ඉන්දියාවේ කැරපොතු ප්‍රශ්නය.

lilman

Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo


    ඉන්දියාවේ නඩුවක් අතරතුර වූ අහඹු සිද්ධියක් නිසා, මේ වෙද්දි දිල්ලි නගරය තරුණ කැරැල්ලකින් වැහිලා ගිහින්. ඒ තමයි, “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය“. මොකක්ද නඩුවෙදි වුණේ? මොකක්ද මේ කැරැල්ල? කවුද මේ කැරපොත්තො? මොනවද එයාලා ඉල්ලන්නෙ? අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

    කොහොමද මේ කැරපොත්තො කියන නම ආවෙ?

    පසුගිය කාලෙ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබුණා. මේ නඩු විභාගය අතරතුරදි, ඉන්දියාවේ අගවිනිසුරු විසින්, ඉන්දියාවේ ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැකියා විරහිත තරුණයින්, “කැරපොත්තන්“ හෝ “පරපෝෂිතයින්“ ය යනුවෙන් ප්‍රකාශයක් කළා. මේක නඩුව අතරතුර කළ හුදු ප්‍රකාශයක්. දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රකාශයක්. ප්‍රකාශය කළ වහාම ඔහුට එහි බරපතළකම තේරුණා. පසුව මේ ප්‍රකාශය කළේ, අධ්‍යාපනයක් ලබා සරසවිවලින් පිටවන අය ගැන නොව, ව්‍යාජ උපාධි මුදලට ලබාගෙන රැකියා විරහිතව ඉන්නා අය ගැන බව ඔහු පැහැදිලිකිරීමක් කළා. නමුත් ඒ වෙද්දි, මේ ප්‍රකාශයට විරෝධය එල්ල වීම පටන් අරන්. අශ්වයා පැනලා ගිහින්. වචනය නැවත ගන්න බැරි තැනට පත් වුණා.

    මේත් සමඟම, ඉන්දියාවෙන් පිටත විදෙස් සරසවිවල ඉගෙනුම ලබන ඉන්දීය සිසුන්, තම සහෝදර ඉන්දීය සිසුන්ට කළ මේ ප්‍රකාශයට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළා. බොස්ටන් සරසවියේ සිසුවෙක් වූ “අභිජීත් දීප්කේ“ මේ විනිසුරු ප්‍රකාශය මීම් එකක් ලෙස ගනිමින්, “කැරපොත්තො ඔක්කොම එකතු වුණොත් මොකද වෙන්නේ?“ යනුවෙන් සමාජ මාධ්‍ය පෝස්ටුවක් පළ කළා.

    මේ පෝස්ටුව වෛරල් වුණා. ශෙයා වුණා. අදහස් පළ වුණා. අභිජීත් විසින්, කැරපොත්තෝ නමින් වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. එය කැරපොත්තන්ගේ පක්ෂය නමින් ඔහු නම් කළා. සති දෙකක් ඇතුළත, මේ කැරපොත්තන්ගේ සංවිධානයට අයත් සමාජ මාධ්‍ය ගිණුම්වලට මිලියන 20කට ආසන්න සක්‍රීය දායක පිරිසක් එකතු වුණා. පසුව මෙම ව්‍යාපාරය නිල වශයෙන් Cockroach Janta Party හෙවත්, CJP ලෙස නිල වශයෙන් නම් කරන්න, මේ සිසු ක්‍රියාකාරීන් කටයුතු කෙරුවා.

    මේක කාට විරුද්ධව ද?

    මුල්ම විරෝධතාවය ආවෙ ඉන්දියාවේ අගවිනිසුරුගේ ප්‍රකාශයට එරෙහිව. හැබැයි ඒ ප්‍රකාශය කෙරුවෙ, ඉන්දියාවේ “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂය විසින්, ඉන්දියාවේ තරගකාරීම විභාගවලදී දිගින් දිගටම කළ වංචා ගැන සිසුන් ප්‍රශ්න කරන වෙලාවක. මේ හේතුවෙන්, විනිසුරුගේ ප්‍රකාශය තමන් වෙත එල්ල වුණේ, මෝදි ආණ්ඩුව විසින් කරන විභාග වංචා හේතුවෙන් බව සිසුන් තීරණය කළා. මේ අනුව, ඉතාම ඉක්මනින් මෝදි ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ විභාග වංචාවලට එරෙහි ව්‍යාපාරයක් ලෙස මෙය වර්ධනය වුණා.

