෑන්ඩ් එකෙන් බැස්සා. කඩේකින් උදේට කෑවා. ඊට පස්සේ පන්සල කිට්ටුවට යන 182/1 - රංපොකුනගම බස් එකට නැගලා වාඩි වෙලා හිටියා. ටිකකින් බස් ඒක පිටවුනා. රු.30 ක ටිකට් ගත්තා. විනාඩි 10 කින් විතර බස් එක අවසාන වන, වටරවුමක් ලග හෝල්ට් එකෙන් බැස්සා. එතන ඉදලා පන්සලට මීටර 950 යි. ගුගල් මැප් එක බලන් පයින්ම පන්සලට ගියා. විනාඩි 15 කින් මට පන්සල පිවිසුමට යන්න පුලුවන් උනා. පන්සලට ඇතුල් වෙලා බුද්ධ ප්‍රතිමා රැසක් ඇති පාර දිගේ උඩටම ගියා. වෙහෙර, බෝමලු, බුදුගෙයම් දේවාල පහු කර, කන්දක ඇති පඩිපෙල් දිගේ උඩටම ගියා. උඩත් ලොකු බුද්ධ ප්‍රතිමාවක් බෝගසක් තිබුනා. අවට ලස්සනට කදු මුදුනට පෙනුනා. පැයකට වැඩි කාලයක් මෙහි ගත් කරලා පාරට ඇවිත් බස් එකේ ඇවිට් නිට්ට්ඹුවට ඇවිත්,කිරිබත්ගොඩ ඇවිත් ගෙදර ආවා. පන්සලේ අසිරිය බලන්න පහත කෙටි වීඩීයෝවත් බලන්න.. ගම්පහ දිස්ත්‍රික්කයේ, නිට්ටඹුවට ලග, මාඉඹුල කන්ද අභයභූමිය තුල තියන මේ ලස්සන පන්සල ගැන ගොඩක් අය දන්නේ නෑ..
.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.. :
.
* කිරිබත්ගොඩ -> නිට්ටබුව (Bus) : පැය 1 යි| ටිකට් රු.130/-
* නිට්ටබුව -> රංපොකුනගම (182/1 Bus) : විනාඩි 15 | රු.35/-
* රංපොකුනගම -> මාඉඹුල කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (පයින්) : විනාඩි 15
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් <<<<Index >>>>
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.