odyssey බැලුවා යකෝ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    තනිකරම බොරුවට බෑඩ් පබ්ලිසිටි දාගත්තට මාස්ටපීස් එකක් යකෝ.😍😍😍😍
    ඔය කියන බෝරු පොන්නයයි, කලු ගෑනියි කතාවට අදාලම නෑ,
    හිටියත් නෑ වගේ උන් ,
    අනිවා බලපන් 😍😍😍😍
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,563
    8,127
    113


    "The Return" (2024) යනු හෝමර්ගේ සුප්‍රකට "ඔඩිසි" (The Odyssey) ග්‍රීක මහා කාව්‍යය ඇසුරෙන් නිර්මාණය වූ ඓතිහාසික චිත්‍රපටයකි (Historical Drama). මෙය උබර්ටෝ පැසොලිනි (Uberto Pasolini) විසින් අධ්‍යක්ෂණය කර ඇත.

    කතා වස්තුව
    ට්‍රෝයි යුද්ධයෙන් (Trojan War) වසර 20කට පසුව, ඔඩිසියස් (Odysseus) නැවතත් සිය මාතෘ භූමිය වන ඉතකා (Ithaca) දූපත වෙත පැමිණෙයි. නමුත් ඔහු පෙර සිටි බලවත් රජු නොවන අතර, දීර්ඝ යුද්ධය සහ අභියෝග නිසා ශාරීරිකව හා මානසිකව දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියි.

    ඔහු නැති අතරතුර, රාජ්‍යයේ බලය ඇල්ලීමට මාන බලන පිරිසක් ඔහුගේ බිරිඳ වන පෙනෙලොපි (Penelope) හට වෙනත් විවාහයක් කරගන්නා ලෙස බලපෑම් කරමින් ඇයව ඇගේම මාලිගය තුළ සිරකාරියක් බවට පත්කර ඇත. එමෙන්ම ඔහුගේ පුත් ටෙලිමාකස්ගේ (Telemachus) ජීවිතයටද එම පිරිසගෙන් දැඩි තර්ජන එල්ල වේ. තමාට අහිමි වූ පවුල, ගෞරවය සහ රාජ්‍යය නැවත දිනාගැනීමට ඔඩිසියස් නැවතත් සිය ශක්තිය සහ ධෛර්යය එකතු කරගෙන සටන් කරන ආකාරය මෙම චිත්‍රපටයේ නිරූපණය වේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,640
    113
    35
    Spain
    අපි බලන්නේ නැහැ. මන් ආපහු පරණ LOTR බලනවා. උන් අලුත් ෆිල්ම් එක ගූ වලක් කරයිද කියල බයයි.
     
    • Like
    Reactions: RealityOfX