    මෙය කොයිතරම් වේගයෙන් වර්ධනය වුණා ද කියනවා නම්, ඉන්දියාවේ පාලක පක්ෂය වන “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂයේ සමාජ මාධ්‍ය ගිණුම්වල සිටින ෆලෝවර්ස්ලා ප්‍රමාණය තරම් කීප ගුණයක්, කැරපොත්තන්ගේ සංවිධානයේ ගිණුම් සමඟ එකතු වුණා. මේත් සමඟම මෝදි ගත් පළමු තීරණය වුණේ සමාජ මාධ්‍ය වාරණය කිරීම. මෝදි ආණ්ඩුව විසින් වහාම “කැරපොත්තන්ගේ පක්ෂය“ට අයත් සියලු සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීම්, ඉන්දියාව තුළ අවහිර කළා. මේත් සමඟම, අභිජීත් දීප්කේ (බොස්ටන් සරසවි සිසුවා) ඇතුළු සිය ගණනක් වූ විදෙස් සිසුන්, වහාම ඉන්දියාවට ආවා. ඒ, සමාජ මාධ්‍ය තහනම නිසා, මහපාරට සිසුන් කැඳවීමට.

    මේ අනුව, මෝදිගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කිරීම නිසා, එහි අදහස් පළ කරමින් සිටි මිලියන ගණනක් සිසුන් අතරින්, දස දහස් ගානක් මහ පාරට ආවා.

    මොනවද මේ කැරපොත්තන්ගෙ අරමුණ?

    ඔවුන් මේ සංවිධානය පටන් ගත් වෙලාවෙ, තමන්ගේ අරමුණ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, එහි අරමුණ වුණේ, ඉන්දියාවේ අගවිනිසුරු විසින් “කැරපොත්තන්“ ලෙස හැඳින්වූ කුලකයට අයිති හැමෝටම, සංවිධානය විය හැකි පක්ෂයක් ලෙස කටයතු කිරීම.

    කවුද මේ “කැරපොත්තො“ ගණයට වැටුණෙ?

    මුලින්ම රැකියාවක් නැති සියලුම ඉන්දීය තරුණයින්. දෙවැනියට, ඉන්දියාවේ තරඟ විභාග ලියන සරසවි සිසුන්. තුන්වැනිව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන සක්‍රීයව මාධ්‍ය හෝ වෙනත් කටයුතුවල නියැලෙන්නන්. ඇත්තටම මේක ඔවුන් පටන් ගත්තේ, මෝදි ආණ්ඩුවේ දුර්වලතාවලට හිනාවෙන්න බලාගෙන “උපහාසයක්“ ලෙස. මේ නම පවා ඔවුන් මුල් කාලයේ තමන් වෙනුවෙන්ම උපහාසයට තමයි භාවිත කෙරුවෙ. නමුත් සමාජ මාධ්‍ය තහනම, මෝදි ආණ්ඩුවට බැක්ෆයර් වුණේ, ගෙවල්වල ෆෝන්වල තිබුණු අරගලය, පාරට ගෙන ඒමෙන්.

    “කැරපොත්තෝ“ විසින් ඊට පසුව පවා ගෙන ආපු විවිධ සංවාද සියල්ලම, උපහාසය සහිත ඒවා. ඒ සියල්ල මීම් සමඟ තමයි බැඳී තිබුණේ. හැබැයි ප්‍රශ්නය වුණේ, මේ “කැරපොත්තන්“ ගණයට අයත් තරුණ තරුණියන් ඉන්දියාව තුළ “මිලියන 600 ක්“ හිටියා. මේ මිලියන 600න් අති බහුතරයකට තමන්ට මෝදිගේ ආණ්ඩුව විසින් කරන නොපනත්කම මඟහැරලා ඉන්න බැරි වුණා. මේ අතරින් අති බහුතරය ඉන්දියාවේ තරඟ විභාග ලියලා දිගින් දිගටම අසමත් සිසුන්. තවත් අය දුප්පත්කම හේතුවෙන් අධ්‍යාපනය අඩාල වූ සිසුන්. තවත් අය දැඩි ලෙස සමාජ මාධ්‍ය පරිශීලනයට ඇබ්බැහි වූ තරුණ තරුණියන්. ඉන් බහුතරයකට, ස්ථිර රැකියාවක් නෑ. මේ සියලුම දෙනාට තිබුණු එකම බලාපොරොත්තුව වුණේ, “ඉන්දියාවේ රැකියා ලබාගැනීමට වාර්ෂිකව පවත්වන තරඟ විභාග“.

    මේ “තරඟ විභාග“ නමැති පොදු කුලකය විසින්, කැරපොත්තෝ සියලු දෙනා එකම කණ්ඩායමකට වැටුණා.

    මෙන්න මේ එකම කුලකයට වැටීම තමයි ඊළඟ පිපිරීම වුණේ.
    ------ Post added on Jul 23, 2026 at 8:07 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගන්නා තරඟ විභාගය වන, NEET හෙවත්, national entrance exam for medical college විභාගය මෙවරත් ඉතාම තරඟකාරීව පැවැත්වුණා. මේ විභාගය සඳහා ඉන්දියාවේ බොහෝ පවුල්වල දෙමාපියන් සිය ඉඩම් සහ ගෙවල් උකස් තබා, වසර 10ක ගෙවීම් ක්‍රමයකට සිසුන්ට ඉගැන්වීම තමයි ප්‍රචලිතම ක්‍රමය. මේ කාලය තුළ විභාගය සමත් වන සිසුන් ඉන් අනතුරුව මේ සියල්ල බේරා, පවුලට ආදායම් උපයන්නා බවට පත් වෙනවා. පසුගිය මැයි 3 වන දා, මෝදි ආණ්ඩුව විසින්, මේ පවත්වන ලද විභාගයේ සියලු ප්‍රතිඵල තහනම් කරන්නට තීරණය කළා. ඊට හේතුව වුණේ, මීට පෙර අවස්ථා කීපයකදීම සිදු වූ පරිදි, මෙවරත් විභාගය පවත්වන්නට පෙර විභාග ප්‍රශ්න පත්‍රය පිට වීම. මෙවර විභාගය “මිලියන 2ක“ සිසුන් පිරිසක් විසින් ලියා තිබුණා. මේ අතරින් අති බහුතරය වුණේ, වසර ගණනක සිට සිය පවුලේ සියලුම දේපල උකස් තබා පන්තිවලට සහභාගි වෙමින් විභාගය ලියූ සිසුන්.

    මේ ප්‍රශ්නය, තමන්ගේ කුලකයට අයත් “කැරපොත්තන්“ගේ ප්‍රශ්නයක් බැවින්, කැරපොත්තන්ගේ පක්ෂය ඊට මැදිහත් වුණා. මේ සිදුවීම හේතුවෙන්, විභාගය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි “වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ලියූ සිසුන් 20 දෙනෙකු“ සිය දිවි හා...නි කරගත් බවට ප්‍රචාරය වුණා. මෝදි ආණ්ඩුව විසින්, මේ සම්බන්ධ සියලු පුවත් සහ වාර්ථා ඉන්දීය මාධ්‍යය හරහා ප්‍රචාරය වීම වැළැක්වුවා.

    විභාගය ලියූ ඉතිරි සිසුන්, නැවත වරක් විභාගයට පෙනී සිටීමට නොහැකි බවත්, තමන්ගේ ප්‍රතිඵල ලබාදෙන ලෙසත් ඉල්ලන්න පටන් ගත්තා. මේ අතරින් බහුතරයකගේ සමස්ත පවුලම දරිද්‍රතා රේඛාවෙන් එපිටට පනිනවාද මෙපිට නවතිනවාද යන්න තීරණය වුණේ, මේ ප්‍රතිඵලය මත. එය ඔවුන්ගේ ජීවිතයේ ලොකුම තීරණාත්මක සිදුවීම බවට පත් වුණා.

