AI වලින් ලංකාවේ කම්පැනි කොහොමද ජොබ් රිප්ලේස් කරන්නේ

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,088
    6,401
    113
    ගොඩක් වෙලාවට non-essential වැඩ AI එකෙන් කරන්න පුලුවන් නේ බන්

    අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ 8-10 ටීම් එකක් හිටියා data cleanup වැඩ වලට. (ගොඩක්ම ටෙක්නිකල් නෙමෙයි ඒ උනාට තරමක් ටෙක්නිකල් knoledge එකක් තිබුනු එවුන්). client ගෙ 1M විතර ප්‍රොඩක්ට් තියන ශොපින් සයිට් එකක් තියෙන්නෙ
    ඒවයෙ ප්‍රොඩක්ට් වල විස්තර කෙලින්ම හදන එවුන්ගෙ කැටලොග් වලින් auto fil කරලා තියෙන්නෙ
    ඕව සමහර වෙලාවට අවුල් යනවා. කැටලොග් අප්ඩේට් උනාම හරියට අප්ඩේට් වෙන්නෙන නැති වගේ සීන් තිබුනා. සමහ වෙලාවට කැටලොග් එකේ තියන විස්තර මදි, එතකොට
    හරියට ප්‍රොඩක්ට් එක ගැන බලලා අප්ඩේට් කරන්න ඕන. එක ප්‍රොඩක්ට් එකක් ගත්තාම attribute 200-300 තියෙන්න පුලුවන්, ඒව සේරම හරියට බලලා අප්ඩේට් කරන්න ඕන
    buyers ලා ඉන්නෙ B2B එවුන්, ඕඩර්ස් $1M විතර වෙන තනි ඕඩර් එහෙමත් වැටෙනවා.

    product discovery පාට් එක උඩ සම්පූර්ණ බිස්නස් එක තියෙන්නෙ ඒක නිසා උන් data mining, data cleanup, data science වලට ලොකුවට වියදම් කරනවා.

    අපි හෙන සරල සිස්ටම් එකක් හදලා දුන්නා සේරම ටික කියවලා LLM එකකින් ඔය වැඩේ කරලා දෙන්න. මාස දෙකෙන් ටීම් එකම ගෙදර. දැන් වෙන වැඩක් කරපු එකෙක් දාල තියනවා වැඩේ නිකං බලන්න විතරක්. සමහර වෙලාවට AI එකට බැරි උනාම full confidence පිට වැඩේ කරන්න අපි හදලා තියෙන්නෙ human in the loop path එකකට යන්න. අරූට දවසට ප්‍රොඩක්ට් 100ක් විතර තියනවා මැනුවලි වෙරිෆයි කරන්න. ඉතිරි ටික Auto වෙනවා.

    පලවෙනි සැරේ cleanup එකට API cost එක ටිකක් ගියා පස්සෙ incremental cost එක හෙන පොඩි ගානක් යන්නෙ. client පට්ට හැපී. දැන් වෙබ්සයිට් එකේ ලොකූ බැනර් එකක් දාල තියනවා AI assited product discovery කියලා.

    ඔය වගේ තමයි බන්
    සමහර දේවල් තියනවා නිකන්ම AI එකක් දාල විසඳන්න පුලුවන් දේවල්
    ඒව කෙලින්ම රීප්ලේස් කරලා දාන්න පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,061
    20,639
    113
    හස්තිශෛලපුර

    LLM or agent?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,401
    113
    LLM or agent?
    Agent කෙනෙක් කියන්න බැරි තරමට සරලයි බන්
    ඒකයි මම Agent කියලා කිවුවෙ නැත්තෙ.

    ප්‍රොඩක්ට් ටික site එකට feed වෙන pipeline එකක් තියනවා, ඒක මැදට ඔය cleanup step ටික දාල තියෙන්නෙ. නිකන් LLM API Call සෙට් එකක් යන්නෙ. ඒවත් pre-defined එවා. අපිට output එක පුලුවන් තරම් deterministic වෙන්න ඕන, ඒකත් එක හේතුවක් ෆුල්ම agentic path එකකට යන්න නැති වෙන්න
     
    LLM eka ubalage data use karanawa neh, self learn karanna.. Security case ekak nadda
     
    • Like
    Reactions: Shamal3001

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,401
    113
    LLM eka ubalage data use karanawa neh, self learn karanna.. Security case ekak nadda
    Commercial sell කරන උන් API call වලට එහෙම කරන්නේ නෑ කියලා තමා කියන්නේ.
    අපේ කොහොමත් public data
    product data ටික පබ්ලික් නේ, manufaturer ගෙ සයිට් එකේ තියනවා නැත්තං කැටලොග් එක ඉල්ලුවම එවනවා
    එතන රිස්ක් එකක් නැහැ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,401
    113
    @infernocus Uba AI Engineer kenek da? oya wage dewal karanna kohomada machan improve wenne?? advise tikak deepanko..mamath interest oya subject ekata
    නැහැ බන්
    මම Engineering manager/Archi වගේ ඉන්නෙ
    මොකක් හරි වැඩක් ඕන උනාම බලලා ඉගෙන ගන්නෙ බන්. එහෙම නැත්තං AI ම කරන dev ලා ඉන්නවා උන් එක්ක සමහර වැඩ වලට discussion දානවා එතකොට අපිට තේරෙනවා අපි දන්නෙ නැති ටික සමහර ඒවා උන්ගෙන්ම අහගන්නවා එහෙම නැත්තං ඒවා note දාගෙන පස්සෙ කියවලා බලනවා
    Claude එකට නං teach skill එකත් තියනවා ඒවත් යූස් කරනවා දැන්
    එහෙම එක විදියක් කියලා මම කරන්නෙ නැහැ එන එන විදියට ඉගෙන ගන්නවා දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,631
    113
    @infernocus Uba AI Engineer kenek da? oya wage dewal karanna kohomada machan improve wenne?? advise tikak deepanko..mamath interest oya subject ekata
    මගේ suggestion එක.

    Software එකකට නෙ LLM දාන්නේ. LLM වලින් replace වෙන්නේ intelligent part එක. අනික් ටික normal algorithm. මුලින් ඔය දෙක වෙන් කරගෙන deterministic කොටස් ටික මුලින් කරන්න. ඊට පස්සේ LLM වල part එක මනුස්සයෙක් කරා නන් කොහොමද කරන්නේ කියලා හිතලා ඒ විදියට LLM එකේ prompt ටික ලියලා අර හදපු software එකත් එක්ක bind කරන්න.
     
    • Love
    Reactions: Shamal3001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,631
    113
    MCP Server එකක් හදල API through AI Agent connect කරාම වැඩේ හරි. AI ට data read කරන්න බැරි වෙනව.
    ඒක එහෙම්ම කියන්න බෑනේ. API එකෙන් expose වෙන ප්‍රමාණය අනුව තමා. LLM එක ඒ API data කොහොමත් read කරනවානෙ.
     
    • Like
    Reactions: Shamal3001

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,078
    4,182
    113
    Sri Lanka
    ඒක එහෙම්ම කියන්න බෑනේ. API එකෙන් expose වෙන ප්‍රමාණය අනුව තමා. LLM එක ඒ API data කොහොමත් read කරනවානෙ.
    ඒවට limitation, කෝච්චරක් exposed වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ගොඩක් දුරට අවුලක් වෙන්නෙ නෑ.