ඇත්තටම මේ තරුණ ළමයා කතා කරන විලාසය සහ හැසිරීම දිහා බැලූ බැල්මටම ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා ඇය සමාජය ගැන ලොකු අවබෝධයක්, පරිණත බවක් නැති සරල චරිතයක් බව. ඇය මේ ප්‍රකාශ කරන්නේ තමන්ගේම හදවතින් එන වචන නෙවෙයි; තිරය පිටුපස ඉන්න කවුරුන් හෝ ලියලා දීපු, හොඳට කටපාඩම් කරවපු "ව්‍යාජ හෑල්ලක්" කියවන බව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න අමාරු නැහැ.
සමාජ මාධ්‍ය හරහා ඇය මුහුණ දුන් අසාධාරණය දැකලා මුළු රටේම ජනතාව ඇය ගැන අනුකම්පාවෙන් කතා කරද්දී, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් පවා ඉදිරිපත් වෙලා ඇයට සාධාරණයක් කරන්න නොමිලේම සත්කාර කරලා ලස්සන Dressing එකක් කරලා දෙන්න සූදානම් වෙද්දී තමයි මේ කුහක නාට්‍යයේ දෙවැනි කොටස පටන් ගත්තේ
තමන් ළඟම ඉන්න අය බය වුණා ඇය ප්‍රසිද්ධ Salon එකකින් ලස්සනට හැඩවෙලා තවත් Viral වෙයි, ඇයට සමාජයේ හොඳ තැනක් ලැබෙයි කියලා...
සමාජ මාධ්‍ය තුළ පෙර ඇයට විරුද්ධව කිසිම කෙනෙක් වෛරී ප්‍රකාශ කළේ නෑ. මුළු රටම එක හඬින් හිටියේ සැලොන් එක වැරදියි කියන මතයේ..
හැබැයි අවාසනාවකට, ළඟින්ම ඉඳන් "උදව් කරනවා" වගේ පෙන්වපු අය කළේ, මුළු සිදුවීමේම වැරදිකාරිය සහ ‘Enemy’ එක බවට මේ ඇය පත් කරලා, Salon එක ‘Hero’ වෙන්න ඇයව ඉතාම සූක්ෂ්ම විදිහට පාවිච්චි කරපු එක.
තමන්ගේ වාසිය වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිල්ලට දෙන මෙවැනි ක්‍රියාවන් සමාජීය මෙන්ම සදාචාරාත්මක අගයන් මුළුමනින්ම විනාශ කර දමනවා.
ඔයා යූස් වෙලා කියලා ඔයාට තේරෙනකොට මුළු සමාජයම ඔයාට විරුද්ධව නැගී සිට හමාරයි..
Source