    කැරපොත්තන්ගේ සංවිධානය මෙම විභාග වංචාව, පේපර් පිට වීම, ප්‍රතිඵල අත්හිටුවීම ආදියට විරුද්ධව සිසුන්ව සංවිධානය කළා. පසුව මෙම වංචාව වෙනත්ව වර්ෂවලදී, වෙනත් විභාගවලත් දිගින් දිගටම සිදු වූ බව නිරීක්ෂණය කරමින්, මෝදි ආණ්ඩුවේ සමස්ථ අධ්‍යාපන ක්‍රමයම ප්‍රතිසංස්කරණය කළ යුතු ය යන ඉල්ලීමට ආවා. තමන්ව හිතාමතාම “කැරපොත්තන්“ බවට පත් කොට තමන්ට විසුලු කළ මෝදිගේ පාලනයට “කැරපොත්තන්ගේ ඒකාබද්ධ විරෝධය“ පෙන්විය යුතු බව ඔවුන් එක හඬින් කිව්වා.

    මොනවද “කැරපොත්තො ඉල්ලන්නෙ?“

    ඔවුන් තමන්ගේ ඉල්ලීම් ලිඛිත ප්‍රකාශයක් ලෙස, මෝදිගේ ආණ්ඩුවටත්, සමස්ථ ප්‍රජාවටමත් ඉදිරිපත් කළා.

    ඒ අතර, විශ්‍රාම යන විනිසුරුවරුන්ට පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්න එපා, විභාගයක් නිසි ලෙස නොපවත්වා විභාග ප්‍රතිඵල තහනම් කරන විභාග කොමසාරිස්වරුන් වහාම ඉවත් කරන්න, ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් හරි අඩක් (50%) ක් කාන්තාවන්ට දෙන්න( එනම් දැනට ලැබෙන 33% වෙනුවට, 50% ක් දෙන්න), ජනමාධ්‍ය ඇතුළු සියළුම මාධ්‍යය ආණ්ඩුවේ බළපෑමෙන් ස්වාධීන කරන්න, පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 20ක් යනතුරු තනතුරු දැරීම තහනම් කරන්න ආදී ඉල්ලීම් තිබුණා.
    ------ Post added on Jul 23, 2026 at 8:16 PM

    මීට අමතරව, ඉන්දියාවේ විභාග ප්‍රශ්නය විසඳීමට ඔවුන් විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කළා.මෙය නව Public Examinations Act එකක් හෙවත්, විභාග පනතක් ලෙස සළකන ලෙස ඉල්ලුවා. මේ හරහා ඔවුන්, විභාග ප්‍රශ්නයෙන් දිවි තොර කරගත් සිසුන්ගේ පවුල්වලට වන්දි ඉල්ලුවා.

    නමුත්, මේ සියලු ඉල්ලීම්වලට වඩා ප්‍රබලම වුණේ, “ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිවරයා වූ ධර්මේන්ද්‍ර ප්‍රධාන්“ වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතුයි කියන ඉල්ලීම.

    මෙම ඉල්ලීම වටා සිසුන් වැඩි වැඩියෙන් එකතු වුණා. මෝදි ආණ්ඩුව මේ ඉල්ලීමත් සමඟ වැඩි වැඩියෙන් “කැරපොත්තන්“ තහනමට කටයුතු කළා.
    ------ Post added on Jul 23, 2026 at 8:17 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    මේ ප්‍රකාශය ලංකාවේ අගවිනිසුරු කරලා අපේ උන් පාරට බැස්සා නම්, අධිකරණයට අපහාස කිරීම යටතේ පාරට බැස්ස එවුන් හිරේ
     
    • Like
    Reactions: kinkon and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    මේකට එකතු වුණේ කැරපොත්තො විතර ද?

    කැරපොත්තන් යන ගණයට ඇත්ත වශයෙන්ම වැඩිමනක් අයත් වුණේ, ජෙන් ඉසෙඩ් පරම්පරාව. නමුත්, මෙය හුදෙක් එක පරපුරක ප්‍රශ්නයක් නොව, සමාජයක ප්‍රශ්නයක් බව කියමින් විවිධ පිරිස් ඔවුන් සමඟ එකතු වුණා. සති කීපයක් යනතුරුම, මේ විරෝධතා සිද්ධ වුනේ පාරවල් අයිනේ. විවිධ පොදු ස්ථානවල. වීදි කොනක.

    පසුව කැරපොත්තන් පිරිසක්, ඉන්දීය පාර්ලිමේන්තුව අසළ ඇති. ජන්තර් මන්තර් පරිශ්‍රයට ගිහින් ඉඳගත්තා. මෝදිගේ අධ්‍යාපන ඇමතිවරයා තනතුරින් ඉල්ලා අස්වන තුරු එතැනින් නැඟිටින්නේ නැති බව කියමින් උපවාසයක් පටන් ගත්තා.

    දින කීපයක් යද්දී, සිසුන් සමඟ වෘත්තිකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කීප දෙනෙක්ම, ජන්තර් මන්තර් පරිශ්‍රයට විත් ඉඳගත්තා. සමහරු ටෙන්ට් ඇටෙව්වා.

    ජූනි 28 වැනිදා, ඉන්දියාවේ ඉතාම ප්‍රකට අධ්‍යාපනික ක්‍රියාකාරිකයෙකු සහ පරිසර ක්‍රියාකාරිකයෙකු වූ Sonam Wangchuk විසින්, නව පරපුරේ කැරපොත්තන්ට සහාය දැක්වීමක් ලෙස, “නිරාහාර උපවාසයක්“ ආරම්භ කළා. මීට පෙර ඔහු සිය උද්ඝෝෂණවලදී අත් අඩංගුවට පත්ව, සිරගතව සිටියා. ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන ඉන්දීය තරුණ ප්‍රජාව එයින් දැනුවත්ව සිටියා. තම කැරපොතු ව්‍යාපාරයට ඔහු එක්කාසු වීමෙන් කැරපොත්තන් නව පණක් ලැබුවා.

    සෝනම්ගේ නිරාහාර උපවාසය සති 3ක් එකදිගට ම පැවතුණා. ඔහුගේ බර මේ සති 3 තුළ කිලෝ ග්‍රෑම් 9කින් අඩු වුණා. පසුව දිල්ලි පොලිසිය විසින් ඔහුව ගිලන් රථයකට බලෙන්ම නංවාගෙන රෝහල්ගත කළා. මෙය ඔහුගේ සෞඛ්‍ය අවදානම ගැන සිතා කළ දෙයක් බව පොලිසිය කිව්වා. මෙය පැහැරගැනීමක් බවත්, එය නීති විරෝධී බවත් සෝනම් සහ සෝනම්ගේ බිරිඳ චෝදනා කළා. රෝහලේදීත්, සෝනම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. තම උපවාසය, අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වූ වහාම අවසන් කරන බව තමයි සෝනම් කිව්වෙ.

    ඔහුව උපවාස බිමින් ඉවත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ, සෝනම්ගේ එක්කාසු වීම නිසා උද්යෝගීමත් වූ කැරපොත්තන්ව විසිරුවා හැරීම. නමුත් මේ ආරංචියත් සමඟ එතැනට කැරපොත්තන් දහස් ගානක් ඇදී ආවා. සෝනම් විශේෂ ප්‍රකාශයක් කරමින්, කැරපොත්තන් පාර්ලිමේන්තුවට රැළියක් යෑම වඩාත් යෝග්‍ය බව කිව්වා. කැරපොත්තෝ මේ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තුවට සිය ඉල්ලීම් රැගෙන ගියා.

    ජූලි මාසයේ 19 වැනිදා වනවිටත්, ඒ කියන්නෙ මීට දින දෙක තුනකට පෙරත්, කැරපොත්තන්ගේ විරෝධතා තිබුණෙ සාමාන්‍ය මට්ටමක. මෙම විරෝධතා සමඟ හිටියේ 20,000 ක පමණ කැරපොත්තන් පිරිසක්.

    නමුත් ජූලි 20 වැනිදා මෙම ප්‍රමාණය, කැරපොත්තන් 50,000 දක්වා වර්ධනය වුණා. මේ අතර අති බහුතරයක් යොවුන් හෝ වයස අවුරුදු විසි ගණන්වල අය. ඔවුන් සිය උද්ඝෝෂණ ස්ථානයට ආහාර, වතුර, බිස්කට්, කෙටි කෑම ආදිය ගෙන එන්නට පටන් ගත්තා. එය තාවකාලිකව නවාතැන් ගෙන කරන විරෝධයක් බවට පත් කරගත්තා.

