බලනකොට අඳ බාලයෝ චූන් වෙච්ච කිසිම දේකින් විශේෂ රටට වාසියක් නැහැ

ජනාධිපති මන්දිරවල කවුද හොඳටම කලේ කියලා බලමු.
විගණනකාධිපතිනි කියනවා ජනාධිපති මන්දිර 07න් හතරක 2025 වර්ෂයට විතරක් නවාතැන් ගත් අය සංඛ්‍යාව 3089 යි.
ඊලඟට 2025 වර්ෂයට ජනාධිපති මන්දිර හතට රැස්වීම් තුනක් විතරක් තියලා එකේ නවාතැන් ගත්ත අයට විතරක් විදුලිය,දුරකථන ගාස්තු සහ අනෙකුත් වියදම් සඳහා ගිය වියදම රුපියල් තුන්කෝටි විසිනම ලක්ෂ අසු දෙදහස් හයසිය හැත්තෑ පහක් කියලා.
ඊටපස්සේ එකෙන් මෙලෝ රැස්වීමක් හෝ නවතැන් ගැනීමක් නැතුව කතරගම, බෙන්තර,මහියංගනය ජනාධිපති මන්දිරවලට විතරක් විදුලිය,දුරකථන සහ අනෙකුත් වියදම් වලට රුපියල් විසි හතර ලක්ෂ හතලිස්දහස් හතිසිය පනස් හතරක් ගිහිල්ලා තියවනවලු.
ආතල්ම කතාව කියන්නෙ ජනාධිපතිගේ මාධ්‍ය අංශය.
එයලා කියනවා ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා කියලා.
මේක කියන්බේ ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
2025 වසර තුළ එම පරිශ්‍රයන්හි රැඳී සිට ඇත්තේ ආරක්ෂක අංශ, ජනාධිපති මාධ්‍ය අංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පමණයිලු.
නිලධාරීන් පවා රැඳී සිට ඇත්තේ ප්‍රධාන ජනාධිපති මන්දිර තුළ නොව, එම මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් අනුබද්ධිත වෙනත් බාහිර ගොඩනැගිලිවල වලලු.
කිසිදු බාහිර පුද්ගලයෙකු හෝ රාජකාරි සඳහා පැමිණි නිලධාරියෙකු ප්‍රධාන ජනාධිපති මන්දිර ගොඩනැගිලි තුළ නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය තරයේ අවධාරණය කරනවා.
හිතන්න මේ ජනාධිපති මාධ්‍ය අංශයේ සැට් එක හිතන් ඉන්නෙ ජනාධිපති මන්දිරය කියන්නෙ අදාල ගොඩනැගිල්ල විතරයි කියලා.
ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගොඩනැගිලිත් ජනාධිපති මන්දිරයට අයිති කියලා නොදන්න අය තමා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්නෙ.
ආතල්ම වැඩේ ඕක නෙමේ.
ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් සහෝදරයා කාලේ කිව්වේ ජනාධිපති මන්දිර නඩත්තුවට ජනතාවගේ විශාල මුදලක් නිරපරාදේ වැය වෙනවා.
ඒ නිසා මේවා සංචාරක බංගලා කරනවා.
කරලා ආදයම් උපදවනවා කියලා.
නිකමට හොයලා බැලුවම 2020/2021/2022/2023/2024 වර්ෂ වල ජනාධිපති මන්දිර හතේම රැස්වීම් බර ගාණක් තියලාත් නඩත්තුවට කීයක් ගියාද කියලා ආවේ මෙහෙම.
2020 වර්ෂයට ️සමස්ත නඩත්තු වියදම රුපියල් කෝටි 3.47යි.
2021 වර්ෂයට ️සමස්ත නඩත්තු වියදම රුපියල්
කෝටි 2.88යි.
2022 වර්ෂයේ ජනාධිපති මන්දිර නඩත්තුවට රුපියල් කෝටි 2.56යි.
2023 වර්ෂයේදී රට පුරා පිහිටි ජනාධිපති මන්දිර 7 හිනඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා වැය වූ සමස්ත මුදල රුපියල් කෝටි 3.74 ක්.
2024 වර්ෂයේදී දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර 7 හි (නිල නිවාස හැර) නඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා වැය වූ සමස්ත මුදල රුපියල් කෝටි 2.31ක්.
ලස්සනම වැඩේ මේ වියදම වල අගයන් කියන්නෙ අගමැතිනි හරිනි.
2025 වර්ෂයේදී රැස්වීම් තුනක් තියලා ජනාධිපතිතුමාත් යන්නෙ නැතුව ජනාධිපතිගේ මාධ්‍ය අංශය කියන විදියට වටේ බිල්ඩින් වල විතරක් කට්ටිය ඉඳලා ගිය වියදම රුපියල් කෝටි විගණනකාධිපතිට අනුව රුපියල් කෝටි කෝටි 3.29යි.
සරලව කිව්වොත් ජනාධිපතිත් ගිහිල්ලා කලින් වගේ රැස්වීම් තිබ්බොත් එහෙම 2025 වියදම කෝටි 04 පනින්න පුළුවන්.
මෙකෙන් පේන්නෙ ජනාධිපති මන්දිර ගැන මවපු බිල්ලගෙ සයිස් එක.
ඒ කියන්නේ මේ ආණ්ඩූව ආවට පස්සෙ මුකුත් නොකරත් තිබ්බටත් වඩා ජනාධිපති මන්දිර වල වියදම් වැඩිවෙලා.
බලං ගියාම වැඩේ යටින් ගිහිල්ලා හොඳටම කරලා වගෙ පේනවනෙ.
ඔන්න ඕකයි කිව්වේ මේ ආණ්ඩූව බලේට ආවේ ඇන්දීමේන්ම කියලා.
චිරාත් උයනහේවා
#හෝදන්නඑන්න #වැඩේයටින්ගිහිල්ලා #ඕංඔහොමයිඋනේ #ඩෝබිලාඇවිස්සෙනපෝස්ට්
ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගොඩනැගිලිත් ජනාධිපති මන්දිරයට අයිති කියලා නොදන්න අය තමා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්නෙ.
ආතල්ම වැඩේ ඕක නෙමේ.
කරලා ආදයම් උපදවනවා කියලා.
කෝටි 2.88යි.
බලං ගියාම වැඩේ යටින් ගිහිල්ලා හොඳටම කරලා වගෙ පේනවනෙ.
චිරාත් උයනහේවා
#හෝදන්නඑන්න #වැඩේයටින්ගිහිල්ලා #ඕංඔහොමයිඋනේ #ඩෝබිලාඇවිස්සෙනපෝස්ට්
Last edited: