මන්නාරමේ ඇටකටු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මන්නාරමේ ඇටකටු (2019/03/18)

    මන්නාරමේ සමූහ මිනී වළවල් පිළිබඳ වාර්තාව ලැබෙන තුරු දෙමළ ජාතිවාදීන් බලා සිටියේ එළුවාගේ මොකක් ද එක වැටෙන තෙක් වගේ. මේ දෙමළ ජාතිවාදීන් ගණයට අයත් වන්නේ දෙමළ කතා කරන ජනයා පමණක් නොවෙයි. සිංහල දෙමව්පියන්ගේ දරුවන් ලෙස හැදී වැඩී පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හසුව සිංහල බෞද්ධ විරෝධීන් වූවන් ද දෙමළ ජාතිවාදීන්. මෙරට දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන ලක්‍ෂණය සිංහල බෞද්ධ විරෝධී වීම හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො දීම.

    කොහොම හරි මන්නාරම් කාල නීර්ණ වාර්තාව ලැබුණා. ඒක සිංහල බෞද්ධයන් පිළියෙළ කළ එකක් නො වෙයි. අර කියන්නා වගේ පිළිගත් රටක පිළිගත් ආයතනයක වාර්තාවක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බටහිර විද්‍යාවේ ක්‍රමවේදය යොදා ගනිමින් නිකුත් කළ වාර්තාවක්. ඒත් දෙමළ ජාතික සංධානයට ප්‍රශ්න තියෙනවා. එක් මන්ත්‍රීවරයකු කියල තිබුණා ඒ කාල නීර්ණය පිළිගන්න බැහැ කියලා. වාර්තාවට අනුව ඒ ඇටකටු 1492- 1719 අතර කාලයකට අයත්. අප පාසල් යන කාලෙ පෘතුගීසීන් ලංකාවට ඇවිත් තිබුණෙ 1505 දි. මේ වන විට එය 1506 වෙලා. අවුරුද්දක වෙනස එතරම් දෙයක් නො වෙයි. කොහොමටත් පඬියන්ට එල්ලෙන්න තැනක් තියෙනවා. 1492 සිට 1505/6 දක්වා මෙරට පෘතුගීසීන් ඉඳලා නැහැ.

    ඔය සමූහ ඝාතන ඒ අවුරුදු දහතුනක දහහතරක පමණ කාලයෙ දි සිද්ධ වෙන්න ඇති. ඒ කාලෙ කෝට්ටෙ රජ්ජුරුවො අටවැනි පරාක්‍රමබාහු. ඒත් දැන් තමයි හත්වැනි පරාක්‍රමබාහු ඉන්නෙ. ඔය ඝාතන අටවැනි පරාක්‍රමබාහු රජුගෙ කාලෙ (1484-1518) කියල මතයක් හදන්න බැරි ද? මන්නාරමේ හිටිය මුස්ලිම් හරි දෙමළ කතාකරන ජනයා හරි ඝාතනය කරා කියල කතාවක් හදන්න බැරි ද? හේතුවක් ඕනෙ නැහැ. සිංහල බෞද්ධ කෘරත්වය කිව්ව ම මදැයි.

    ඔය ඉන්න ඉතිහාසඥයන් ලවා ඒක කරවන්න බැරි නම් මෙච්චර කලක් විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්නපු එකේ තේරුම මොකක් ද? ඒ කාලය ලන්දේසි එන්න කලකට කලින්. ඒ නිසා නෙදර්ලන්තෙට ඇරල ඊනියා පර්යේෂණයක් කරවන්න බැහැ. පෘතුගාලයට ඇරියත් වැඩක් වෙන්නෙ නැහැ. ඒකට කමක් නැහැ අපි ක්වේරොස් මොනවද ලියල තියෙන්නෙ කියල ටිකක් හොයල බලමු. දැන් කියයි ක්වේරොස් ලංකාවට ආවෙ නැහැ කියල. ඒත් ක්වේරොස් ඕව ලියන්න ඇත්තෙ හිතුමතේට වෙන්න බැහැ. ලංකාවට ආ ගිය අයගෙන් එතුමාට විස්තර ලැබෙන්න ඇති. අනෙක් අතට පඬියන් ඒ කාලෙ ලංකාවෙවත් පෘතුගාලයේවත් හිටියැයි. ඔවුන් ලියන්නෙත් එක් එක් අයගෙ වාර්තා අරගෙන. එහෙම නැත්නම් වෙනත් සාධකයක් අරගෙන. ඉතිහාසය ලිවීමේ දී ජනප්‍රවාදත් වැදගත් වෙනවා. පරස්පර අඩු ඉතිහාස කතා තමයි අපි හොයන්න ගොතන්න ඕන. පඬියන්ට කතා ගොතනවා කියන එක තේරෙන්නෙ නැහැ. ඒ නිසා ඒක ගැන කතා කරන්න ඕන නැහැ.

    මේ ක්වේරොස් කියන්නෙ ෆ්‍රැන්සිස්කානු පෘතුගීසි පූජකවරයෙක්. ෆර්නාඔ ද ක්වෙරොස් පියතුමා කියල තමයි කියැවෙන්නෙ. යාපනයෙ ස්වාධීන රාජ්‍යයක් කිසි දවසක තිබිල නැහැ. එහෙම තිබුණ කියන්නෙ සුවාදීනයන් විතරයි. අපි පස්සෙ ඕන නම් යාපනයෙ ඉතිහාසය ගැන ලියමු. එහෙ තිබුණ ආර්යචක්‍රවර්ති රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටෙ හරි රාජ්‍යයන්ට කප්පන් ගෙවූ රාජ්‍යයක්. ඒ රාජ්‍යයත් හයවැනි පරාක්‍රමබාහු (1412-1467) කාලෙ දී, එනම් 1449 දි ඉවර වුණා. ඉන්පසු සපුමල් කුමාරයා යාපනයෙ හයවැනි පරාක්‍රමබාහු රජුගෙ යුවරජු වගේ කටයුතු කළා. අදත් නල්ලූර් කෝවිලේ සපුමල් කුමරුට ස්තෝත්‍ර ගයනවා. සපුමල් කුමරු හයවැනි පරාක්‍රමබාහු රජුගෙ මරණයෙන් පස්සෙ කෝට්ටෙට ඇවිත් හයවැනි බුවනෙකබාහු නමින් රජවුණා. සපුමල් කුමරු යාපනෙන් එන විට තම නියෝජිතය ලෙස පාණ්ඩ්‍ය සම්භවයක් ඇති පරරාජසේකරම් කියල කෙනකු යාපනය පරිපාලනය සඳහා පත් කළා. පරරාජසේකරම්ට අවුරුදු පතා ඇසළ පෙරහැරට ඇතුන් දහ දෙනකු එවන්න තිබුණා. අර පඬි පැටික්කියො එකල හිටිය නම් ඇතුන්ගෙ ඇත්අයිතිවාසිකම් වෙනුවෙන් බෙල්ලෙ වැලළා ගන්නවා. නීතිපති පරරාජසේකරම්ට විරුද්ධව නඩු දාන්නත් තිබුණ. නීතිපතිට අගවිනිසුරුකම ලැබෙයි ද? ව්‍යවස්ථා සභාව වෙනස් කරන්න මහින්ද කිසිම උත්සාහයක් ගන්නෙ නැත්තෙ ඇයි? තාමත් විපක්‍ෂ නායක සම්බන්ධන් ද? ව්‍යවස්ථා සභාවට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ.