    එදින සවස් වෙද්දී, පිරිස පාර්ලිමේන්තුව දෙසට ඇවිද ගියා. පොලිසිය මේ විරෝධතා පාගමන අතරමඟදී නැවැත්තුවා. මුලු පරිශ්‍රයේම සියලු ජංගම දුරකතන සංඥා විසන්ධි කළා. මාර්ග බාධක දැම්මා. පසුව කඳුළු ගෑස් ප්‍රහාර ආරම්භ කළා. අනතුරුව පහර දුන්නා. සිසුන් මාර්ග බාධක බිඳිමින්, පොලිසියට පහර දෙන්න පටන් ගත්තා. මෙය දෙපිරිස අතර දැවැන්ත ගැටුමක් බවට පත් වුණා. මේ සමස්ථ සිද්ධි දාමයම, ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ආණ්ඩුව විසින් වැළැක්වුවා.

    එදින සවස් වෙද්දී, දිල්ලි පොලිසිය විසින් ගැටුම ගැන නිවේදනයක් නිකුත් කළා.

    නිවේදනයට අනුව, මේ ගැටුමින් 178 ක් තුවාල ලැබුවා. ඉන් 118ක් පොලිස් නිලධාරීන්. 60ක් සිසුන්. ඊට අමතරව උද්ඝෝෂකයින් 70 ක් අත් අඩංගුවට ගත් බවත් කිව්වා. එක් උද්ඝෝෂකයෙක් රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට තිබුණා.

    කැරපොත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, උද්ඝෝෂකයින් 150 දෙනෙකු, පොලිස් පහරදීම් හේතුවෙන් එදින රෝහල්ගත කර තිබුණා.

    කැරපොත්තන් විසින්, මෙවන් පහරදීමකට අණ කළ මෝදි ඒකාධිපතයෙකු බවත්, ඉන්දියාව වැනි ප්‍රජාතාන්ත්‍රික රටක අගමැතිකමට ඔහු කිසිසේත් සුදුසු නැති බවත්, පොලිස් පහරදීම් ඉතාම අමානුෂිකව ක්‍රියාත්මක වූ බවත් සිය ප්‍රකාශයේදී කියා සිටියා.

    මීට අමතරව, මෙම ව්‍යාපාරය විසින්, අදාල පහරදීමට පෙර “අඟහරුවාදා“ දින තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. නමුත් ඊට පෙර උද්ඝෝෂණයට කළ පහරදීම හේතුවෙන්, දෙවැනි උද්ඝෝෂණය සිදු නොකරන බව කැරපොත්තන් දැනුම් දුන්නා. එයට හේතුව ලෙස සඳහන් කළේ, තමන්ට වුවමනා පොලිසිය සමඟ සටනක් නොව, අධ්‍යාපන ඇමති ඉවත් වීම බව කියා සිටියා. නමුත් ජන්තර් මන්තර් පරිශ්‍රයෙන් තවදුරටත් ඉවත් නොවන බවත් කැරපොත්තන් ප්‍රකාශ කළා.

    පහරදීමට පසුව. මෝදිගේ නිල නිවස අවට කලාපයටත් කැරපොත්තන් රැස් වුණා. මෙම විරෝධතාවයට ඉන්දියාවේ විපක්ෂ නායකයා වූ “රාහුල් ගාන්ධි“ ඇතුළු පිරිසක් සහභාගි වුණා. එහිදී ගාන්ධි ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත් වුණා. පසුවදා ඔවුන්ව නිදහස් කළා. රාහුල් ගාන්ධි ඉන් පසුව තමාගේ නායකත්වය යටතේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව, කැරපොත්තන්ගේ විරෝධතාවයට එක් කළා. විපක්ෂයේ ප්‍රධානම ඉල්ලීම වුණේ, කැරපොත්තන්ට කළ අමානුෂික ප්‍රහාරය පිටුදැකීම සහ, කැරපොත්තන්ගේ ඉල්ලීම්ලට මෝදි ආණ්ඩුව කන් දිය යුතු බව.

    මෙම මාස ගණනාව පුරාම ආණ්ඩුව මේ ගැන නිල ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා.

    නමුත්, පහරදීම සිදු වූ සඳුදා සවස, කැරපොත්තන් සමඟ විධිමත් ලෙස සාකච්ඡා කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සහභාගි වුණා. මැයි මාසයෙන් ඇරඹි කැරපොත්තන්ගේ විරෝධය ගැන, අගමැති මෝදි සිය පළමු ප්‍රකාශය කළේ ඉන් පසුව. ඒ පසුගිය අඟහරුවාදා. එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වෙලා තිබුණේ, විභාග වංචා සහ ප්‍රතිඵල ප්‍රශ්නයට ආණ්ඩුව ඉතාම ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවක්.