    පරරාජසේකරම්ට නුවර කාලෙ වචන යොදා ගත්තොත් යකඩ දෝලියකුත් සිටියා. ඒ යකඩ දෝලියගෙන් ලැබුණු පුතා තමයි සංකිලි. ඔහු 1519 දී යාපනයෙ බලය අල්ල ගත්තා. ඔහු පෘතුගීසීන්ට විරුද්ධ වුණා. විදිය බණ්ඩාරත් ඔය කාලෙ මායාදුන්නෙගෙන් බේරෙන්න යාපනයට ඇවිත් හිටියා. වීදිය බණ්ඩාර ව්‍යාජ දන්ත ධාතුන් වහන්සේ නමක් රැගෙන ගියා කියලයි සඳහන් වෙන්නෙ. ඒ රජකම සඳහා. සැබෑ දන්ත ධාතුන් වහන්සේ රැක බලාගෙන තියෙන්නෙ කීරවැල්ලෙ පරම්පරාවෙ අය. 1840න් පස්සෙ තමයි ඉංගිරිසින් දියවඩනෙ නිළමෙ කෙනෙක් පත් කරල ඒ කීරවැල්ල සම්ප්‍රදායත් 1815 ගිවිසුමත් කැඩුවෙ.

    සංකිලිත් ව්‍යාජ දන්ත ධතුන් වහන්සේ තමා භාරයෙ තබා ගැනීමට කැමති වුණා. ඒ ඔහු කෝට්ටෙ ට යටත් නිසාත් සිංහල බෞද්ධ උරුමයන් හා සම්ප්‍රදාය රැකීමට බැඳී සිටි නිසාත්. එහෙත් ඔහු වීදිය බණ්ඩාරට බයෙන් හිටියෙ. සංකිලි 1556 දි අනතුරක් ලෙස පෙනෙන අයුරින් වීදිය බණ්ඩර මැරෙව්වා. එයට යාපනයෙ දෙමළ කතා කරන ජනයාත් විරුද්ධ වුණා. ඔවුන් ගෝවෙන් සිංහල කුමාරයකු ඉල්ලා සිටියා. ඒ සිංහල කුමරු වසූරිය හැදී මිය ගියා. යාපනයෙ ඒ කාලෙ බහුතරය සිංහලයන් බව ක්වෙරොස් කියනවා.

    අපේ කතාවට සෘජුව ම වැදගත් වෙන්නෙ වෙනත් සිද්ධියක්. පෘතුගීසීන් පරවර නමින් හැඳින්වුණු ධීවර ජනතාවක්, හත්සිය දෙනකු පමණ මන්නාරමේ පදිංච කරල තියෙනවා. මුතු සඳහා කිමිදීම ඔවුන්ගේ කාර්යයක් වුණා. ඔවුන් කතෝලික ආගමට හරවන ලද අය. සංකිලි ඔවුන්ට හින්දු ආගම වැළඳ ගන්නා ලෙස කිවුවා. ඔවුන් එසේ කෙළේ නැහැ. සංකිලි එවිට 1544 දි ඒ සියල්ලන් ඝාතනය කළා. ඔය කාලෙ මන්නාරමේ කන්‍යාරාමයක් තිබුණු බවත් කුසුමාසන දේවිය පසු කලෙක එහි ඉගෙනුම ලැබූ බවත් කියැවෙනවා.

    සංකිලි පසුව යාපනයේ බෞද්ධයන් ද සමුහ ඝාතනයට ලක් කර තිබෙනවා. එකල යාපනයේ බෞද්ධයන් සියල්ල සිංහලයන්. මේ ඝාතන ගැන රාසනායගම් සඳහන් කරනවා. ඒ සමූහ මිනී වළවල් වේ නම් ඒවත් හොයා ගන්න කටයුතු කරන්න ඕන. කෙසේ වෙතත් පෘතුගීසීන් සංකිලි පරාජය කළා. 1560 දී බ්‍රගැන්සා යටතේ පෘතුගීසී හමුදා යාපනයට යද්දී ඔවුන්ට සිංහලයන්ගෙ මළ සිරුරු හම්බ වෙලා තියෙනවා. සංකිලි යටත් වී 1560 දී පෘතුගීසීන් සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම තියෙන්නෙ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. එහි තේරුම යාපනය කෝට්ටෙ රාජධානිය යටතෙ තිබුණ බවත් දිවයිනේ රාජ්‍ය භාෂාව (සංකල්පය නැතත්) සිංහල බවත් ගිවිසුම කෝට්ටෙ රජුට පෙන්විය යුතු බවත්. සංකිලි 1561 දී ඔහුගේ පුතකු අතින් මැරුම් කෑව. ඒ පුතා පුවිරාජසිංහම් නමින් පෘතුගීසීන් වෙනුවෙන් යාපනය පරිපාලනය කළා.

    මේ ඉතිහාසය ගැන බොහෝ දෙනා නිහඬයි. අද පඬියන් කරන්නේ සිංහලයන්ට ඇති සියලු උරුම මකා දැමීමට කටයුතු කිරීමයි. මන්නාරමේ ඝාතන ගැන ලිඛිත ව ඉහත සඳහන් කරුණු තියෙද්දි ඉතිහාසඥයන් නිහඬ වන්නෙ සංහිඳියාව වෙනුවෙන් වෙන්න පුළුවන්.

    ඉහත සඳහන් විස්තරය ලියල තියෙන්නෙ පෘතුගීසි හා රාසනායගම් ලිපි ඈසුරෙන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් කියන අනෙක් සියල්ලත් හරි කියල. පෘතුගීසීන් තමන් සිංහල බෞද්ධයන් මරා දැමූ හැටි කියන එකක් නැහැ. මන්නාරම් ඇටකටු කාගෙ ද කියන්න ඉහත සපහන් විස්තරයෙන් උපකාරයක් ලෑැබනවා. ඒ පෘතුගීසීන් මුතු කර්මාන්තය සඳහා ගෙනා පරවර කතෝලික ජනයාගෙ කියන එකත් ඝාතකයා සංකිලි බවත් තමයි වෙනත් සාක්‍ෂි නැත්නම් දැනට පිළිගන්න වෙන්නෙ. වෙනත් සාක්‍ෂි තියෙනව නම් ඒ විභාග කරන්න පුළුවන්. ජනප්‍රවාද වුනත් ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රවාදයක් වුණත් කතන්දරයක් පමණයි. අවශ්‍ය වන්නේ සංගත කතන්දරයක්. ඉහත විස්තරය සංගතයි.

    - නලින් ද සිල්වා ඇදුරුතුමා
    2019/03/18
    http://www1.kalaya.org/2019/03/blog-post_18.html
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382
    113
    නලින් ද සිල්වා කියන බැල්ලිගෙ පුතා ලියපු කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ !!!

    මහලොකු දේශප්‍රේමියාගේ ළමයි ජීවත් වෙන්නේ ඇමරිකාවේ 😂
     
    • Dislike
    Reactions: Dharatha and jjpala

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382
    113
    තාත්තා දේශප්‍රේමී උනාම ලමයිනුත් එහෙම වෙන්න ඕනද ඉතින් 👀

    Yes.
    මූ ලංකාවේ අහිංසක පොඩි උන්ගේ ඔලුවලට දැම්මේ
    "ලංකාව තමා ලෝකේ සුපිරිම රට" ,
    "බටහිර විද්‍යාව වැඩක් නෑ" ,
    "බෞද්ධ විද්‍යාව" වගේ හුත්තවල් .
    කැරිම විදිහට රටේ තරුණයන්ව brainwash කරා .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සමූහ ඝාතන ඒ අවුරුදු දහතුනක දහහතරක පමණ කාලයෙ දි සිද්ධ වෙන්න ඇති. ඒ කාලෙ කෝට්ටෙ රජ්ජුරුවො අටවැනි පරාක්‍රමබාහු. ඒත් දැන් තමයි හත්වැනි පරාක්‍රමබාහු ඉන්නෙ. ඔය ඝාතන අටවැනි පරාක්‍රමබාහු රජුගෙ කාලෙ (1484-1518) කියල මතයක් හදන්න බැරි ද? මන්නාරමේ හිටිය මුස්ලිම් හරි දෙමළ කතාකරන ජනයා හරි ඝාතනය කරා කියල කතාවක් හදන්න බැරි ද? හේතුවක් ඕනෙ නැහැ. සිංහල බෞද්ධ කෘරත්වය කිව්ව ම මදැයි.
    Carbon dating