    කැරපොත්තන්ගේ විරෝධතාවය අතරමැද, ඉන්දීය විපක්ෂය දිගින් දිගටම සිය විරෝධතාව ආණ්ඩුව වෙත එල්ල කළා. මෙය ඉන්දියාවේ අනාගත පරපුර විනාශ කොට, ඔවුන්ව ලැජ්ජාවට පත් කළ ආණ්ඩුවක් යැයි චෝදනා කළා.

    මේ කැරපොත්තන්ගේ විරෝධය සමඟ, සෑම පාර්ශ්වයක්ම වැඩියෙන් උනන්දු වුණේ, පසුගිය වසරවලදී නේපාලයේ සහ බංග්ලාදේශයේ ඇති වූ “ඉසෙඩ් පරම්පරාවේ“ විරෝධතා සහ, කැරපොතු විරෝධතාවය සමාන ද නැද්ද යන කාරණය ගැන.

    සමාන ද?

    කැරපොත්තන්ගෙ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයා වූ, “දීප්කේ“ මේ ප්‍රශ්නයට සෘජුවම පිළිතුරු දුන්නා. මෙය ඉන් සපුරා වෙනස් බවත්, තමන් ආයුධ නොගන්නා බවත්, තමන් පහර නොදෙන බවත් ඔහු කිව්වා. මෙය සාමකාමී විරෝධතාවක් බවත් ඔහු පැහැදිලි කළා. මෝදි ආණ්ඩුව විසින් මෙම විරෝධතාවය ප්‍රචණ්ඩ කරන්නට ගත් උත්සාහය හෙයින්ම, පසුදා සැළසුම් කළ විරෝධතාවය තමන් අවලංගු කළේද, ආණ්ඩුව විසින් තමන්ට “ප්‍රචණ්ඩ“ ලේබලය ඇලවීමට පෙර බව ඔහු පැහැදිලි කළා.

    මෙය මෑත කාලීන ඉන්දියාවේ පළමු අවස්ථාව ද?

    නෑ. 2011 දී අන්නා හසාරේගේ නායකත්වයෙන්, දූෂණ විරෝධී විරෝධතාවය මේ හා සමානම මට්ටමින් ඉදිරියට ආවා. මිලියන ගණනක් තරුණයින් පාරට බැස්සා.

    2020 න් පසුව මෝදිට විරුද්ධව දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ඇති වුණා. එහිදී කෘෂිකාර්මික නීති සහ අණ පනත් විශාල සංඛ්‍යාවක් වෙනස් කරන්නට මෝදි ආණ්ඩුවට සිද්ධ වුණා.

    නමුත් කැරපොත්තන්ට, ගොවීන්ගේ විරෝධය මෙන් සමස්ථ ඉන්දියාවේම සහායක් ලැබිලා නෑ. 2011 අන්නා හසාරේගේ විරෝධය මෙන්, එක්තරා පිරිසකගේ සහාය විතරයි ලැබුණෙ. කැරපොත්තන්ට අනුවත්, මෙවර ඔවුන්ගේ අධ්‍යාපනික ඉල්ලීමෙන් මේ විරෝධය අවසන් වෙනවා. නමුත් සංවිධානය දිගටම පවතිනවා. ඒකට පදනමකුත් තිබෙනවා. මොකද ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රශ්නය කියන්නෙ එන්න එන්නම වැඩි වර්ධනය වන ගැටළුවක්.