    sri lanka talk GIF by Viber
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පරරාජසේකරම්ට නුවර කාලෙ වචන යොදා ගත්තොත් යකඩ දෝලියකුත් සිටියා. ඒ යකඩ දෝලියගෙන් ලැබුණු පුතා තමයි සංකිලි.
    සංකිලිත් ව්‍යාජ දන්ත ධතුන් වහන්සේ තමා භාරයෙ තබා ගැනීමට කැමති වුණා. සංකිලි ඔවුන්ට හින්දු ආගම වැළඳ ගන්නා ලෙස කිවුවා. ඔවුන් එසේ කෙළේ නැහැ. සංකිලි එවිට 1544 දි ඒ සියල්ලන් ඝාතනය කළා. ඔය කාලෙ මන්නාරමේ කන්‍යාරාමයක් තිබුණු බවත් කුසුමාසන දේවිය පසු කලෙක එහි ඉගෙනුම ලැබූ බවත් කියැවෙනවා.
    සංකිලි පසුව යාපනයේ බෞද්ධයන් ද සමුහ ඝාතනයට ලක් කර තිබෙනවා.
    සින්හල භාශාවට සක්කිලි කියන වචනේ එන්න ඇත්තේ ඔය කියපු එකාගෙන් පස්සේ වෙන්න ඇති🤔
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    Ethakota ara rain coat, bag ehema mini ekka tibba kiyanne mkkda bn? Ewa e kale tibbe nehene?
    ඔය @හෙළයෙක් දාලා තියෙන්නේ මන්නාරම් සමූහ මිනී වල ගැන. එක හොයා ගත්තේ 2018. ඕකේ carbon dating කළේ ඇමරිකාවෙන්. එකේදි තමා 1450ත් 1650ත් කියල ආවේ.

    මේ දවස් වල කතා වෙන්නේ යාපනය, චෙම්මනි සමූහ මිනීවල ගැන. එකේ bodies 1994 හා 1996 කියල සැක කරන්නේ.

    දැනට හොයාගත්ත සමූහ මිනීවලවල්

    2013 මන්නාරම, තිරුකේදීශ්වරන්
    2018 මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල
    2023 මුලතිව්, කොක්කුතුඩුවායි
    2025 පෙබරවාරි යාපනය, චෙම්මනි

    එක එක මිනිවලවල් වල එකම කාල රාමුවක් අය නෙවෙයි මිහිදන් කරලා තියෙන්නේ

    දැන් ඉතින් කටු සුප් හදන්න තමා වෙන්නෙ.දෙමල සක්කිලි උඩ තියන් ගියා ඔක.
    ඔය වෙන වලක් ගැන කියන්නේ
    ------ Post added on Aug 16, 2026 at 6:04 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    ඔය @හෙළයෙක් දාලා තියෙන්නේ මන්නාරම් සමූහ මිනී වල ගැන. එක හොයා ගත්තේ 2018. ඕකේ carbon dating කළේ ඇමරිකාවෙන්. එකේදි තමා 1450ත් 1650ත් කියල ආවේ.

    මේ දවස් වල කතා වෙන්නේ යාපනය, චෙම්මනි සමූහ මිනීවල ගැන. එකේ bodies 1994 හා 1996 කියල සැක කරන්නේ.