    මේ ඝට්ටනය යටින් දිවෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෝදිගේ ආණ්ඩුවේ ඡන්ද පදනම තියෙන්නෙ ග්‍රාමීය දිළිඳු ජනතාව අතර. නමුත් කැරපොත්තන්ගේ අරගලයට නායකත්වය දෙන්නෙ, ඉන්දියාවේ මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ සිසුන් සහ ක්‍රියාකාරීන්. ඔවුන් ආමන්ත්‍රණය කරන්නෙ ඉන්දියාවේම දුප්පත් සිසුන්ව වුණත්, එහි නායකයින් බොහෝ අය දිල්ලිය කේන්ද්‍ර කරගත් ඉහළ මධ්‍යම පාන්තිකයින්. මේ හින්දාත්, මෝදිට හිතවත් ග්‍රාමීය පළාත්වලට මෙම ව්‍යාපාරය තවම ව්‍යාප්ත වෙලා නෑ. මේ අනුව, කැරපොත්තන්ට ඉදිරියේදී, දිල්ලියෙන් දුර ඈත මෝදිගේ ඡන්ද පදනම් තිබෙන ග්‍රාමීය දුප්පත් ප්‍රදේශවලට යෑමේ හැකියාව අනුව, මෙම ව්‍යාපාරයේ අනාගතය තීරණය වන බව පැහැදිලියි.

    එතකොට දැන් තත්ත්වය මොකක්ද?

    මේ වෙද්දි ඉන්දීය මාධ්‍යය විසින් මේ පුවත් වාර්ථා කරන්නෙ ආණ්ඩුවේ පෙරහනකින් පසුව. සමාජ මාධ්‍ය තුළ වාර්ථා පළ වෙන්නෙ කැරපොත්තන්ගේ මතයට අනුව. විදෙස් මාධ්‍ය හරහා වාර්තා පළ වෙන්නෙ ඒ ඒ මාධ්‍ය විසින් සම්බන්ධ කරගන්නා පාර්ශ්වයේ දැක්ම අනුව. නමුත් එකක් පැහැදිලියි. දිල්ලියේ ලොකුවටම කැරපොතු ප්‍රශ්නය ඇදෙනවා.

    ඊයෙ වෙද්දිත්, ජන්තර් මන්තර් හි රැස් වී සිටින පිරිස විසිර ගියෙ නෑ. දැන් මේ විරෝධතාවලට මාසයකට වැඩියි. දිල්ලියේ මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින්ගෙන් දිගින් දිගටම උද්ඝෝෂකයින්ට වියළි ආහාර, වතුර, ටෙන්ට් ආදී සැපයුම් එනවා. මෝදි ආණ්ඩුව විසින් මේ දිල්ලි උද්ඝෝෂණය, ගම්බද දුෂ්කර පළාත්වලට ප්‍රචාරය වීම නවත්වලා තිබෙනවා. ඒ වගේම, උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් ගැන ආණ්ඩුව සෘජු ප්‍රතිචාරයක් දැක් වූ බවක් පේන්න නෑ.

    “මේක දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. පිළිතුරත් දීර්ඝ කාලීන විසඳුමක්. ඒ නිසා මේක මෙතැනින් නවතින්නෑ“ දැනට කැරපොත්තන් එහෙම කියනවා.

    කොහොමින් කොහොම හෝ, නඩුවක් අතරතුර කළ අහඹු ප්‍රකාශයක් විසින් හාරාවුස්සලා උඩට අරන් තියෙන්නෙ, ඉන්දියාවේ මිලියන ගානක් තරුණ ප්‍රජාව දශක ගානක් තිස්සේ විසඳුම් හොයමින් හිටපු ප්‍රශ්න මාලාවක් බව නම් පැහැදිලියි.

    කැරපොත්තො මේ සටන දිනලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එයි ද? මෝදි බොහොම පහසුවෙන් කැරපොත්තන්ව පරදා සුපුරුදු අධ්‍යාපන ක්‍රමයම ගෙන යයිද? ඒක තීරණය කළ යුත්තේ ඉන්දියාව ම තමයි. 🌏

    🟡 කලින් ලිපි, පළමු කමෙන්ටුවේ ඇති ලින්ක්වලින් කියවන්න පුලුවන්.



    සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

    #cockroach #IndiaNews #cockroachjantaparty #CockroachMovement



     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    I didn't read it but remember whatever comes to power if Modi gov loses will be a clearly US aligned party. The actual reason for Modi's troubles is that he maintained buying Russian oil, and refused to work against Russia. Also he supports the BRICS.
     
    • Like
    Reactions: War Fighter

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,742
    11,062
    113
    ම්ම්ම්ම්ම්ම් ඕමම 2029 වෙනකන් අද්දනම් මෝඩි ලේෆ්ට් . ඉන්දියාවත් නෑ එක්කෝ ඕනේ නෑ .
     
    • Haha
    Reactions: War Fighter