    දැනට හොයාගත්ත සමූහ මිනීවලවල්

    2013 මන්නාරම, තිරුකේදීශ්වරන්
    2018 මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල
    2023 මුලතිව්, කොක්කුතුඩුවායි
    2025 පෙබරවාරි යාපනය, චෙම්මනි

    එක එක මිනිවලවල් වල එකම කාල රාමුවක් අය නෙවෙයි මිහිදන් කරලා තියෙන්නේ


    ඔය වෙන වලක් ගැන කියන්නේ
    ------ Post added on Aug 16, 2026 at 6:04 PM
    Dn chemmani aerenna anit thuna ape army ekata link wena ewa tibbada bn? Chemmani eka witarai neda army eke kenekge sakshiyak ekka yanne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    දැන් ඉතින් කටු සුප් හදන්න තමා වෙන්නෙ.දෙමල සක්කිලි උඩ තියන් ගියා ඔක.

    මේ පරණ එකක්නේ. අද ඊයේ හම්බුන චෙම්මනි මිනී වල ගැන නෙමෙයිනේ මේ කියන්නේ. 🤔
     
    • Like
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    Dn chemmani aerenna anit thuna ape army ekata link wena ewa tibbada bn? Chemmani eka witarai neda army eke kenekge sakshiyak ekka yanne.
    සූරියකන්ද සමූහ මිනීවල 300ක් කියල කිව්වට ඒ කාලේ එකේ කැණීම් මඟ නැවැත්තුවා දේශපාලන බලපෑම් නිසා. මේකේ වරදකරුවෝ කියල හිරේ දාපු අය දැන් නිදහස්

    මාතලේ රෝහල සමූහ මිනීවල - මිනී 155 එකේ රාජ් සෝමදේවත් කැණීම් කළා. ඕකත් හරියට කරන්න දුන්නේ නෑ ආණ්ඩුවෙන්

    මේ දෙකම 88/89 කලබල කාලේ හමුදාවෙන් මරපු මිනිස්සු කියල කියන්නේ.

    මිරුසුවිල් ඝාතනය නම් උබල දන්නවා ඇතිනේ දෙමළ මිනිස්සු 8 ක් මරලා වල දාපු එක. දිගුදුර විහිදුම් බලකායේ සුනිල් රත්නායකට මරණ දඬුවම හම්බුනා. ගෝඨා ඊට පස්සේ ජනාධිපති සමාව දුන්නා

    ඉතුරු මන්නාරම් වල තියෙන දෙකම පෘතුගීසි කාලේ සමුල ඝාතන
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    සූරියකන්ද සමූහ මිනීවල 300ක් කියල කිව්වට ඒ කාලේ එකේ කැණීම් මඟ නැවැත්තුවා දේශපාලන බලපෑම් නිසා. මේකේ වරදකරුවෝ කියල හිරේ දාපු අය දැන් නිදහස්

    මාතලේ රෝහල සමූහ මිනීවල - මිනී 155 එකේ රාජ් සෝමදේවත් කැණීම් කළා. ඕකත් හරියට කරන්න දුන්නේ නෑ ආණ්ඩුවෙන්

    මේ දෙකම 88/89 කලබල කාලේ හමුදාවෙන් මරපු මිනිස්සු කියල කියන්නේ.

    මිරුසුවිල් ඝාතනය නම් උබල දන්නවා ඇතිනේ දෙමළ මිනිස්සු 8 ක් මරලා වල දාපු එක. දිගුදුර විහිදුම් බලකායේ සුනිල් රත්නායකට මරණ දඬුවම හම්බුනා. ගෝඨා ඊට පස්සේ ජනාධිපති සමාව දුන්නා

    ඉතුරු මන්නාරම් වල තියෙන දෙකම පෘතුගීසි කාලේ සමුල ඝාතන
    Thanks for the info mcn.
    Ethakota chemmani eka dn yana widiyata army eke ekk kiyala oppu wigenada yanne?
     
    • Like
    Reactions: NRTG